
(කේ බුද්ධික කුමාරසිරි)
සිය කුඩා දරු දෙදෙනා සමගින් කොස් ඇට තම්බා කා ජීවත්වන මවක පිළිබදව කඩුවෙල වෙලේ හන්දිය ප්‍රදේශයෙන් වාර්තා වේ.
36 හැවිරිදි මෙම දෙදරැ මවට මාසයක් වයසැති සිගිත්තකු සහ වයස අවුරුදු හතරක පිරිමි දරැවකු සිටින අතර සැමියා ඇය හැර ගොස් ඇති නිසා කුලී කාමරයක ජීවත් වන්නීය.
තමන්ට නිසි ආහාර වේලක් නොමැති නිසාවෙන් මාසයක් වයසැති කුඩා දරැවාට මව් කිරි ලබා දීමට තමන්ට කිරි නොඑරෙන බවත් දරුවන්ට දින කිහිපය පුරාම කොස් පමණක් ආහාර ලෙස ලබා දුන් බවත් ඇය පැවසූවේ කදුලු සලමිනි.
ඇය දැනට සිටින කුලී කාමරයට මෙම මාසයේදී කුලී මුදල් ලබා දීමට හැකියාවක් නොලැබී ඇති බවත් එයට පෙර සිටි කුලී නිවසේ මාසික කුලිය ලෙසට ආහාර පිසිමින් සිටි ගෑස් සිලින්ඩරය සහ ලිප අදාල කුලී නිවසේ හිමිකරුවන් ට ලබා දී පැමිණි බවද ඇය පැවසුවාය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලිපිනයක්, දුරකථන අංකයක් සඳහන් කළා නම් උදව්වක් කරන්න පුළුවන්...!
මේ අයගේ තොරතුරු ඊමේල් කරන්න පුළුවන්ද?
කරුණාකර සම්බන්ධ විය හැකි දුරකථන අංකයක් ලබාදෙන්න.
ඔන්න අපේ රටේ දරිද්‍රතාවය සහ උද්දමනයේ තරම...
බැලූ බැල්මට දුක්බරයි. ගෑස් සිලින්ඩරයෙන් ණය ගෙවන මට්ටමට එනතුරු සැමියා ගැන තේරුම් ගියේ නැතිද..? මාසයක දරුවෙක්? කලින් දරුවා පෝෂණය කළ නොහැකි මට්ටමක් තිබුණි නම්, තවත් දරුවෙක්.. සැමියාගේ තරම දැන සිටියා නම්.. වයස 36 නම්, දෙවන දරුවා නොව පළමු දරුවට හා තමන්ට යැපීමට රැකියාවක් හිතුවේ නැද්ද..? මේ සානුකම්පිත සපිරි සිරි ලංකාවයි..! අපි දන්නා තරමින් කොස් ඉතා හොඳින් කිරි එරීමට උදව් වෙනවා.
ඔවුන්ට අමතන්නේ කොහොමද?
ඇතැම් පන්සල්, කෝවිල් ආශ්‍රිතව කොතරම් කෑම විසිකරනවාද? ඇයි මෙවැනි අසරණයින්ට පිහිට වීමෙන් පින් අපේක්ෂා නොකරන්නේ?
මේ අම්මා සහ දරුවන්ට උපකාරයක් කරන්නේ කෙසේද?
ඔවුන්ට උදව්වක් කරන්න කොහොමද සම්බන්ධ කරගන්නේ?
මේ අම්මා සහ දරුවන්ට උපකාරයක් කරන්නේ කෙසේද?
අපිට උදව් කළ හැකිද? විස්තර එවන්න. 0715588146
විස්තර එවන්න...
කරුණාකර දුරකථන අංක එවන්න...
පුළුවන් උදව්වක් කරන්න විස්තර දෙන්න.
ළඟම තිබෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට, ග්‍රාම නිලධාරී මගීන් දන්වන්න...
ඇයට උදව් කරන්න කැමැතියි.
අනේ අප්පේ! කොස් ඇට කාලා ජීවත්වෙන අය දැකලා ජීවිතේට කොස් ඇට නොකාපු හැම් බේකන්, චීස්, බටර් කාලා හැදුණු අයට හරියට දුක හිතිලා.. ඇයි? ඒ කාන්තාවට අතපය නැද්ද? අනේ නිකම් ලෝකෙට පේන්න බොරු නොකර හම්බ කරන තුට්ටු දෙකෙන් කාලා බීලා ජීවත් වෙයල්ලා මිනිසුනේ... සුද්දෝ කන විදිහට, උඹලා කනවා නෙවෙයි, ලෙව කනවා... බල්ලෝ බළල්ලු ගානට දරුවන්ව ජාතක කරලා මහපාරේ දාලා යන්න ලංකාවේ පිරිමි හරි හපන්නුනේ...