පාස්කු ප්‍රහාරයට හිටපු ජනපති මෛත්‍රී වගකිව යුතුයි
පාස්කු ඉරුදින ප්‍රහාර නොවැළැක්වීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වගකිව යුතු බවත්, ඔහු ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් ප්‍රහාරය වළක්වා ගැනීම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් ශ්‍රී ලංකා නිතීඥ සංගමය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නිතීඥ සංජීව ජයවර්ධන මහතා සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (16) ප්‍රකාශ කළේය.