සත්තු වත්තට නෙදර්ලන්තයෙන් තෑග්ගක් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව වෙත නෙදර්ලන්තයේ බෙස්ට් සත්වෝද්‍යානයෙන් පැන්තෙරා වර්ගයට අයත් ජගුවර් පිරිමි සත්වයකු ලැබී ඇත. 27 January 2023
විත්ති කූඩුවට නොනැග්ග මෛත්‍රීට තරයේ අවවාද පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පුද්ගලික පැමිණිල්ලට අදාළ නඩුව ලබන මාර්තු මස 17 වැනිදා යළි කැඳවීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (27) නියෝග කළේය. 27 January 2023
මාලිගාවත්තේ අනතුරින් අයෙක් මරුට දෙකක් රෝහලට ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර පාසලක මෙහෙයුම් කළමනාකරුවකු පැදවූ සුඛෝපභෝගී මෝටර් රථයක් මාලිගාවත්ත හංදියේදී යතුරු පැදි දෙකක ගැටීමෙන් එක් අයකු මිය ගොස් පොලිස් නිලධාරීයකු ඇතුළු දෙදෙනකු බරපතළ තුවාල ලැබූ බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි. 27 January 2023
වේයන්ගොඩ නෙහනසිත් 195 ලබා ගෙන ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 195ක් ලබාගැනීමට වේයන්ගොඩ ප්‍රාථමික විද්‍යාලයේ නෙහන්සි ප්‍රබෝද්‍යා කුලරත්න ශිෂ්‍යයාව සමත්ව සිටින්නීය . 27 January 2023
පාර්ලිමේන්තුව අද රෑ අවසන් කරයි නවවෙනි පාලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ කටයුතු අවසන් කිරීමට (වාර අවසාන) රජය තීරණය කර ඇත. 27 January 2023
නීති වෙනස් කර අයි.එම්.එෆ් යුක්රේනයට ණය දෙයි? ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තම ණය දීම පිළිබඳ නීති වෙනස් කරමින් ඇමෙරිකානු ඩොලර් බිලියන 14ත් 16ත් අතර ණය මුදලක් යුක්රේනයට ලබා දීම සඳහා ඇති ඉඩකඩ සම්බන්ධයෙන් සොයා බලමින් සිටින බව ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 27 January 2023
ප්‍රසන්නගේ ගිනි තැබූ කාර්යාලය යළි විවෘත කරයි මැතිවරණ අපේක්ෂකයින් ගෙවල්වලට එනකොට ඒ අයගේ ඉතිහාසය බලන්නැයි ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 27 January 2023
පාර්ලිමේන්තුව ළඟට කිඹුලකු ඇවිත් කලබලයක් පාර්ලිමේන්තු අසල දියවන්නා ඔයෙන් හදිසියේ ගොඩට පැමිණි කිඹුලකු හේතුවෙන් අද පෙරවරුවේ එහි කලබලකාරි තත්වයක් ඇතිවිය. 27 January 2023
මහ නා හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක් උතුරු නැගෙනහිර පළාත් වල මෙන්ම දිවයිනේ සෙසු පළාත්වල ද පිහිටා ඇති සුවිශේෂී ඓතිහාසික වැදගත්කමකින් යුත් බෞද්ධ සිද්ධස්ථානවල සුරක්ෂාව හා සංවර්ධනය උදෙසා අනුයුක්ත කර ඇති ආරක්ෂක හමුදා නිලධාරීන් අවශ්‍යතාවයන්ට අනුරූප පරිදි එකී සිද්ධස්ථාන ආශ්‍රයෙහි යෙදවීම යෝග්‍ය බව දන්වමින් ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කොට තිබේ. 27 January 2023
ජාතික නිදහස් සැමරුමට ජනතාවගේ උනන්දුව අඩුයි මෙවර 75 වැනි ජාතික නිදහස් සැමරුම සඳහා ජනතාවගේ එතරම් උනන්දුවක් නොමැති බවක් පෙණෙන බව නිදහස් සමරුව ආශ්රිත භාණ්ඩල අළෙවි කරන ව්‍යාපාරිකයෝ පවසති. 27 January 2023
බද්දට එරෙහිව තෙල් සේවකයෝ අදත් විරෝධයේ රජය ක්‍රියාත්මක කර ඇති නව බදු ක්‍රමයට විරෝධය දක්වමින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කොළොන්නාව නිමාව ඉදිරිපිටදී ඛනිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව අද (27) දහවල් විරෝධතාවක් පැවැත්වීය. 27 January 2023
මැතිවරණයට පෙර අවුල ලිහන්න නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා මැතිවරණ කොමිසමේ සහ අනෙකුත් ආයතනවල අවුල් ඇතිකර ගැනීමෙන් වලකින්නැයි ශ්‍රී ලංකා මැතිවරණ නිරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය නිවෙිදනයක් නිකුත් කරමින් පවසයි. 27 January 2023
බෝට්ටු හැදිල්ලෙන් සී-නෝර් පදනමේ කෝටි දෙකක් වතුරේ සීමාසහිත සී-නෝර් පදනම නිෂ්පාදනය කළ ගිලන්රථ බෝට්ටුවක්,පාලම් පාරුවක් හා දැල් ආම්පන්න ගැනුම්කරුවන් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් පදනමට රුපියල් දෙකෝටි පනස් ලක්ෂයකට වැඩි පාඩුවක් සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 27 January 2023
දියවන්නාවේ අතුරුදන්වූ තරුණයාගේ සිරුර හමුවෙයි දියවන්නා ඔයේ මාලු ඇල්ලීමට යාමේදී ඔරුවක් පෙරලීමෙන් දියේ ගිලී අතුරුදන්ව සිටි තරුණයාගේ මළ සිරුර අද (27) අළුයම සොයා ගත් බව තලංගම පොලිසිය පවසයි 27 January 2023
ආණ්ඩුවේ අලුත්ම කුමන්ත්‍රණය ඩිලාන් හෙළිකරයි මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ඉල්ලා අස්වීමට සලස්වා කොමිසම අක්‍රිය කිරීමේ සැලැස්මක් පවතින බව නිදහස ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය. 27 January 2023
අබිරහස් සර්පිලාකාර වස්තුවක් හවායි දූපත්වලට ඉහළ අහසේ දිස්වුණු අබිරහස් සර්පිලාකාර වස්තුවක ඡායාරූපයක් මේ වනවිට විදෙස් මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් වී තිබේ. 27 January 2023
ඇමෙරිකන් ප්‍රහාරයකින් අයි.එස්. නායකයෙක් මරුට උතුරු සෝමාලියාවේ සිදු කළ විශේෂ හමුදා මෙහෙයුමකදී ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකයකු වන බිලාල් අල් සුඩානි ඝාතනය කළ බව ඇමෙරිකාව පැවැසීය. 27 January 2023
යෝධ ග්රහකයක් පෘථිවිය අසලින් යයි මීට සතියකට පෙර, ආධුනික තාරකා විද්‍යාඥයකු පළමු වරට සොයාගත් ‘2023 බීයූ’ නමැති ග්රහකය අද (27) අලුයම පෘථිවිය අසලින් ගමන් කළේය. 27 January 2023
අලි සබ්රි-සෞදි විදේශ අමාත්‍ය අතර හමුවක් දෙරට අතර ආර්ථික සබඳතා සහ බලශක්ති සහයෝගීතාවය වර්ධනය කර ගැනීමේ අරමුණින් සෞදි අරාබියේ නිල සංචාරයක නිරත වී සිටින ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සහ සෞදි අරාබියේ විදේශ කටයුතු අමාත්‍ය ෆයිසාල් බින් අහමඩ් කුමරු අතර හමුවක් ඊයේ (26) පැවති බව ඇරැබ් නිව්ස් වෙබ් අඩවිය වාර්තා කර ඇත. 27 January 2023
යූරියාවල පණුවො බලන්න කොළඹින් පොළොන්නරු යයි යුරියා පොහොරවල පණුවන් සිටිතියි පොලාන්නරුව මනම්පිටියේ ගොවීන් පිරිසක් කළ ප්‍රකාශයක් ගැන වහාම පොළොන්නරුවට ගොස් විමර්ශනයක් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයට උපදෙස් දුන්නේය. 27 January 2023
ලංකාවට ඇවිත් ගිය හිටපු එෆ්.බී.අයි ලොක්කා අත්අඩංගුවට හිටපු එෆ්.බී.අයි ඉහළ නිලධාරියකු වූ චාල්ස් මැක්ගොනිගල් ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සංචාරයක් අවසන් කර නැවත ඇමෙරිකාවට පැමිණි අවස්ථාවේ එෆ්.බී.අයි නිව් යෝර්ක් ක්ෂේත්‍ර කාර්යාලය විසින් අත් අඩංගුවට ගෙන තිබේ. 27 January 2023
මැදගොඩ තේ කර්මාන්ත ශාලාව ගින්නෙන් සුන් ගම්පොල කුරුඳුවත්ත මැදගොඩ තේ කර්මාන්ත ශාලාවේ හටගත් ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී දෙදෙනකු ද පිලිස්සුම් තුවාල ලබා රෝහල් ගත කොට ඇති බව කුරුඳුවත්ත පොලිසිය පවසයි. 27 January 2023
තිහගොඩ ප්‍රාථමිකයේ සෙනුදි 195 ගනී “කාල සටහනකට අනුව වේලාව වෙන් කර ගෙන පාඩම් වැඩ ඒ දවස තුලම සිදු කලා.අධ්‍යාපන කටයුතු වගේම බාහිර ක්‍රියාකාරකම් ද සමබරව සිදු කලා. උත්සාහවන්තව වැඩ කලොත් අපි බලාපොරොත්තු වන ඉලක්කයට පහසුවෙන් යා හැකියි යැයි මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 195 ක් ලබා ගත් තිහගොඩ ප්‍රාථමික විද්‍යාලයේ ඩබ්ලිව්.කේ.සනුදි සෙනෙත්මා (10) සිසුවිය පැවසුවාය. 27 January 2023
රෙජි රණතුංග ප්‍රාථමිකයේ තරුෂ 195යි මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 195 ක් ලබා ගනිමින් ඉහළ සාමාර්ථයක් ලබා ගැනීමට මිනුවන්ගොඩ, රෙජී රණතුංග ප්‍රාථමික විදුහලේ තරුෂ නෙත්සර ඩයස් සිසුවා සමන්ව ඇත. 27 January 2023
කොමිෂන් සභා ගැන සදුදා තවත් තීරණයක් මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා පත් කිරීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 30 වෙනිදා සඳුදා නැවතත් රැස්වීමට නියමිතය. 27 January 2023
දිසා රැසකට අදත් වැසි නැගෙනහිර සහ ඌව පළාත්වලත්, මාතලේ දිස්ත්‍රික්කයේත් අද (27) විටින් විට වැසි ඇතිවන අතර, හම්බන්තොට සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 27 January 2023
හෙක්ටයාරයකට වාර්තා ගත අස්වැන්නක් මෙවර යල කන්නයේ දී හෙක්ටෙයාර් එකකින් වී කිලෝග්‍රෑම් 3207ක අස්වැන්නක් වාර්තා කර ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. 27 January 2023
සතුන්ට අටවන්න ගිය වෙඩිල්ල තමන්ට පත්තු වේ යාපනය මිරුසුවිල් ප්‍රදේශයේදී පුද්ගලයකු වෙඩි වැදීමෙන් මියගොස් ඇතැයි කොඩිකාමම් පොලිසිය පවසයි. 27 January 2023
නිදහසට එන අය බේරෙන් නාවන්න ගිය සමාජ ක්‍රියාකරු අල්ලයි ’’ ඔබත් 75 නිදහස් උලෙළේ ආරාධිත අමුත්තෙක් ද ? එසේ නම් ජනතා උත්තමාචාර මැද බේරේ වැවේ දිය කෙළීමට සූදානම්ව පැමිණෙන්න යැයි පවසමින් මුහුණුපොතේ( පෝස්ට්) අදහස් පළ කළ අරගලයේ ක්‍රියාකාරිකයකු මහරගම දී අත්අඩංගුවට ගත් බව පරිගණක අපරාධ කොට්ඨාසය කියයි. 27 January 2023
ගින්නෙන් තරුණ මව කුඩා දරුවන් දෙදෙනා මරුට මහමාන්කඩවල,වැවපාර ප්‍රදේශයේ නිවසක අද අළුයම සිදුවු හදිසි ගින්නක් හේතුවෙන් මව,දියණිය හා පුතා පිලිස්සි මිය ගොස් ඇතැයි ඇලයාපත්තුව පොලිසිය කියයි. 27 January 2023
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026