(සුජිත් හේවාජුලිගේ)
අධි උද්ධමනකාරී වතාවරණය හේතුවෙන් ආහාර සොරකම් රටේ දෙගුණයකින් පමණ වැඩිවී ඇතැයි පොලිස් ආරංචි මාර්ග වලින් පැවසේ.
වතුපිටිවල ඇති( ගස්කොළන් වල ඇති ) ආහාර ද්‍රව්‍ය සොරකම් කිරීම බොහෝ සේ වැඩිවී ඇතැයි පැවසෙන අතර බොහෝ සිද්ධීන් සම්බන්ධයෙන් පොලිසි වලට කරුණු වාර්තාවී ඇතත් විධිමත් ආකාරයට පැමිණිලි වශයෙන් තොරතුරු ඉදිරිපත්වී නැතැයිද දැනගන්නට ඇත.
එසේම සුපිරි වෙළෙඳසල් ඇතුළු විවිධ ව්‍යාපාරික ස්ථානවලින් ආහාර ද්‍රව්‍ය සොරකම් කිරීමේ සිද්ධීන් දහස් ගණනක්ද මෑත කාලයේදී දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තාවී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
වෙළෙඳසල්වලින් ආහාර ද්‍රව්‍ය සොරකම් කිරීම වැඩිවී ඇති තත්වයක් පෙනෙන්නට ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
එසේම පිසින ලද ආහාර ද්‍රව්‍ය( බත් මුට්ටි වැනි ) සොරකම් කිරීමේ සිද්ධීන් කිහිපයක්ද පසුගිය දිනවල වාර්තාවිය.
වේල් තුන වෙනුවට එක් වේලක් හෝ උපරිම වශයෙන් දෙවේලක් ගන්නා පවුල් සංඛ්‍යාව උද්ධමනකාරී වාතාවරණය හේතුවෙන් ලක්ෂ දහයක් දක්වා වැඩිවී ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලය කළ අධ්‍යයනයකදී පසුගියදා තොරතුරු අනාවරණයවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාම පටන් ගත්තා විතරයි. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට...
අපි දවල්ට නිදියෙලා රෑට ඇහැරලා ඉන්නේ බේස්බෝල්, බැට් තියාගෙන...
සොරකම නම් කොහොමත් හොරකම්ම තමයි. ඒත් ආහාර හොරාකෑම කිව්වාම අයියෝ පව්...!
හොඳ ප්‍රවණතාවයක්...
බැංකු හොරුයි, සුනාමි හොරුයි එකතු වුණාම රට තව තවත් දියුණුවට පත්වෙයි...!
පවුල් කීපයක් එකතුවෙලා හොරකම් කරලා රට බංකොළොත් කළා. දැන් ගමේ හොරුන් එළියට බැහැලා...