(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාව බරපතළ අවදානමකට ලක්විය හැකි බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තුවට අද (9) ඉදිරිපත් කළ" ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලිකකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට වන බලපෑම් " පිළිබඳ වාර්තාවේ සඳහන් වේ.
එම කාරක සභාවේ සභාපති ආචාර්ය සරත් වීරසේකර මහතා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
වැදගත් සන්නිවේදන රැහැන් පෞද්ගලික සමාගම් සතුවුවහොත් ජාතික ආරක්ෂක සහ රාජ්‍ය ආරක්ෂක මෙහෙයුම් අනතුරට ලක්වී බරපතල ප්‍රතිවිපාක ඇතිවිය හැකි බවද එම වාර්තාව පෙන්වා දෙයි.
එබැවින් ඒ සම්බන්ධයෙන් කවර කවර හෝ තීරණයක් ගැනීමට මත්තෙන් ජාතික ආරක්ෂාවට විය හැකි බලපෑම සමාලෝචනය කිරීම වැදගත් බවද වාර්තාව සඳහන් කළේය.
ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණයවීමෙන් පසු නිවැරදි බදු ගෙවීම පැහැර හරිමින් ආයතනය නිත්‍යානුකූල ව්‍යාපාර කටයුතුවලින් බැහැරව වෙනත් ආදායම් ඉපැයිය හැකි තැනකට තල්ලු විය හැකි බව මහජන ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පවසයි.
මෙසේ හෙයින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමට කමිටුව නිර්දේශ නොකරන බවද වාර්තාවේ දැක්වේ.
එසේම ත්‍රස්තවාදීන්ට අන්තවාදීන්ට හෝ ඔවුනට උපකාර කළ කිසිවකුට හෝ අසාදු ලේඛන ගත කර ඇති සංවිධානයකට කිසිදු කොටසක් මිලදී ගැනීමට සහ ජාතික වත්කම් පාලනයට ඉඩ නොදිය යුතු බවද එම වාර්තාව නිර්දේශ කරයි.
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කළහොත් එහි බහුතර කොටස්වල අයිතිය සහ පාලනය පෞද්ගලික ආයෝජකයන් සතු වන හෙයින් ඔවුන් සිය ලාභය මිස රටේ පැවැත්ම ගැන කල්පනා නොකරනු ඇතැයිද එහි වැඩිදුරටත් දැක්වෙයි.
ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති මන්ත්‍රී සරත් වීරසේකර මහතා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයෙ ආයතන වගෙ නෙමේ පෞද්ගලික අංශයෙ ආයතන නියම විනයක් ඇතිව වැඩකරනව...පාස්කු ප්‍රහාරය වෙන බවට සියලු තොරතුරු ලැබිලත් එය වලක්ව ගන්න බැරි උනෙ රජ්‍ය ආයතනවල තියෙනෙ අලසකම නිසා...මෙතන ගොන් ටෝක්ඩ දාන්න එනව.
එළ සරත් එළ...
සරත්ගේ බිල්ලෝ ජාතික ආරක්ෂාව කියන්නේ මොවුන්ගේ ආරක්ෂාව තමයි.. නැතුව ජනතාව නෙවෙයි, ජනතාවට හෙන ගැහුවත් ජාතික ආරක්ෂාව ඉස්සරහට දාගෙන දේශපාලකයින්ගේ ආරක්ෂාව හදාගන්න එක තමයි හැමදාම කරන්නේ...