(සුජිත් හේවාජුලිගේ )
අරලියගහ මන්දිරය තවම යන්න පුළුවන් තත්වයක නැතැයි නව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
සිද්ධියකින් දෙකකින් රටක් ගැන පැහැදිලි චිත්‍රයක් ඇති කරගත නොහැකි බව පැවසූ ඒ මහතා රජය කටයුතු කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව බවද සඳහන් කළේය .
ජාත්‍යන්තරය ගැන කතා කිරීමට පෙර රටේ අභ්‍යන්තරය ගැන දැනගත යුතු බවත් රජය විදේශ රටවල්වල සහයෝගය ලබා ගැනීමට කටයුතු කරගෙන යන බවත් අගමැතිවරයා කීවේය.
ස්ථිරසාර රජයක් නොමැතිව රටකට ගමන් කළ නොහැකි බවද ඔහු ප්‍රකාශ කළේය .
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
’’අරලියගහ මන්දිරය යන්න පුළුවන් තත්වයක නෑ’’
අවුරුදු 70 කාලය Saturday, 23 July 2022 02:57 PM
සුද්දා රට බාරදීලා අවුරුදු 70 ගෙවිලා ගියා... ඉන්පසු අපේ බලයට පත්වූ හැම රජයක්ම කලේ සුද්දා ගිය දවසේ ඉඳලා රට උගස් කරලා ණය අරගත්තු එක. හැබැයි ඒ ගත් ණයෙන් රට දුවන බව කිසිම ආණ්ඩුවක් එළිකලේ නැහැ එදා පරපුරට...! අද හැත්තෑ අවුරුදු එකතු වෙච්ච පොළියක් එක්ක රට ගෙනියන්න වෙලා තියෙන්නේ! හැබැයි පාර්ලිමේන්තුවේ හිටපු හෝ දැන් ඉන්න මැති ඇමැති මන්ත්‍රි කිසිම කෙනෙක්ට ඒ වෙනුවෙන් පොළියක් ගෙවන්න සිද්ධවෙලා තියෙනවාද..? නැත..! ඇත්ත !! රට දිළිඳු වෙලා..!! ඒත් පාර්ලිමේන්තුවේ හිටපු හෝ දැන් ඉන්න එක මැතිඇමැති මන්ත්‍රී කෙනෙක්වත් දිළිඳු වෙලාද.? ඒක ගෙවන්න වෙලා තියෙන්නේ මතු පරපුරට..! හැබැයි ඔවුනුත් හරිම උදාසීනයි. දෙනකම්ම ලැබෙනකම්ම බලාගෙන ඉන්නවා.. මොබයිල් එකේ කොට කොට..!! පෙළපාලි යන්න ඔවුන් තරම් දක්‍ෂ අපේ විශ්වවිද්‍යාල තරුණයෝ ගැන සඳහන් කරන්න අවශ්‍ය නැත. පාඩම් පොතටවත් ඔච්චර කාලයක් එක දිනකට වෙහෙසලා ඒ තරුණයෝ යොදවනවාද..? පිටරටක නම් " අත වැඩකළොත් තමයි කට වැඩ කරන්නේේ.."
sam Saturday, 23 July 2022 03:00 PM
එහෙ යන ගමන් හොරකම් කරගෙන යන්නයි ඇවිල්ලා තියෙන්නේ... කොහෙද යන්නේ මල්ලෙ පොල්...
ganegoda Saturday, 23 July 2022 03:33 PM
රටට, ජාතියට සේවය කරන්න මන්දිර අවශ්‍ය නැහැ නේද?
BTSaturday, 23 July 2022 07:31 PM
අපොයි අවශ්‍ය නැහැ! පොල් ගහක් යට එරමිණිය ගොතලා බිම වාඩිවෙලා, ලැප්ටොප් එකක් ඔඩොක්කුවේ තියාගෙන කරන්න පුළුවන්. වහින වෙලාවට වැස්ස පිටින් දාලා වැඩ නොකර ඉන්නත් පුළුවන්...
BTSunday, 24 July 2022 12:50 PM
අපොයි අවශ්‍ය නැහැ! පොල් ගහක් යට එරමිණියා ගොතලා බිම වාඩිවෙලා, ලැප්ටොප් එකක් ඔඩොක්කුවේ තියාගෙන කරන්න පුළුවන්. වහින වෙලාවට වැස්ස පිටින් දාලා වැඩ නොකර ඉන්නත් පුළුවන්...
ganegodaSunday, 24 July 2022 01:59 PM
කැමැති නම් ඔයාලගේ ගෙදර එක්කගෙන යන්න...!
BTSunday, 24 July 2022 06:59 PM
"කැමැති නම් ඔයාලගේ ගෙදර එක්කගෙන යන්න...!" - ඉස්සර වගේනම් කාර්යාලයක් පවත්වාගෙන යන්න ඉඩක් දෙන්න තිබුණා. ඒ වුණාට ජනාධිපති මන්දිරයට කඩාපනින හමුදාව පැන්නට පස්සේ ඒක ආදර්ශයට අරගෙන අපේ පැත්තටත් හොරු පැනලා. දොරවල්, ජනෙල් ඔක්කොම බිම. ලී බඩු, විදුලි ලාම්පු විතරක් නොවෙයි, විදුලි සැපයුම දෙන ප්‍රධාන ෆියුස් ටිකත් ගලවාගෙන ගිහින්. මම මේ ප්‍රතිචාර ලියන්නේ දේශපාලන උණ හැදිලා හින්දා නොවෙයි. මට පෙනෙන, මම අත්විඳලා තියෙන දේවල් තුළින් යම්-යම් කාරණා පාඨකයන්ගේ අවධානයට යොමු කිරීමටයි.
Bhanuka Saturday, 23 July 2022 03:37 PM
අපි හැම කෙනෙක්ම ජීවත් වෙන්නේ සාමාන්‍ය ගෙවලවල, මන්දිරවල නෙවෙයි. ඒක නිසා දේශපාලුවන්ටත් මන්දිර අවශ්‍ය නැහැ. දැන්වත් මහා ලොකුවට හිතන්නේ නැතුව තමනුත් සාමාන්‍ය කෙනෙක් කියලා හිතන්න. මිනිසුන් බලාපොරොත්තු වෙන්නේ ඒ වෙනස...
BTSaturday, 23 July 2022 07:49 PM
එලෙස තමාගේ නිවස පමණක් භාවිතා කරමින් කටයුතු කළ ජනාධිපතිවරයෙක් මෑත කාලයේ අපට සිටියා. නමුත් ඔහුගේ සරලකම නිවටකමක් ලෙස සිතූ පිරිසක් නිසා ඔහුට සිය නිවසින් නොව රටින් පවා පිටව යාමට සිදු වුණා. මේ රටේ බහුතරයක් ජනතාවට අවශ්‍ය තමාට වඩා ඉහළින් වැජඹෙන පාලකයෙකි. ඊට හේතුව, යටත් විජිත සමයටත් පෙර සිටම පැවත එන මෙරට සමාජයේ මානසිකත්වයයි.
sweneSaturday, 23 July 2022 10:18 PM
මෙයා දැන් මන්දිර හෙව්වට ඉස්සර ගිරිය පුප්පගෙන හිටපු වෘතිය සමිති නායකයෙක්
BTSunday, 24 July 2022 01:27 PM
"දැන්වත් මහා ලොකුවට හිතන්නේ නැතුව තමනුත් සාමාන්‍ය කෙනෙක් කියලා හිතන්න." තමාගේ පෞද්ගලික නිවස පමණක් භාවිතා කරමින් කටයුතු කළ ජනාධිපතිවරයෙක් මෑත කාලයේ අපට සිටියා. නමුත් ඔහුගේ සරලකම නිවටකමක් ලෙස සිතූ පිරිසක් නිසා ඔහුට සිය නිවසින් නොව රටින් පවා පිටව යාමට සිදුවුණා. මේ රටේ බහුතරයක් ජනතාවට අවශ්‍ය තමාට වඩා ඉහළින් වැජඹෙන පාලකයෙකි. ඊට හේතුව, යටත් විජිත සමයටත් පෙර සිටම පැවත එන මෙරට සමාජයේ මානසිකත්වයයි...
P. Ilangaratne Saturday, 23 July 2022 03:51 PM
එතකොට ඇමැතිවරු අල්ලස්, කොමිස් ගන්නෙත් ව්‍යවස්ථානුකූලවද?
විපරමා Saturday, 23 July 2022 04:35 PM
තමුන් ගැනත් අපි නොදන්නවා නෙවෙයි. රනිල්ට පුලුවන් තරම් දෙස් දෙවොල් තිබ්බා.. අන්තිමට ඔහුගේ නම යෝජනා කෙරුවේ අගමැතිකමට තියෙන තණ්හාව හින්දා... බලලෝභී, බඩගෝස්තරවාදී දූෂිත දේශපාලුවන් ගැන අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ..!
Hafeel Saturday, 23 July 2022 04:38 PM
ස්ථිරසාර රජයක් තියද්දී හරියට ගමන් කළාද? එහෙම හරියට ගමන් කළා නම්, අද රටට මේ ඉරණම වෙන්නේ නැහැ. කොහොමටත් එදා ගෝඨා නැවකට පේන්න වගේ වරාය ආසන්නයේම මන්දිරයක් සොයාගන්න වෙනවා.
Chathuri Saturday, 23 July 2022 05:23 PM
ජනතාවට සේවය කරන්න ඇවිත් මන්දිරවල අඩුපාඩු කියනවද? වැඩ දන්න මිනිහට ගව මඩුව වුණත් එකයි. බැරි නම් යන්න. හිඟන්නන් හිඟාකන්නේ මන්දිරවල ඉඳන් නොවේ...
කමල් Saturday, 23 July 2022 05:57 PM
ලංකාවේ කිසි දවසක සැමට සාධාරණව නීතිය ක්‍රියාත්මක වී නැත. සාමාන්‍ය මිනිසකුට හිමිවනුයේ අවම සරණකි. පොලීසිය මුදලට නීතිය අවභාවිතා කරයි. නීති පද්ධතියම මුදලට විකිණෙන බව කියූ රන්ජන් අද හිර ගෙදරයි. මෙතැන් පටන්පත් නීතිය සැමට සාධාරණීකරණය කරන්න. මේ රාජ්‍ය දේපල විනාශ කරුවන්ට දැඩි සිර දඩුවම් ලබාදෙන්න. නැතිනම් මේවා ඉදිරියටත් සිදුවේ. පාසල් විශ්ව විද්‍යාලවල නීතිය පිරිහීම ඉතා දැඩිව දැකගත හැකිය. සාමාන්‍ය සමාජය තුළද එය එසේමය... එය පසුගිය මාස දෙක තුළ දැඩිව දැකගත හැකිවිය. මෙවන් අසහනකාරයින් මෙපමණ කලක් සමාජයේ සිටීම රට සංවර්ධනය නොවීමට දේශපාලකයින් සේම බලපා ඇත...
උදය Saturday, 23 July 2022 07:58 PM
ඔය මහත්මයට දැනට ඉන්න ගෙදර ඉඳගෙන පාර්ලිමේන්තු එන්න පුළුවන් නේ. මොකද අලුත් අගමැති මාලිගාවකට ආශා හිතුනද? කියන්න... අපි ඒකත් කරලා දෙන්නම්......
Samarabandu Saturday, 23 July 2022 08:20 PM
රටට සේවය කරන්න මන්දිර අවශය? බල
de silva Saturday, 23 July 2022 09:19 PM
රටේ දැවෙන ප්‍රශ්නය වන තෙල් ප්‍රශ්නයට විසඳුමක් දෙන්න බැරි වුණොත් තව සති 2-3 කින් ජනතාව ඇවිත් ඔබත් සමග ඔය මන්දිර පොළවට සමතලා කරාවි... ඕවා දැන් අලුත් වැඩියා කරන්න ඕනෑ නැහැ.
Laksiri paris Saturday, 23 July 2022 10:53 PM
ඕක ඕනෙද? අනේ මගේ කට...
beau Sunday, 24 July 2022 06:08 AM
බොරළුගොඩ සිංහයාගේ පුතා.. අරගලයත් පාවාදුන්නා.
Bamunuarachchi Sunday, 24 July 2022 06:22 AM
කොහොමද අපේ නිරායුධ අරගල කරුවන්ගේ වැඩකිඩ..?
fairoosSunday, 24 July 2022 12:51 PM
බයි වහල්ලු ටික දැන් කඩේ යනවා..
BamunuarachchiMonday, 25 July 2022 07:18 AM
හමබ්යෝ දැන් තක්කු මුක්කු වෙලා.
BamunuarachchiMonday, 25 July 2022 07:20 AM
මේ අල්ලපනල්ලේ හම්බ විරෝධී වැඩසටහනක් පටන් ගත්තොත් මරේ මාරු.
Sk Sunday, 24 July 2022 07:14 AM
යන්න බැරිනම්, ගෙදරට වෙලා ඉන්නකෝ... ගියා කියලා වැඩක් කරන්නේ නැහැනේ...
BTSunday, 24 July 2022 02:40 PM
ගෙවල් ගිනි තිබ්බ දවසේ එතුමාගේ ගෙටත් හානිකරලා කියලා දැක්කා මතකයි...
සෑම් Sunday, 24 July 2022 09:42 AM
ඔබව අපි ළඟදීම ගෙදර යවනවා. මන්දිරවල රස්තියාදු වෙන්න තියන්නේ නැහැ.
Kumara Sunday, 24 July 2022 12:06 PM
මන්දිර...!
Shammi Sunday, 24 July 2022 12:25 PM
මේ අප්පුහාමි මන්දිර ගැන කතා කරනවා. රටේ මිනිස්සු ජීවත්වෙන්න විදිහක් නැතුව ඉන්නවා.