(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

තණමල්විල සූරියආර ප්‍රදේශයේ දී සිදුකළ වැටලීමකදී විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් හා ජීව උන්ඩ සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

උඩවලව පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරක් අනුව වැටලීම සිදුකර ඇත.

එහි දී විදේශ රටක නිෂ්පාදිත බෝර 12 ස්වයංක්‍රිය නොවන ගිණි අවියක්, බෝර 12 ජීව උණ්ඩයක් හා බෝර 12 හිස් උණ්ඩ කොපු 10 ක් පොලිස් බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු තණමල්විල ප්‍රදේශයේ වයස අවුරුදු 39 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස ගිණි අවියක් ළඟ ගබා ගෙන යමි අපරාධමය කටයුත්තක් සදහා එය භාවිතා කලේදැයි පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තණමල්විල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.