වසන්ත මුදලිගේ ඇතුළු පිරිස ඉන්න තැන කියයි
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ පොලිසිය දින 90 ක රැඳවුම් නියෝග ලබා සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ගල්වැව සිරිධම්ම, හෂාන් ගුණතිලක යන ක්‍රියාකාරීන් තිදෙනා ත්‍රස්තවාදී මර්දන හා විමර්ශන කොට්ඨාසය බාරේ තංගල්ල රැදවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටින බව පොලිස් ආරංචි මාර්ග පවසයි.