IMG-LOGO

පොලිසියේ දෙකකට කැති ප්‍රහාරයක්

(චන්ද්‍රසිරි ගුණසේකර)

පැමිණිල්ලක් විභාග කිරීම සඳහා පිටිගල තලගස්පේ ප්‍රදේශයට  ගිය පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තියුණු ආයුධයකින් පහර දීමෙන් බරපතල තුවාල ලබා  ඇල්පිටිය මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර සැකකරුටද පොලිස් වෙඩිතැබීමකින් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පිටිගල පොලිසිය පවසයි.

මෙම සැකකරු මීට පෙර මිනිමැරුම් ,ස්ත්‍රී දූෂණ ඇතුළු වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින අයකු බවද කියති.

ඔහුට විරුද්ධව තිබූ පැමිණිල්ලක් විභාග කිරීමට ගිය  පිටිගල පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට සහ පොලිස් කොස්තාපල්වරයාට කැත්තකින් පහරදී තුවාල සිදුකර ඇති අතර  සිද්ධිය සැලවිමත් සමග විශේෂ පොලිස් කණ්ඩායමක් සිද්ධිය වූ ස්ථානයට යද්දී සැකකරු පළායාමට උත්සාහ දරා ඇති අතර එම වෙඩිපහරට ලක්වූ සැකකරුද තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

සැකකරු ඇල්පිටිය මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ගාල්ල කරාපිටිය රෝහලට පිටත්කර යැවූ බව රෝහල් ආරංචිමාර්ග පවසයි

.



අදහස් (1)

පොලිසියේ දෙකකට කැති ප්‍රහාරයක්

ravin Saturday, 23 July 2022 04:46 PM

ඔන්න ලෝක අපරාධයක් කරලා.. ඔලුවටම තිබ්බනම් ප්‍රශ්නය ඉවරයි. නඩුත් නැහැ. බඩුත් නැහැ.

:       1       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 18 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 601 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site