IMG-LOGO

පාසල් බස් රථවලට ලංගමෙන් ඉන්ධන

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් සහ වෑන් රථ සඳහා අද සිට දිවයින පුරා පිහිටි සියලු ලංගම ඩිපෝ මගින් ඉන්ධන ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රවාහන අමාත්‍යවරයාට නියෝග කළේය.

ඉන්ධන ගැටලුව සහ එහි ඉදිරි පියවර පිළිබඳ අද (23) පෙරවරුවේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.

දිවයින පුරා ඉන්ධන බෙදාහැරීමේ කටයුතු කඩිනම් සහ විධිමත් කරන ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ පාර්ශ්වයන්ට උපදෙස් දුන්නේය.

අධ්‍යාපන, ධීවර, සංචාරක, කෘෂිකාර්මික කටයුතු සහ පොදු ප්‍රවාහන සේවයේ යෙදෙන පෞද්ගලික සහ රජයේ බස් රථ සඳහා අවශ්‍ය ඉන්ධන බෙදාහැරීම විධිමත් සහ කඩිනම් කිරීම පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

එළැඹෙන සඳුදා සිට දිවයින පුරා පාසල් ආරම්භ කිරීමේදී පාසල් ළමුන් සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැලසීම පිළිබඳ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළේය.

ධීවර, සංචාරක සහ පොහොර බෙදාහැරීම ඇතුළු කෘෂිකාර්මික කටයුතු සඳහා මෙන්ම පොදු ප්‍රවාහන කටයුතු සඳහා ලංගම ඩිපෝ මගින් සහ දිවයින පුරා පිහිටි ත්‍රිවිධ හමුදා කඳවුරුවලදී ඉන්ධන නිකුත් කිරීමට ද තීරණය කෙරිණ.

ඉන්ධන පෝලිම්වල සිට වාහනවලට ලබා ගන්නා ඉන්ධන වැඩි මිලට අළෙවි කිරීමේ ජාවාරම කෙරෙහි ද අවධානය යොමු කෙරුණු අතර ඊට අදාළ වැටලීම් පුළුල් කර අදාළ පුද්ගලයන්ට සහ කණ්ඩායම්වලට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා පොලිසියට උපදෙස් දුන්නේය.

හඳුන්වාදුන් QR කේත ක්‍රමය කඩිනමින් ක්‍රියාත්මක කිරීම කෙරෙහි ද සාකච්ඡා විය. ඉදිරි ඉන්ධන මිලදී ගැනීමේ කටයුතු සහ ඊට අවශ්‍ය මුදල් සපයා ගැනීම පිළිබඳ ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශයේ හා රාජ්‍ය බැංකු නිලධාරීන් අතර සාකච්ඡාවක් ද පැවැත්විණි .

දිවයින පුරා ඉන්ධන බෙදාහැරීද විධිමත්ව කඩිනමින්  කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට    උපදෙස්  දුන්නේය.



අදහස් (5)

පාසල් බස් රථවලට ලංගමෙන් ඉන්ධන

Mo77 Saturday, 23 July 2022 02:13 PM

ලංකාවේ පරිපාලනය අසාර්ථක බව මේ තීරණයෙන් පේනවා.. මොකද මේ තීරණය ගන්න වෙලා තියෙන්නේ ජනාධිපතිට. හරි නම් ලිපිකරුවෙකුට ගන්න පුළුවන් තීරණයක් ජනාධිපති ප්‍රකාශට පත්කරනවා...!

:       1       7

SLSaturday, 23 July 2022 10:21 PM

ලංකාවේ රාජ්‍ය පරිපාලනය ව්‍යවස්තාවෙන්ම කාල දාලා තියෙනවා. නමුත් රාජ්‍ය සේවයේ ඉන්නේ බහුතරයකට තීරණ ගන්න වුවමනාව, හැකියාවක් නැහැ... පුද්ගලික අංශ දියුණු වෙන්නත් (රාජ්‍ය අංශයේ විවිධ හැල හැප්පීම්, පගා ඉල්ලීම් මැද) මේවා තමා හේතු. බහුතර රාජ්‍ය අංශයේ අයට ඕනේ..., අවුරුදු 5-5 ට පර්මිට් ටිකයි, බෝනසුයි, පඩි වැඩි වීමුයි පමණයි. ගෝඨාටත් වුනේ ඕක තමයි. ගොඩක් පහළින් ගතයුතු තීරණ ගත්තේ නැති නිසා ගෝඨාභට ඒවා ගන්න වුණා.

:       0       0

sam Saturday, 23 July 2022 03:46 PM

ඔන්න ඔහොමයි ප්‍රශ්න විසඳන්නේ..! රේල්ලුවට, පුද්ගලික බස්වලටත් මේ විදියටම ලංගමයෙන් තෙල් දුන්නා නම් මේ ප්‍රශ්න මොකවත් ඇති වෙන්නේ නැහැනේ..!

:       3       9

Santhu Saturday, 23 July 2022 08:40 PM

කෙතරම් පිරිසිදු කළත්, බෝක්කු කටවල් වල හිරවුණු කුණු කසල නම් සුද්ධ පවිත්‍ර කරන්න බැහැ කියලා ප්‍රතිචාරවලින් පැහැදිලියි.

:       0       0

lakvidu Sunday, 24 July 2022 06:11 AM

එතකොට තමන්ගේ වාහනවලින් ළමයි ඉස්කෝලෙ එක්කයන අයට මොකද වෙන්නේ..? 

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 18 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 601 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site