(යොහාන් භාසුර)

ජනාධිපතිවරයා විනිසුරුවරු කැඳවා මැතිවරණය පැවැත්වුවහොත් කිසිඳු දේශපාලන පක්‍ෂයකට සියයට 50 ක් ගන්න බෑ කියන එක හරහා අනියම් ආකාරයට බලපෑම් කළේ යැයි සැකයක් මතු වන බවත් ජනාධිපතිවරයා විනිසුරුවන් කැඳවා කළ එම ප්‍රකාශයට විරෝධය දක්වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අද (9) පැවසීය.

මැතිවරණ සම්බන්ධයෙන් නඩු ආවම යම් යම් තීන්දු දීලා අපරාදේ මැතිවරණයක් තියන්නේ කියන කාරණය එහිදී ජනාධිපතිවරයා කියන්න උත්සහ කළේ යන ගැටලුව මතු වන බව කී ඩිලාන් පෙරේරා මහතා අනියම් විදියකට බලපෑමක් කළා ද, විධායකට අධිකරණයට බලපෑම් කරන්න පුළුවන් ද, යන ගැටලුව මතුවන බව ද සඳන් කළේය.

එහි සිටි ඇතැම් විනිශ්චකාරවරුන් මැතිවරණයට සල්ලි දෙන්න කියලා තීන්දු දීපු විනිසුරුවන් බව කී මන්ත්‍රීවරයා පැවසුවේ ජනාධිපතිවරයාගේ සියයට 50 ප්‍රකාශය කිසිඳු සත්‍යයක් නොමැති ප්‍රායෝගිකව බොරුවක් බවත්ය.

මේ අවස්ථාවේ ජනාධිපතිවරණයක් තිබුණොත් ආණ්ඩු පක්‍ෂයට සියයට 20 ක් සහ විරුද්ධ පක්‍ෂයට සියයට 80 ක් ඡන්ද ලැබෙන බවත් ජනාධිපතිවරණයේදී සියයට 80 යම් යම් කොටස්වලට කැඩෙනවා කියලා හිතාගෙන ජනාධිපතිවරයා කිසිවෙක්ට සියයට 50 ක් නොලැබෙන්නේ යැයි කියන බවත් ඒ මහතා කීය.

‘නිදහස ජනතා සභාව’ කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අද (09) එසේ පැවසීය.