(ඉන්දිකා රාමනායක) කුරුණෑගල ගෝනගම ඉන්ධන පිරවුම්හලට පෝලිමෙන් පැන ඉන්ධන ලබා ගැනීමට උත්සාහ කිරීමේදී එය වැළැක්වූූ වැයි කියන පොලිස් නිලධාරීන් තියණු ආයුදයකින් පහර දීමට ගිය පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි . සැකකරු අසල තිබූ මාළු වෙළඳසලකට ගොස් එහි මන්නය රැගෙන පොලිස් නිලධාරින්ට පහර දීමට තැත් කර ඇත. මන්න පහර වැළැක්වීම සඳහා එක් නිලධාරියකු අත් විලංගු වෙන් පහරදීම නිසා සැකකරු තුවාල ලබා ඇත . පොලිස් නිලධාරීන් විසින් සැකකරු මෙල්ල කර ඔහු රෝහල් ගත කර ඇත . පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම , කලහාකාරි ලෙස හැසිරීම ,පොලිස් නිලධාරීන්ට පහර දීමට තැත් කිරීම ,ආදී කරුණු මත සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. සැකකරු නිකදළුපොත ප්රදේශයේ පදිංචි (40)හැවිරිදි පුද්ගලයෙකි .
1
ක්රිකට් හදන වැඩේ කරන්න පුළුවන්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd