(යොහාන් භාසුර)
සියලුම දුම්රිය ස්ථානවල ප්‍රවේශපත් නිකුත් කිරීමේ කටයුතුවලින් දුම්රිය ස්ථානාධිපතිවරු අද (23) පස්වරු 6.00 සිට ඉවත් වූ බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පැවසීය.
දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදු කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරු කටයුතු කරනු ලබන අතර පාර්සල් ප්‍රවාහන කටයුතු මෙන්ම කලින් ආසන වෙන් කිරීමේ කටයුතුවල දුම්රිය ස්ථානාධිපතිවරුන් නියැලෙන්න බව ද චාමර මහතා සඳහන් කළේය.
රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ ජනතාව පීඩාවකට ලක්ව සිටින මොහොතක මේ දක්වා සේවය සපයන එකම රාජ්‍ය ආයතනය දුම්රිය දෙපාර්තමේන්තුව බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ පරිපාලනමය දෝෂ නිසා හා වෙනත් ආදායම් උපයාගත හැකි මාර්ගයන් හරහා ආදායම් උපයා ගැනීමට පරිපාලනයේ අදක්ෂතාවය මත දෙපාර්තමේන්තුව දිගින් දිගටම පාඩු ලබන බවත් කසුන් චාමර මහතා සඳහන් කර තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුවේ අලාභය මේ මොහොතේ මගී ජනයා හරහා ලබා ගැනීමට කටයුතු කිරීම අනුමත නොකරන අතර ඉන්ධන මිලට සාපේක්ෂව දුම්රිය ගාස්තුව යම් මට්ටමකට ඉහළ දැමීම පිළිබඳව විරෝධයක් නොමැති බවත් දුම්රිය ගාස්තු සංශෝධනය පිළිබඳව මගී ජනතාව යම් ප්‍රමාණවත් කාලයක් තුල දැනුවත් නොකිරීම නිසා නව ගාස්තු අය කර ගැනීමේදී දුම්රිය ස්ථානාධිපතිවරුන් හා මගීන් අතර ගැටළු පැන නැගීමට බොහෝ සෙයින් ඉඩ ඇති බව බවද සඳහන් කරයි.
බොහෝ දුම්රිය ස්ථානවල සාමාන්‍ය ප්‍රවේශපත් තොග කඩිනමින් අවසන් වන බැවින් ඒ සඳහා විකල්ප හා විසඳුම් ලබා දිමට පාලනාධිකාරිය මේ දක්වා අසමත්ව ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ගාස්තු සංශෝධනය සියයට 60 කින් ඉහල නංවන බව ප්‍රකාශ කිරීම පැහැදිලිවම මගී ජනතාව නොමඟ යවන අසත්‍ය ප්‍රකාශයක් බවත් කසුන් චාමර මහතා කීය.
පෙර රුපියල් 15 ක්ව පැවති ගාස්තුව නව සංශෝධනය මගින් රුපියල් 40 ක් ලෙස සියයට 125 කින් ඉහල නංවා ඇති බවත් ඇතැම් දුම්රිය ස්ථාන අතර නව ගාස්තුව සියයට 350 කින් ඉහල නැංවීමට පාලනාධිකාරිය කටයුතු කර ඇති බවත් ඒ මහතා සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
දුම්රිය ස්ථානාධිපතිවරු ප්‍රවේශපත් නිකුත් කිරීමෙන් ඉවත් වෙති
Saman Saturday, 23 July 2022 09:44 PM
හැමදේම මිල වැඩිවෙද්දී දුම්රිය ගාස්තු විතරක් වැඩි නොවී තියේවිද..? මේ පාඩුව කෝච්චියක් දැකපු නැති අයත් ගෙවනවා ගාස්තු වැඩි නොකළොත් මේ මහත්තුරු කරන වර්ජන ඉතා අසාධාරණයි...
Sad Saturday, 23 July 2022 09:48 PM
දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා කෝච්චියෙන්ද වැඩට යන්නේ...? නැතිනම් එයාගෙම කෝච්චි එන්ජිමකින්ද...? නැතිනම් තිරික්කලේ ඉස්සරහින්ම " "නාස් " ලණුව දාගෙනද? ලිපියකින් ගණුදෙනු කරලා ප්‍රශ්නය විසඳාගන්නේ නැතිව සාමාන්‍ය ජනතාවට කෲරකම් ක්‍රියාවෙන්ම පෙන්වමින්...!
saman Saturday, 23 July 2022 10:12 PM
මේ වගේ මුස්පේන්තු, මොකක් හරි ප්‍රශ්නයක් අරගෙන, ආයතනය වලපල්ලට යන්න ක්‍රියාකරන අය රාජ්‍ය සේවයේ බහුලයි. ඒකෙ ප්‍රතිඵලයක් විදියට තමයි මේ රටට මේ විපත්තිය වෙලා තියෙන්නේ...
බන්ඩා Sunday, 24 July 2022 07:09 AM
තමන්ට තමන්ගේ දරුවන්ට කන්න දෙන තැන වට්ටන මිනිස්සු..!
Prase Sunday, 24 July 2022 08:58 AM
එහෙනම් ජොබ් එකෙන් වැඩක් නෑ. වහා ඉවත් කරන්න. රටේ ජොබ් නැති තරුණයින්ව බඳවා ගන්න.