(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුත් ප්රතිසංස්කරණවාදී කණ්ඩායම අලුත් ගමනක් සඳහා දේශපාලන කටයුතු මේ සති අන්තයේ දී අනුරාධපුරයෙන් ආරම්භ කිරීමට නියමිතව ඇත.
ඒ සඳහා එම මන්ත්‍රී කණ්ඩායම පෙරේදා (19)පස්වරුවේ අනුරාධපුරය බලා පිටත්ව ගිය අතර,ඔවුන් සති අන්තයේ අනුරාධපුරයේ රැදී සිටිනු ඇතැයි දැනගන්නට තිබේ.
ශ්‍රී මහා බෝධීන් වහන්සේ ප්රමුඛ අටමස්ථානය වැදපුදාගෙන, ප්‍රදේශයේ විහාරස්ථානවල මහා සංඝරත්නයද බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමට මෙම පිරිස අපේක්ෂා කරන අතර,ප්‍රදේශයේ දේශපාලන ක්රියාකාරිකයන් ව්‍යාපාරිකයන් ඇතුළු පිරිසක්ද හමුවි සාකච්ඡා පැවැත්වීමට නියමිත බව දැනගන්නට ඇත.
මහාචාර්ය ජී එල් පීරිස් ,මහචාර්ය චරිත හේරත්, මහාචාර්ය චන්න ජයසුමන ආචාර්ය නාලක ගොඩහේවා,ඩිලාන් පෙරේරා , උදයන කිරිදිගොඩ , වසන්ත යාපා බණ්ඩාර ඇතුළු මන්ත්‍රීවරුන් පහළොස් දෙනකු පමණ මෙම ගමනට එක්ව සිටින බව වාර්තා වේ.
Reply Forward

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහුකවුද යන්නේ කොහෙද? දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග.
සුදු වතින් සැරසී දැහැමි සිතින් ඩලස් අලහප්පෙරුම ගේ නායකත්වයෙන් යුත් ප්රතිසංස්කරණවාදී යැයි හඳුන්වාගත් කණ්ඩායමක් අලුත් ගමනක් සඳහා දේශපාලන කටයුතු අනුරාධපුරයෙන් ආරම්භ කර තිබේ. පසුගිය වසර 20ක් තුල අඩු වැඩි වශයෙන් මොවුන් සියලු දෙනාම පර්ලිම්න්තුව නියෝජනය කළේය. විවිධාකාර කැබිනෙට් ඇමති තනතුරු හෙබවිය. නමුත් රටට කිසිදු සෙතක් නොවිය. රටේ ආර්ථිකය 0ටම වැටී තිබේ . ජනතවට යනෙනමන් නොමැතිව අසරණව තිබෙනුයේ ඔවුන්ගේ වරදක් නිසා නම් ඔවුන් කල එකම වරද මෙවැනි නව මුහුණුවරකින් පැමිණ ජනතව රවටන කණඩායම්වලට ඔවුන්ගේ ඡන්දය ලබාදීම පමණි. ජනතවගෙන් ඡන්දය ලබා ගන්නා මෙවැනි කුප්‍රකට, ප්‍රතිසංස්කරණ මුවාවෙන් පැමිණෙන අවස්ථාවාදී කණ්ඩායම් පාර්ලිමේන්තුවට පැමිණි පසු ඔවුන්ගේ අලුත් ගමන් සියල්ල සහ චන්දය ලබාදුන් ජනතව අමතකකර සුපුරුදු පරිදි ඔවුන්ගේ පරණ ගමන යාමේ ප්‍රතිවිපාක සමස්ත ශ්‍රී ලාංකිකයන්ම මේවන විට අත් විදීමෙන් තිබේ. සුදු වතින් සැරසී දැහැමි සිතින් පන්සල් පල්ලි කෝවිල් වෙත පැමිණෙන මායාකාර කණඩායම් පිලිබදව ජනතව විමසිල්ලෙන් සිටිය යුතු කාලය පැමිණ තිබේ. දේශපාලකයන් විසින් ජනතව රැවටීමේ කලාවට සීමාවක් තිබිය යුතුවේ.
අලුත් පිස්සුවක් . පත්තර කාරයෙක් රට කරන්න හදනව. ඔය ඇති දැන් විශ්‍රාම යන්න .
තනතුරු වලට වටේ යන, කිසිම ඡන්ද පදනමක් නැති පතෝල කණ්ඩායම.
අවුරුදු 10ක් 15ක් තිස්සේ රටට මොකද වෙන්නේ , මොකද වුනේ කියල හොයපු නැති කට්ටිය , දැන් මොනා කරන්නද ? ඉන්න සුපිරි උගතුන් මේ හැමදෙයට සම්බන්ධයි නේද ? ඒ දවස්වල ලැජ්ජාවක් කියල දෙයක් තිබුනෙම නැද්ද ? දැන් හඳට ගිහින් ගමන අරඹුවත් අපි හාමතේ . පොඩි ළමයාගේ ඉදල ගසා කන්නයි පුරුදු කරලා තියෙන්නේ . පුලුවන්ද දන්නේ නැහැ මේ කට්ටියට ඒවා ටක් ගාල හදන්න ඔය අරඹපු ගමනින් .
හැමදාම රටට විනකරන්න ආවේ... පන්සල් ගානේ යන්න දෙයක් නෑ.
ඩලස්ට තියෙන ඒකම දේ තමයි මාස නමයක විතර බඩක්. වෙන නම් ඒයා ගැන අපි දන්න දෙයක් නොමැත.
එක එක වෙස් හා තනතුරු අරගෙන මෙයාලගේ බලාපොරොත්තුව මැරෙන කල් රට කන එකයි.
Fading political figures.
සිංහල බෙෘද්ධ ඡන්ද වලින් පත්වෙන්නයි යන්නේ.අන්තිමට නන්දසේන මහත්තයට වුණා වගේ තමයි වෙන්නේ.
අපිට කන්න සල්ලි නෑ. මෙයාලා පෙරේදා ඉඳලා අනුරාධපුරෙලු ඉන්නේ. මෙයාලට සල්ලි උනනවද?
බලේ තිබුනු කාලේ රටට කරපු සේවයක් නැහැ. පීරිස් නම් එහෙට මෙහෙට පැන පැන බලයේ ඉන්න හදපු කෙනෙක්. දේශපාලකයන්ගේ රගපෑම් දැක්කම හිනා නොවී ඉන්නත් බැහැ.
මෙදා සැරෙත් අර වියත්මග වගේ පිරිසක් එකතුවී ජනතාව ගොනාට අන්දවන්න හදන්නේ. මේ ඔක්කොම එක වල්ලේ පොල්. පවට කර ගහන්නේ නැතිව හොරා කාපු සල්ලි වලින් කාලා බිලා ගෙදර ඉන්න. මේ දුප්පත් රට තවත් මක බාවාන්නනේ නැතිව. පින් සිද්ද වෙයි.
ඉතින් අපිට පාන්ද යකෝ