IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


එමීර් රාජ්‍ය බෞද්ධ සිද්ධස්ථානයක්

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාව සහ එක්සත් ආරාබි එමීර් රාජ්‍ය අතර ආගමික හා සංස්කෘතික සම්බන්ධතාව ප්‍රවර්ධනය කිරීම සදඟා බෞද්ධ සිද්ධස්ථානයක් සහ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම එක්සත් ආරාබි එමීර් රාජ්‍යයෙන් අවශ්‍ය සහාය මෙන්ම ඒකඟත්වය පළ කළ බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ තනාපති කලීඩ් නසීර් මහතා සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අතර පැවැති හමුවකින් අනතුරුව අමාත්‍යවරයා එසේ සඳහන් කළේය.

දෙරට අතර ආගමික හා සංස්කෘතික හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, පර්යේෂණ හා අධ්‍යයන අවස්ථා හුවමාරු කර ගැනීම, ශ්‍රී ලංකාව තුළ හා එක්සත් ආරාබි එමීර් රාජ්‍යය තුළ පුරාවිද්‍යා ප්‍රදර්ශනයන් පැවැත්වීම, ඉතිහාසය, පුරාවිද්‍යාව හැදැරීමේ අධ්‍යයන අවස්ථා දෙරට අතර පුළුල් කිරීම ආදී කරුණු ගණනාවක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ ද අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.



අදහස් (2)

එමීර් රාජ්‍ය බෞද්ධ සිද්ධස්ථානයක්

වජිර කුමාර Friday, 09 June 2023 07:06 PM

දැනගන්න කැමැති මොන පන්සලකටද අවසර දීලා තියෙන්නේ...! දැනට ලංකාරාමය/ අසපුව/ දම්දිය විහාරය කියලා තුනක් තියෙනවා...! තෙරුවන් සරණයි...!

:       0       0

SANJEEWA Saturday, 10 June 2023 12:30 AM

ගරු ඇමැතිතුමනි, කටාර් වලටත් පන්සලක් ලබාදෙන්න..

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 536 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 271 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site