(සිතුම් චතුරංග)

වවුනියාව, තේක්කවත්ත ප්‍රදේශයේ ලැඟුම්හලක් තුල තිබී ටි.56 ගිනිඅවි සඳහා භාවිතා කරන පතරොම් 30 ක් සහ යුද හමුදා නිල ඇඳුමකට සමාන නිලඇඳුමක් සමඟින් හිටපු යුද හමුදා විශේෂ බළකා සෙබළකු ඇතුළු තිදෙනකු  අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය කියයි.

ලැඟුම්හල තුළ ගණිකා නිවාසයක් පවත්වාගෙන යන බවට වවුනියාව පොලිසිය වෙත ලැබුණ තොරතුරක් අනුව සිදුකළ වැටලීමකදී හිටපු යුදහමුදා සෙබලා, ලැඟුම්හලේ කළමනාකරු හා ගණිකා වෘතියේ නිරත කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසීය.

දීර්ඝ කාලයක සිට ලැඟුම් හල තුළ කාන්තාවන් ගණිකා වෘතියේ නිරතවී ඇති අතර ලැඟුම්හලේ කළමනාකරු හා යුද හමුදා සෙබලා කාන්තාවන් ගණිකා වෘතියේ යොදවා මුදල් ලබාගෙන ඇති බවට තොරතුරු අනාවරණයවූ බවද පොලිසිය සඳහන් කළේය.

ලැඟුම්හලේ සිට හදිසි පිටවීම් සඳහා එහි කාමර තුල රහස් පිටවීම් දොරටු කිහිපයක්ද ස්ථාපිත කොට තිබූ බවත් පොලිස් නිල සුනඛ අංශයේ සුනඛයින් යොදවා පරීක්ෂා කිරීම් සිදුකළ බවද කීය.

අත්අඩංගුවටගත් සැකකරුවන් වවුනියාව මාමඩුව , ඇටවීරගොල්ලෑව හා අනුරාධපුරය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 ත් 30 අතර වයෙස් පසුවන්නෝ වෙති.