IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඉන්දීය - ශ්‍රී ලංකා ආරක්ෂක සම්මන්ත්‍රණයක්

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආරක්ෂක උපකරණ සම්බන්ධයෙන් සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පළමු වරට සංවිධානය කළ ඉන්දීය - ශ්‍රී ලංකා ආරක්ෂක සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනය කොළඹ ටාජ් සමුද්‍රාහිදී පැවැත්විණි.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සහභාගී වූ අතර ඉන්දීය මහ කොමසාරිස් එච්. ඊ. ගෝපාල් බග්ලේ, ආරක්ෂක ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ශ්‍රී ලංකා නාවික හමුදාපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහූ ද සහභාගි වූහ.

මෙම අවස්ථාවට ප්‍රමුඛ පෙළේ ඉන්දීය ආරක්ෂක සමාගම් 16 ක නියෝජිතයින් ද, ශ්‍රී ලංකාවේ කර්මාන්ත නියෝජිතයෝ ද, සහභාගි වූහ.

දෙරටේ ආරක්ෂක අංශයේ පාර්ශ්වකරුවන් එක්රැස් කරමින් පළමු සහයෝගිතා ප්‍රදර්ශනය පැවැත්වීම පිළිබඳව මහ කොමසාරිස්වරයා ප්‍රශංසා කළේය.

ඉන්දියාව ආරක්‍ෂක උපකරණ රටවල් 85 කට අපනයනය කරන බවත් ආරක්ෂක අපනයනවලින් 2022 අප්‍රේල් සිට 2023 මාර්තු දක්වා ඇමෙරිකානු ඩොලර් බිලියන 2 ක් උපයා ඇති බවත් මහ කොමසාරිස්වරයා කීය.

කලාපයේ හවුල්කාර රටවල් සමඟ ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීමට ඉන්දියාවේ කැපවීම සහ ‘ලෝකය එකම පවුලක්’ පිළිබඳ ඉන්දීය රජයේ දර්ශනයට අනුකූලව මෙම සම්මනත්්‍රණය සංවිධානය කළ බව ද වැඩි දුරටත් සඳහන් කළේය.

වීඩියෝ පණිවුඩයක් මගින් රැස්ව සිටි පිරිස අමතමින් ඉන්දීය ආරක්ෂක ලේකම් ශ්‍රී ගිරිධර් අරමානේ මහතා ශ්‍රී ලංකාව ඉන්දියාවේ ප්‍රමුඛ හවුල්කරුවා ලෙස විස්තර කළ අතර අගමැති මෝදිගේ ‘සාගර්’ දැක්මේ කොටසක් ලෙස ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්හි ධාරිතාව සහ හැකියාවන් ගොඩනැගීමට ඉන්දියාව කැපවී සිටින බව සහතික කළේය.

ඉන්දියා සහ ශ්‍රී ලංකා ව්‍යාපාරික නියෝජිතයින්, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය අතර ඉදිරිපත් කිරීම්, සජීවී සංදර්ශන සහ අන්තර් ක්‍රියාවලින් සමන්විත වූ විචිත්‍රවත් සම්මන්ත්‍රණය ආරක්ෂක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ධනාත්මක සාකච්ඡාවක් සහ සම්බන්ධයක් බව ද ඉන්දීය ආරක්ෂක ලේකම් ශ්‍රී ගිරිධර් අරමානේ මහතා මෙහිදී වැඩි දුරටත් කීය.

මෙම ප්‍රදර්ශනය නරඹන්නන් සඳහා ද විවෘතව පැවති අතර අනෙකුත් ආරක්ෂක නිලධාරීන්, බාලදක්ෂයන්, ශිෂ්‍යභටයින් සහ උනන්දුවක් දක්වන පුද්ගලයින් රැසක් පැමිණ සිටියහ.



අදහස් (0)

ඉන්දීය - ශ්‍රී ලංකා ආරක්ෂක සම්මන්ත්‍රණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 536 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 271 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site