බස්නාහිරට සහ සබරගමුවට තද වැසි බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 ක පමණ තරමක තද වැසි ඇති වන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 12 June 2023
හිටපු එස්.එෆ් සෙබළා ගිනි අවියක් එක්ක මාට්ටු විදේශීය රටක නිෂ්පාදිත රිවෝල්වරයක් සමග යුදහමුදා විශේෂ බළකායේ හිටපු සෙබළකු දෙයියන්දර ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 12 June 2023
පුංචි ඡන්දයේ නාම යෝජනා අවලංගු වේ? පළාත් පාලන මැතිවරණය සඳහා කැඳවා ඇති නාමයෝජනා අවලංගු කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජයේ අවධානය යොමු වී ඇත. 12 June 2023
කතකට පිහි පහරදුන් දෙකක් මාට්ටු මත්ද්‍රව්‍ය ආරවුලක් මුල්කරගෙන මාලිගාවත්ත ’’ලක්හිරු සෙවන’’ මහල් නිවාස යෝජනා ක්රමයේ පදිංචි කාන්තාවකට තියුණු ආයුදවලින් පහරදුන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව දෙමටගොඩ පොලීසිය පවසයි. 11 June 2023
අක්මීමන පොලිසියට විරුද්ධව විරෝධයක් අක්මිමණ පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් තරුණයකුට වෙඩි තබා තුවාල සිදු කිරිමට විරෝධය පළ කරමින් ගම්වාසිහු පිරිසක් ගාල්ල දෙනියාය ප්‍රධාන මාරගයේ පිලාන මන්සන්ධියේ විරෝධතාවක් කළහ. 11 June 2023
නිවැසියන් කාමරයට දමා කෝටි ගණනක් පැහැරගෙන ඌරුබොක්ක හීගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ නිවසට අද දහවල් පුද්ගලයන් හතර දෙනෙකු මුඛ ආවරණ පැලැද ඇතුළු වී ගිණි අවියක් පෙන්වා නිවැසියන් කාමරයකට දමා සිරකර තබා එක්කෝටි එක්ලක්ෂ අනුතුන්දහසක (10193000.00) මුදල් හා ස්වරණාභරණ පැහැරගෙන මෝටර් රථයකින් පළා ගොස් ඇතැයි ඌරුබොක්ක පොලීසිය කියයි. 11 June 2023
මත්ද්‍රව්‍ය සහ අපරාධ මැඩලන්න ජාත්‍යන්තර පුහුණුවක් එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ කාර්යාලය, යාත්‍රාවන් වෙත ප්‍රවිශ්ඨවීම, සෝදිසි කිරීම සහ අත්පත් කරගැනීමේ ක්‍රමවේදයන් පිළිබඳ කලාපීය පුහුණු වැඩසටහනක් ත්‍රීකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී සහ සෝබර් දූපතේදී පැවැත්වීය 11 June 2023
වෑන් - ත්‍රිරෝද රථ ගැටී කතක් මරුට තව තුනක් රෝහලට කාන්තාවක පැදවූ ත්‍රිරෝද රථයක් වෑන් රථයක ගැටීමෙන් ත්‍රී රෝද රථයේ ගමන් ගත් දහතුන් හැවිරිදි පාසල් සිසුවියක ඇතුළු සිව් දෙනකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර ඉන් කාන්තාවක මියගොස් ඇතැයි කහතුඩුව පොලිසිය පවසයි. 11 June 2023
වැඩ බාර ගන්න ගිය සභාපතිට වෙඩි තැබූවාට හතරක් මාට්ටු බත්තරමුල්ල සමුපාකාර රක්ෂණ සමාගමේ උප සභාපතිවරයාට මීගොඩ ගැමුණු මාවතේ දී වෙඩි තබා තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාතර දිස්ත්‍රික් සමුපාකාර මණ්ඩලයේ සභාපති මෙන්ම සමුපකාර රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂකවරයකු ඇතුළු පුද්ගලයන් සිවුදෙනකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි. 11 June 2023
ෂිපා ෂාඕ නායක හිමියන් ඇගයීමේ අභිනන්දන උළෙලින් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින සිංගප්පූරුවේ බුඩිස්ට් තෘත් රිලිජික් විහාරයේ සහ ගෝල්ඩන් පැගෝඩා බෞද්ධ විහාරයේ විහාරාධිපති ෂිපා ෂාඕ නායක හිමියන් ඇගයීමේ අභිනන්දන උළෙල අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී අද (11) පස්වරුවේ පැවැත්විණ. 11 June 2023
දකුණු අප්‍රිකාවේ ප්‍රබල භූ කම්පනයක් දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් හි ඉරිදා එරට වේලාවෙන් අලුයම 2:38 ට රික්ටර් පරිමාණයේ 5.0 ක භූමිකම්පාවක් ඇති විය. 11 June 2023
රතුකුරුසේ අංකයට ධාවනය කළ ජිප් රථයක් අල්ලයි රතු කුරුස සංවිධානයට අයත් වාහනයක ලියා පදිංචි අංක තහඩු සවි කරන ලද රුපියල් ලක්ෂ 80ක් පමණ වටිනා ලෑන්ඩ් කුශර් වර්ගයේ ජීප් රථයක් ව්‍යාපාරිකයෙකු ගේ නිවසකින් සොයාගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකය කියයි. 11 June 2023
ජනපති ලන්ඩන් සහ ප්‍රංශ සංචාරයක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 17 වැනිදා ලන්ඩනයේ සහ ප්‍රංශයේ නිල සංචාරයක් සඳහා පිටත්ව යාමට නියමිතය. 11 June 2023
කොළඹ ගංවතුර කැබිනට්ටුවටත් යයි මෙම වසරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට ගංවතුර ගැලීමෙන් සිදුවන බලපෑම අවම කර තිරසාර දිගුකාලීන විසඳුමක් ක්‍රියාත්ම කිරීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ. 11 June 2023
පියවි සිහියත්,බලපත්රත් නැතිව හැටට හැටේ ගිය බසය අල්ලයි වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව අධික බීමතින්, වේග සීමා ඉක්මවමින්, මගීන් 82කක් පටවාගෙන බසයක් ධාවනය කළ පුද්ගලයෙක් කෑගල්ල කොට්ඨාස රථ වාහන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 11 June 2023
ලොතරැයි මිල ඩබල් වෙයි? ලොතරැයි පතක මිල ලබන ජුලි මස පළවෙනිදා සිට රුපියල් 40 දක්වා වැඩි කිරීමට රජය පියවර ගනිමින් සිටින බව සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමයේ සභාපති ක්‍රිශාන්ත ක්‍රිෂාන්ත මාරඹගේ මහතා ලංකාදීපයට පැවසීය. 11 June 2023
දුම්රිය අනිවාර්යෙන්ම අධිකාරියක් කළ යුතුයි දුම්රිය තව දුරටත් දෙපාර්තමේන්තුවක් ලෙස පවත්වාගෙන යමින් ගොඩ ගැනීමේ හැකියාවක් නොමැති බවත් දුම්රිය පෞද්ගලිකකරණය නොකීරීමට නම් එය අනිවාර්යෙන්ම අධිකාරියක් කළයුතු බවත් ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 11 June 2023
කොරියා සිහිනය බොඳ කළ අයෙක් මාට්ටු දකුණු කොරියාවේ රැකියා ලබාදෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන්ගෙන් විදේශ ගමන් බලපත්‍ර 275 ක් එකතුකොට සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 11 June 2023
මැණික් ව්‍යාපාරිකයාගේ නිවෙස කොල්ල කාලා අවිස්සාවේල්ල ගැටහැත්ත මාරඹේ ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයකුගේ නිවසකට අද අළුයම ඇතුලු වූ පස් දෙනකුගෙන් යුත් කණ්ඩායමක් ගිනි අවි පෙන්වා බියකර නිවැසියන් කාමරයකට දමා නිවසේ තිබූ මිල අධික ජංගම දුරකතන කිහිපයක් කොල්ල කා පලා ගොස් ඇතැයි අවිස්සාවේල්ල පොලිසිය පවසයි. 11 June 2023
එජාප ව්‍යවස්ථාව අලුත් කරයි රටට ශක්තිමත් නායකත්වයක් ලබා දීමේ මූලික පියවරක් ලෙස එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව ලබන ජුලි මාසයේදී වෙනස් කරන බව පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. 11 June 2023
විදුලි ගාස්තු අඩු වෙන හැටි ලංකා විදුලිබල මණ්ඩලය ලබන ජූලි මස 1 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත විදුලි ගාස්තු අඩු කිරීමේදී ඒකක 0 සිට 30 දක්වා කාණ්ඩයේ ගාස්තුව සියයට 26.9 කින් අඩු වන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි. 11 June 2023
සරසවිවලට වටිනාකමක් දෙනවා අතීතයේදී ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලවලට ජාත්‍යන්තර මට්ටමින් තිබූ කීර්ති නාමය සහ ප්‍රමිතිය නැවත ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 11 June 2023
සම්බන්ධන්ලාගෙන් ජනපතිට රතු එළියක් ජනවාර්ගික ගැටලූව සම්බන්ධයෙන් ජූලි 30 වැනිදා පෙර අවසන් විසදුමක් ලබා නොදුනහොත් යළිත් ආණ්ඩුව හා සාකච්ඡාවලට සහභාගි නොවන බව දෙමළ ජාතික සන්ධානය , ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ ප්‍රකාශ කර තිබේ. 11 June 2023
පාසල් සිසුන් තිදෙනාගෙන් බසයට ගල් ප්‍රහාරයක් අනුරාධපුර නගරයේ පිහිටි පල්ලියක් ඉදිරිපිට නවතා තිබු පුද්ගලික බස් රථයකට ගල් මුල් ප්‍රහාරයක් එල්ල කර එම බස් රථයට අලාභ හානි සිදුකළ බව කියන පාසන් වයසේ දරුවන් තිදෙනකු අද අළුයම අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි. 11 June 2023
හමුදා සෙබළා වැරදි ඩියුටියක් කරලා තණමල්විල , හම්බෙගමුව, ප්‍රදේශයේ සිදු කළ වැටලීමක දී වියළි ගංජා කිලෝ 08, ග්‍රෑම් 05 ක් සන්තකයේ තබාගෙන සිටි හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි. 11 June 2023
රැඳවුම් නිවසින් දැරියෝ තුනක් පැන යති මඩාටුගම නගරය ආසන්නයේ පවත්වා ගෙන යන රැදවුම් මධ්‍යස්ථානයක සිටි බාල වයස්කාර දැරියන් තිදෙනකු එම රැදවුම් මධ්‍යස්ථානයෙන් පලාගොස් ඇතැයි මඩාටුගම පොලිසිය කියයි. 11 June 2023
අද වැස්ස ගැන කාලගුණයේ අනාවැකිය බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 11 June 2023
සාපෙළ දරුවන්ගේ කැත වැඩේට මව්පියෝ වන්දි ගෙවති මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූදා දිඹුලාගල මගුල්දමන මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් එම විද්‍යාලයේ දේපළවලට සිදුකළ අලාභහානිය වෙනුවෙන් වන්දි ගෙවීමට ඔවුන්ගේ මවුපියන් විදුහල්පතිවරයා ඉදිරියේ පොරොන්දු වූ බව මනම්පිටිය පොලිසිය කියයි, 11 June 2023
කෝන්තරයක් පිරිමහන්න 69 සීයා මරලා පෞද්ගලික ආරවුලක් හේතුවෙන් තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර ඇති බව දෙහිවල පොලිසිය පවසයි . 11 June 2023
පොලිසියෙන් බේරි පනින්න යද්දී වෙඩි ගාල්ල කරාපිටිය රෝහල අසල රැඳී සිටි දෙදෙනකු පරික්ෂා කිරීමට ගිය අවස්ථාවේ පොලිසිය සමග ගැටුමක් ඇති කර ගත් පුද්ගලයකු පොලිසිය තැබූ වෙඩි ප්‍රහාරයකින් තරුණයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 11 June 2023
අධිකරණ ලිපිකරු විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි අධිකරණ කළමනාකරණ සේවයේ අධිකරණ ලිපිකරු III ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ සීමිත තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇත... 06 November 2026