(සුජිත් හේවාජුලිගේ )
අරගලකරුවන් විසින් අත්පත් කරගනු ලැබූ ජනාධිපති මන්දිරය අරලියගහ මන්දිරය ඇතුළු ස්ථානවලින් පෞරාණික වටිනාකම් ඇති භාණ්ඩ ඇතුළු විශේෂිත භාණ්ඩ 1000 කට ආසන්න සංඛ්‍යාවක් අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.
ඒ භාණ්ඩ සොයාගැනීම සඳහා විශේෂ විමර්ශන අරඹා ඇතැයි පොලිස් ආරංචිමාර්ගවලින් පැවසේ.
ඇතැම් පුද්ගලයන් මේ ස්ථානවල පෞරාණික භාණ්ඩවල යම් යම් කොටස් සඟවාගෙන රැගෙන ගොස් ඇති බවට විමර්ශන කණ්ඩායම්වලට තොරතුරු අනාවරණයවී ඇත
මේ අතර ජනාධිපති මන්දිරය පෞරාණික ස්ථානයක් ලෙස ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබුණද එහි පුරාවස්තු පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතුව නිශ්චිත වාර්තාගත තොරතුරු කිසිවක් නැතැයි වාර්තා වේ.
විනාශවූ සහ අස්ථානගත වූ පුරාවස්තු පිළිබඳව නිශ්චිත සහ පැහැදිලි තොරතුරක් ලබාගැනීම මේ හේතුවෙන් දුෂ්කර වනු ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් ඉරිදා ලංකාදීපයට පැවැසීය.
ජනාධිපති මන්දිරය කාලයක් තිස්සේ අධි ආරක්ෂිත විශේෂ කලාපයක් ලෙස පවත්වාගෙන ගොස් තිබූ හෙයින් එම ස්ථානයට පැමිණ තොරතුරු එක්රැස් ගැනීමේ ප්‍රායෝගික ගැටලු හේතුවෙන් එවැනි තොරතුරු එක්රැස් කිරීමක් සිදුවී නැතැයි දැනගන්නට ඇත.
එහෙත් ජනාධිපති මන්දිරයේ පෞරාණික වටිනාකම් සහිත භාණ්ඩ රැසක් තිබූ බව පුරාවිද්‍යා නිලධාරීහු පිළිගනිති.
ජනාධිපති මන්දිරය අරලියගහ මන්දිරයේ ඇතුළු ස්ථානවලට අරගලකරුවන් මුවාවෙන් විවිධ සංවිධානාත්මක පිරිස්ද ( කුඩුකාරයන්) රිංගා ඇති බවත් මේ සොරකම් වැඩි වශයෙන් කර ඇත්තේ එම පිරිස් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පැවසූහ.
මේ අතර අරගලයට මුවාවී රජයේ ස්ථාන අත්පත් කරගත් පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය දැනටමත් තීරණය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක තමයි අරගලය කියන්නෙ. කැම්පස් එකෙන් එනකල් කරෙත් ඔයවගෙ වැඩ තමයි. ඝහල පන්නල දාන්ඩ
කවුතුකාගාරයේ කඩුවට ඇඩුව අනුර කෝ
ඔන්න සබා අරගල කරුවන්ට හොද අවස්තාවක්. තමන්ගෙ නමින් ඇතුලට රිංගලා හොරාගත්තු අයිතිහාසික භාන්ඩ ටික හොයාගන්න. ඔබලාගෙ පරම බලාපොරොත්තුව වු ඔබලාට හා අනාගත දූදරුවන්ට ලංකාවෙ අතිතය නැවත ලබාදෙන්න.
රටක ජනතාව දුගී දුප්පත් කරන අයගෙ දේවල් කඩා වඩා ගෙන හරි මනුස්සයො ජවත් වෙන්න ඔනෙ.
හිටපු ජනාධ්පති පවුල් වල අයත් පරාද උනාට පස්සේ ඔතන තිබුන සමහර දේවල් අරගෙන ගිය බවක් ඒ කාලේ පත්තර වල තිබුන. ඒ ගැනත් හොයල බලන්න.
ලැයිස්තුවක් නැත්නම් නැති වෙලා කියන්නෙ මොන පදනමකින්ද??නැතිවෙලා තියෙන්නෙ අරගලකරුවන් අත්පත් කරගැනීමට පෙර නම් එය එසේ නොමැති බව කියන්න පුළුවන් සාක්ෂි මොනවාද?මේ රටේම මිනිසුන් දන්නා පරිදි අරගලකරුවන් පැමිණීමට පෙර ඒවායේ උන්නේ හොරකමට දූෂණයට ඉතා ප්‍රසිද්ධ අය බව නොරහසක්...
වෙන්න පුළුවන්... මොකද තෙල් පෝලිම්වල ඉඳගෙන අපේ මිනිස්සු දෙන ගේම් දිහා බැලුවාම මෙහෙම නොකරයි කියලා හිතන්න බෑ...!
ඔය අරගල කරුවන්ට ඔච්චර බලයක් ආවේ කොහොමද..? මේ අයට මල්මාලා දාලා පිළිගත් අනුර, සජිත්, වැනි අය නිසා රටට වුණු සෙත තමයි. අනේ එදා යුද්ධය කාලේ කොටි අරගලයටත් ඔය විදියට සහයෝගයක් දුන්නා නම් අද මුලුරටම දියුණු වෙලා. ප්‍රභාකරන් ජනාධිපතිත් කරලා..!
මේ හැම මන්දිරයකම ඉන්වෙන්ටරි පොත් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි.
කොහොමද මේ ගොයියෝ ගැන කතාව යන්නේ අරගල කරුවන්ගේ අවිහිංසා අරගලය කියලා... මංකොල්ල කෑම්, හොරකම් ගැන වචනයක් නැහැ. අපි දන්නවනේ මිනිස්සු කවුද කියලා... මොවුන්ට පාලනය ගියොත් මුළුරටම හොරා කාලා අනුරගේ ගෙදර ගොඩගහයි.
රජවූ මහලු දේශපාලකයින් පන්නා හොඳ පාලනයක් ඇති කරන්නට දඟලන අයගේ වැඩ මෙහෙමද කියා හිතෙන කොට සිතට ඇතිවන්නේ දුකක්. වයස යනු අංකයක් පමණයි. ජෝ බයිඩන් ගේ වයස බුද්ධිමත් ඇමෙරිකානුවන් තඹයකට මායිම් කළේ නැහැ. ඒත්, අපේ වයස්ගත දේශපාලනඥයින් ගැන ගැටළු ඇති. ඒ වුණත්, වැරැද්ද වයසේ නොවෙයි. කවදා හෝ දිනෙක අපත් ඔය වයසට ළඟාවෙනවා. වයස කුමක් වුවත්, හොඳ නොහොඳ ගැනයි සිතිය යුතු වන්නේ. මේ රටේ මැති ඇමැතිවරුන්ගේ ගෙවල් ගිනි තිබ්බේ බොහෝවිට තරුණ කොටස්. එහි ප්‍රතිඵල ලෙස ඔවුන්ට රටේ මුදලින් ගෙවල් ලබා දෙනවා. එසේ නම්, විනාශ කොට ඇත්තේ අපේම මුදල් නොවේද? වයස අවු. 99 ක් වෙන මහල්ලෙකු වුවද ඔහුගේ තරුණ ලක්ෂණ ඇත්තේ නම්, ඔහු තරුණයෙකි. යන්න ලොව තරුණයන් මැනීම සඳහා භාවිතා කරන මිනුම් දණ්ඩකි. අත්දැකීම් බහුල වයස්ගත පුද්ගලයන්ගෙන් දියුණු රටවල් දියුණුව කරා ගියද, මේ රටේ ජනතාව ඒ වැනි දේ ගැන නිසියාකාරව කරුණු නොදනිති. ගෝඨාභය යැව්වද, ඔහුගේ ඇඳුම් පෙන්නා වීඩියෝ නිකුත් කිරීමට තරම් මේ රටේ තරුණයන් ශිෂ්ඨ වී තිබීම අගනේය. මේ රටේ බොහෝ තරුණයින් ගැන තවත් කුමන කතාද?
මෙහි වගකීම නායකයින් බාරගත යුතුයි. ඔවුන්ට නීතිය ක්‍රියාත්මක විය යුතුයි...
"එහි පුරාවස්තු පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතුව නිශ්චිත වාර්තාගත තොරතුරු කිසිවක් නැතැයි වාර්තා වේ." කොළඹ කෞතුකාගාරයේ "කඩු සොරකම" සිදු වූ අවස්ථාවේද එම භාණ්ඩවල ඡායාරූපමය වාර්තාවක් අදාළ ආයතනවල නොතිබුණි. එබැවින් එම භාණ්ඩ සොයාගැනීමට මහජන සහාය ලබාගැනීමට ජනමාධ්‍ය ඔස්සේ ඡායාරූප පළ කිරීමට නොහැකි වුණි. ප්‍රමාද වී හෝ ඡායාරූපයක් පළ කිරීමට එක්තරා පුවත්පතකට හැකි වූයේ එම කඩුවල ඡායාරූපයක් මා සතුව තිබුණු බැවිනි. එහි ප්‍රතිඵලයක් ලෙස, පසුවදාම සොරකමට සම්බන්ධ අය අත්අඩංගුවට ගැනීමට හැකි විය. නමුත්, එයින්වත් බලධාරීන් පාඩමක් ඉගෙනගෙන නැති බව වත්මන් පුවතින් තහවුරු වේ. අදාළ නිලධාරින්ට නිසි දඬුවම් ලබාදිය යුතුමයි.
අවුරුදු 74ක් හොරාකාපු සල්ලිවලට වඩා මේ බඩු වටිනවද?
අරගලයේ මතක සටහන් විදිහට ගෙනියන්න ඇති. පස්සේ ගානක් ගන්න පුළුවන් වෙබ් සයිට් දාලා විකුණලා. ඊගාවට 225 ටම බනින්නත් පුළුවන්. ඇතුලේ තිබ්බ බඩු ගැන මොන කතාද? ජනාධිපති ලේකම් කාර්යාලේ යකඩ වැටත් කපාගෙන ගෙනිහින්.
ඉන්වෙන්ටරි පමණක් ප්‍රමාණවත් නොවේ. ඡායාරූප ද තිබිය යුතුයි. "කඩු සොරකම" සිදු වූ අවස්ථාවේද එම භාණ්ඩවල ඡායාරූපමය වාර්තාවක් අදාළ ආයතනවල නොතිබුණි. එබැවින් එම භාණ්ඩ සොයාගැනීමට මහජන සහාය ලබාගැනීමට ජනමාධ්‍ය ඔස්සේ ඡායාරූප පළ කිරීමට නොහැකි වුණි. එම සිද්ධියෙන්වත් බලධාරීන් පාඩමක් ඉගෙනගෙන නැති බව වත්මන් පුවතින් තහවුරු වේ.