(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නිවස ඉදිරිපිට මිදුලේ පාපැදියක් පදිමින් සිටි හත් හැවිරිදි දැරියක ඇඟමතට මෝටර් රථයක් වැටීමෙන් බරපතල තුවාල ලබා මියගොස් ඇතැයි මොරගහහේන පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ මොරගහහෙන මිල්ලෑව පොල්වත්ත පදිංචිව සිටි දිනිති සත්සරණි ජෑන්ස් නැමැති දැරියයි.
නිවසට මදක් ඈතින් තිබෙන තරමක කන්දක් සහිත අතුරු මාර්ගයේ සිට අධික වේගයෙන් පැමිණ තිබූ මෝටර් රථය රියදුරුට පාලනය කරගත නොහැකිව දැරිය පදිංචි නිවසේ ගේට්ටුව ද කඩාගෙන මිදුලට කඩා වැදී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.
මෝටර් රථය මිදුලට කඩා වැදීමත් සමගම දැරිය පදිමින් සිටි පාපැදියේ ගැටී එයත් සමග ඉදිරියට ඇදී ගොස් නිවස පිටුපස දක්වා අධික වේගයෙන් ගොස් මෝටර් රථය නැවතී ඇතැයි පොලිසිය කියයි.
මෝටර් රථය එලෙස අධික වේගයෙන් ගමන් කරද්දී නිවසේ බිත්තියක ගැටී කුහරයක් සෑදී ඇතැයි පොලිසිය කියයි.
අනතුරින බරපතළ තුවාල ලද දැරිය හොරණ මූලික රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් තිබී ඇතැයි පොලිසිය කියයි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
මෝටර් රථයක් ඇඟට වැටී කුඩා දැරියක් මරුට
ධනංජය Sunday, 24 July 2022 09:25 AM
ඔබට නිවන් සුව දියණියනි...