IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


රැඳවුම් නිවසේ සිට සාපෙළ ලියන්න ඇවිත් පැන යයි

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සහ අත් බෝම්බයක් සන්තකයේ තබා ගත්තේ යැයි කියන චෝදනාව මත  අත්අඩංගුවට ගෙන රැඳවුම් නිවසක රඳවා සිටි පාසල් සිසුවකු අපොස සාමාන්‍ය පෙළ විභාගයට පිළිතුරු සපයන අතරතුර බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදි පළාගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙසේ පලා ගොස් ඇත්තේ පානදුර දොඩංගහවත්ත බෙත්ම‍ෙගම ප්‍රදේශයේ පදිංචි සිවෙකි.

පානදුර මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව මෙම ළමයා මාකොළ පිරිමි ළමා රැදවුම් මධ්‍යස්ථානයේ රඳවා සිට ඇත.

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ අවසන් දිනය වූ ඊයේ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ විභාග මධ්‍යස්ථානය වෙත කැඳවාගෙන පැමිණ ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

සැකකාර ළමයා විභාගයට පෙනී සිටින අතර තුර ඔහුට වැසිකිලි  යාමට අවශ්‍ය බව ශාලාධිපතිනිය දැනුම්දී ඇති අතර ඒ අනුව බන්ධනාගාර නිලධාරියා සැකකරු විභාග ශාලාව අසල පිහිටි වැසිකිළියට රැගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.

ඒ අවස්ථාවේ බන්ධනාගාර නිලධාරියා තල්ලුකර දමා ඔහු පළාගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.

සපුගස්කන්ද පොලිසියට මේ බව පැමිණිලි කිරීමෙන් පසු  ළමයා අත්අඩංගුවට ගැනීමට සපුගස්කන්ද පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.

 



අදහස් (0)

රැඳවුම් නිවසේ සිට සාපෙළ ලියන්න ඇවිත් පැන යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 536 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 271 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site