තවත් කොමිසමක කාලය දික් වෙයි සංහිඳියාව, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබඳ සොයා බැලූ කොමිෂන් සභාවල වාර්තා සලකා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිල කාලය ලබන මස 28 වැනිදා දක්වා දීර්ඝ කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇත. 28 January 2023
හිතුමතේට ලයිට් කැපූ මණ්ඩලයට වැඩ වරදියි ලංකා විදුලිබල මණ්ඩලය බලපත්‍රලාභියා ලෙස මහජන උපයෝගිතා කොමිසමේ නිර්දේශය අනුව ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් ඉදිරි දින දෙක තුළදී නීතිමය කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (28) පැවසීය. 28 January 2023
මැතිවරණ කොමිසමේ තවත් සාමාජිකයකුට මරණ තර්ජන මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික එම්.එම්.මොහොමඩ් මහතාට සිය ධුරයෙන් ඉවත් වන ලෙසට දුරකථනයෙන් ඊයේ (27) රාත්‍රියේ මරණ තර්ජන එල්ල කර ඇතැයි වාර්තා වේ. 28 January 2023
චීනයේ වසර දෙක අයි.එම්.එෆ් ණයට ගැටළුක් ද? පැරිස් සමාජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දිය යුතු යැයි නිර්දේශ කර ඇති වසර 10 ණය ආපසු ගෙවීම අත් හිටුවීමේ කාල සීමාව වෙනුවට චීනයේ එක්සිම් (අපනයන - ආනයන) බැංකුව මෙරටට ලබා දී ඇත්තේ වසර දෙකක කාලයක් වීම හේතුවෙන් එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය ලබා ගැනීමේ ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුවට බලපෑමක් එල්ල කළ හැකි බව ද හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත පෙන්වා දී ඇත. 28 January 2023
මෙවර නිදහස් උත්සවයට කුකුල්ලුත්? බිත්තර ප්‍රශ්නයට විසඳුමක් නොලැබුණහොත් කුකුළන් කිකිළියන් රැගෙන නිදහස් උත්සවයට පැමිණෙන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසීය. 28 January 2023
කළුතරදී දුම්රියක් පීලි පනී බඩු භාණ්ඩ ප්‍රවාහනය කරන දුම්රියක එන්ජිමක් කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේදි අද දහවල් පීලි පැනීමෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමනය කළුතර දකුණ දුම්රිය ස්ථානය ආසන්නයේ මුළුමනින්ම අවහිරවි ඇතැයි කළුතර දුම්රිය බළධාරින් සදහන් කරයි. 28 January 2023
මහරගම නගරාධිපති වාහනයේ රෝද කපලා මහරගම නගරාධිපති ටිරාජ් ලක්රුවන් පියරත්න මහතාගේ නිල කැබ් රථයේ ටයර්වලට තියුණු ආයුධයකින් ඇන බරපතල අලාභානි සිදු කළ වැඩ පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය කියයි. 28 January 2023
චාල්ස්ගේ ඉල්ලා අස්වීම පිළිගන්නවාද? නැද්ද? මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එස්.එම්.චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීම පිළිගන්නවා ද?නැද්ද? යන කාරණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙතෙක් තීරණය කර නැත. 28 January 2023
මැතිවරණ කොමිසම ගැන ව්‍යවස්ථා සභාවෙන් ප්‍රකාශයක් මැතිවරණ කොමිසමේ සාමාජිකාවක ඉල්ලා අස්වී ඇතැයි මෙතෙක් නිල වශයෙන් දැනුම් දී නැති බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පවසයි. 28 January 2023
’’මාලිමාවේ ආණ්ඩුවක් ළඟ ළඟම එනවා’’ රට දාලා යන්න එපා මාලිමාවේ ආණ්ඩුවක් නුදුරේදීම හදන හෙයින් රට ඇත හැර නොයන්නැයි වෘත්තීයවේදීන් ඇතුළු සියලු පාර්ශවලින් ඉල්ලීමක් කරන බව ජාතික ජන බලවේගය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 28 January 2023
වික්ටෝරියා නූලන්ඩ් ලංකාවට එයි අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය ජනවාරි 28 සිට පෙබරවාරි 03 වැනිදා දක්වා නේපාල්, ඉන්දියාව, ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත. 28 January 2023
පලාලි අවට ඉඩම් බෙදන්න කලින් හමුදාවෙන් අහන්න යාපනය පලාලි අවට ඉඩම් සාමාන්‍ය ජනතාවට බෙදා දීමට පෙර ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ ප්‍රධානීන්ගෙන් උපදෙස් ලබාගන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් වීරසේකර මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කළේය. 28 January 2023
අමාත්‍යාංශ දෙකකට අලුත් ලේකම්වරු අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබූහ. 28 January 2023
පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි බස්නාහිර, සබරගමුව හා දකුණු පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (28) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 28 January 2023
උතුරේ අක්කර 100ක් නිදහස් කරයි උතුරේ ආරක්ෂක අංශ මෙතෙක් පරිහරණය කළ දෙමළ ජනතාව සතු පෞද්ගලික ඉඩම් ලෙස හදුනාගත් අක්කර 100 ක ඉඩම් ප්‍රමාණයක් එම ජනතාව වෙත පවරා දෙන ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී, ජනපති ජ්‍යෙෂ්ඨ ආරක්ෂක උපදේශක සාගල රත්නායක මහතා දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දී ඇත. 28 January 2023
ජපානය බේරෙ වැවේ මල් පූදන්න යයි කොළඹ බේරේ වැව පිරිසිදු කොට අලංකාර කිරීමේ ව්‍යාපෘතියක් නොමිලේ කරදීමට ජපන් සමාගමක් රජයට එකඟතාවය පළ කර තිබේ. 28 January 2023
බැන්කි මූන් ලංකාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම් බෑන් කී මූන් මහතා පෙබරවාරි මස 06 දා මෙරටට පැමිණීමට නියමිත බව දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 28 January 2023
මුගටි විසෙන් ව්‍යාපාරිකයා මරුට එලවාගෙන ආ සුනඛයින්ගෙන් බේරීම සඳහා නිවස තුළට රිංගාගත් මුගටියකු පලවා හැරීමට උත්සහ කළ ව්‍යාපාරිකයකුගේ එක් කකුලක මහපට ඇඟිල්ල එම මුගටියා විසින් සපා කෑම නිසා රෝගාතුරව හලාවත රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එම ව්‍යාපාරිකයා මියගිය බව හලාවත රෝහලේ පැවැති මරණ පරීක්ෂණයේදී කරුණු අනාවරණය විය. 27 January 2023
එප්පාවල රාහුලෙත් 195 හපනෙක් මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 195 ක් ලබා ගනිමින් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීමට එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයේ ඩී.එම් සස්විදු පූජාන දිසානායක සිසුව සමත්ව ඇත. 27 January 2023
195 හපනෙක් ගිරිඋල්ලෙත් මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ගිරිඋල්ල කිලිම්පොල ප්‍රාථමික විද්‍යාලයේ ඩබ්ලිව් කිසිඳු ගෙත්මිර වීරසූරිය සිසුවා ලකුණු 195 ක් ලබාගැනීමට සමත් විය. 27 January 2023
පොහොට්ටුව බිංදුවට බැස්සිය යුතුයි මෙරට දේශපාලනයෙන් පවුල් පාලන අවසන් කිරීමට එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ‘පොහොට්ටුව’ බිංදුවට බැස්සිය යුතු බවත් මෙතෙක් අත්හදා නොලැබූ සමහරුන් අත්හදාබැලීමට ජනතාව උත්සහ නොකළ යුතු බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, නිදහස් ජනතා සන්ධානයේ ප්රධාක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවිංශ මහතා අද (27) පැවසීය. 27 January 2023
විදුලිය කැපුණොත් කොමිසමට කියන්න උසස් පෙළ විභාගය පැවත්වෙන ලබන පෙබරවාරි 17 දක්වා කාලය තුළ විදුලි කප්පාදුවකට අවසර දී නොමැති නිසා අනවසරයෙන් කරන විදුලි කප්පාදුවලට මුහුණ පෑමට සිදුවුවහොත් ඒ පිළිබද මහජන උපයෝගිතා කොමිසමට ලිඛිතව පැමිණිලි කරන ලෙස එම කොමිසම ජනතාවගෙන් ඉල්ලා සිටියි. 27 January 2023
‘නිදහස් ජනතා සන්ධානය’ ඡන්ද වැඩ අරඹයි ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 35 ක් නියෝජනය කරන මෙවර පළාත් පාලන මැතිවරණයට ‘හෙලිකොප්ටරය’ ලකුණෙන් තරග කරන ‘නිදහස් ජනතා සන්ධානය’ මැතිවරණ ප්‍රචාරණ කටයුතු කොළඹදී අද (27) නිලවශයෙන් ආරම්භ කළේය. 27 January 2023
මානව හිමිකම් කොමිසමට විදුලි ඇමතිගෙන් චෝදනා විදුලි කප්පාදුව පිළිබඳව මානව හිමිකම් කොමිෂන් සභාව සමඟ පැවති සාකච්ඡාවට සහභාගී වූ ඛනිජ තෙල් අමාත්‍යංශයේ නිලධරීන්ට මානව හිමිකම් කොමිසමේ සාමාජිකයින් දෙදෙනෙක් එකඟ නොවූ ලිපි දෙකකට අත්සන් කරන ලෙස බලපෑම් කර ඇති බවත් ඔවුන්ව සිරගත කරන බවට තර්ජනය කර ඇති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. 27 January 2023
විදුලිය කැපීමට මහජන කොමිසමෙන් අවසර නෑ උසස් පෙළ විභාගය අවසන් වන ලබන පෙබරවාරි 17 වැනිදා තෙක් විදුලිය කප්පාදු කිරීමට කරන කිසිඳු ඉල්ලීමකට අවසර නොදෙන බවට මහජන උපයෝගිතා කොමිසම අද (27) ලංකා විදුලිබල මණ්ඩලයට ලිඛිතව දැනුම්දී තිබේ. 27 January 2023
කාදිනල්ගේ පෙත්සමට සංශෝධන ඉදිරිපත් කරන්න අවසර ඉරුදින පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත්කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කොමිසමේ නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීමට නියෝග කරන ලෙස ඉල්ලා කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරුතුමන් ගොනු කර ඇති රිට් පෙත්සම සම්බන්ධයෙන් සංශෝධන ඉදිරිපත් කිරීමට අභියාචනාධිකරණය අවසර ලබා දුන්නේය. 27 January 2023
නවසීලන්ත මහ කොමසාරිස් සාගල හමුවෙයි ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇප්ල්ටන් (Michael Appleton) මහතා සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. 27 January 2023
ජොන්ස්ටන්ට එරෙහි නඩුවක් මැයි 10ට කල්යයි වෙළඳ ඇමතිවරයා වශයෙන් කටයුතු කරන සමයේ ස.තො.ස. සේවකයන් ඔවුන්ගේ රාජකාරි කටයුතු වලින් බැහැරව දේශපාලන හා පෞද්ගලික කටයුතු වල යොදා ගැනීමෙන් රජයට පාඩු කළ බවට චෝදනා කරමින් හිටපු සමුපාකාර ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශණ කොමිසම පවරා ඇති නඩුව පවත්වාගෙන යෑමට නොහැකි බවට විත්ති පාර්ශවයෙන් මතුකළ මුලික විරෝධතාවය ප්රතික්ෂෙප කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිතය පටබැදිගේ මහතා නඩුව විභාග කිරීමට අද (27) තීරණය කළේය. 27 January 2023
නිලන්ත ගැන විනය පරීක්ෂණයක් 2019 වසරේ සිදු වු පාස්තු ඉරුදින ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වළක්වා ගැනීමට පියවර නොගත්තැයි චොදනා එල්ල වන හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා සම්බන්ධයෙන් කඩිනමින් විනය පරීක්ෂණයක් පවත්වා එම වාර්තාව ශ්‍රේෂ්ඨාධිකරණ ට ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද (27) පැවසීය. 27 January 2023
මුතුරාජවෙල මායිම් වාර්තාවක් දෙන්න මාස 3ක් කල් දෙයි මුතුරාජවෙල තෙත් බිමෙහි මායිම් සළකුණු කර ඒ පිළිබඳ සවිස්තර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමට අභියාචනාධිකරණය මාස 3 ක කාලයක් නීතිපතිවරයාට ලබා දුන්නේය. 27 January 2023
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026