IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


විදුලි මීටර් අපනයනයට ලංකාව සූදානම්

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවට ඉදිරියේදී විදුලි මීටර් අපනයනය කිරීමට හැකිවන බවත් මෙරට විදුලි මීටර් අවශ්‍යතාවය සම්පුර්ණ කිරීමට ඇන්ටි ලෙකෝ විදුලි මීටර සමාගමට හැකි බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

එම  සමාගම විදුලි මීටර නිෂ්පාදන ධාරිතාව ඉහළ දැමීමට බලාපොරොත්තු වන බව කී අමාත්‍යවරයා ලංකා විදුලිබල මණ්ඩලයට සහ ලංකා විදුලි පෞද්ගලික සමාගමට අවශ්‍ය වන එකලා විදුලි මීටර් 250,000 ක  ප්‍රමාණයක් වාර්ෂිකව එම සමාගම නිපදවන බව ද සඳහන් කළේය.  

මෙම වර්ෂයේ සිට එම සමාගම තම සේවාවන් පුළුල් කරමින් තෙකලා විදුලි මීටර් සහ සුහුරු විදුලි මීටර නිෂ්පාදනය ආරම්භ කරන බවත් එකලා, තෙකලා සහ සුහුරු මීටර් අවශ්‍යතාව සම්පූර්ණ කිරීමේ හැකියාව ලැබෙන බවත් අමාත්‍ය විජේසේකර මහතා පැවසීය.

ඇන්ටි මීටර් සමුහයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන්, ලංකා විදුලිබල පෞද්ගලික සමාගමේ නිලධාරීන් සහ සමග ඉදිරි වැඩපිළිවෙල සහ නව නිෂ්පාදන හඳුවදීම පිළිබඳව පැවැති සාකච්ඡාවෙන් පසුව අමාත්‍ය කංචන විජේසේකර මහතා එසේ පැවසීය.

විදුලි මීටර් හිඟය හේතුවෙන් පසුගිය කාලයේ නව විදුලි සැපයුම් දීම ප්‍රමාද විය. 



අදහස් (2)

විදුලි මීටර් අපනයනයට ලංකාව සූදානම්

සල්ලි Friday, 09 June 2023 08:13 PM

ඔබේ ප්‍රචාරණය අපූරුයි... අපි ඊළඟ වතාවේත් ඡන්දේ දෙන්නම්....

:       8       1

Bamunuarachchi Sunday, 11 June 2023 05:26 PM

අපනයන පම්පෝරිය ගහන්න කලින් රටට අවශ්‍ය විදුලිමනු හදාගන්න බලන්න...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 536 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 271 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site