බිත්තරයක උපරිම ගාන මේ සතිය ඇතුලත බිත්තර සදහා උපරිම සිල්ලර මිල නියම කරන යෝජනාව මෙම සතිය ඇතුලත පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට ඉදිරිපත් කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කළේය. 06 March 2024
රනිල් ඉරිදා ’’සටන’’ අරඹයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන ඉරිදා (10) කුලියාපිටියෙන් මැතිවරණ සටන අරඹයි. 06 March 2024
දිස්ත්‍රික්ක කිහිපයකට සවස් කාලයේදී වැස්ස දකුණු පළාතේත් රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවලත් සවස්කාලයේදී හෝ රාත්‍රී කාලයෙදී ස්ථාන ස්වල්පයක වැසි ඇතිවිය හැකි බන කාාලගුණවිද්යා දෙපාර්තමේන්තුව කියයි. 06 March 2024
කැනඩා යන්න සහතික දෙන්න මුදල් ගැරූ අධ්යක්ෂ රිමාන්ඩ් කැනඩාවේ රැකියා අපේක්ෂකයන්ට ජාත්‍යන්තරව පිළිගත් සහතික පත්‍රයක් ලබා දෙන බවට පවසා පඨමාලා හදාරන්නන්ගෙන් රුපියල් කෝටි පහකට අධික මුදලක් ලබාගෙන වංචා කළේ යැයි ඇප මත මුදාහැර සිටි බම්බලපිටිය පුද්ගලික අධ්‍යාපන ආයතනයේ අධ්යක්ෂවරයා ලබන 18 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය. 06 March 2024
පැරණි සෙල්ලිපි තුනක් අම්පාරෙන් ඉපැරණි සෙල් ලිපි තුනක් අම්පාර දිස්ත්‍රික්කයෙන් හමුවී ඇති බව කැළණිය විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අංශයේ මහාචාර්ය රාජ් සෝමදේව මහතා පවසයි. 06 March 2024
නාවලපිටියේ සිද්ධියට දුම්රියේ තුනකගේ වැඩ තහනම් කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වූ අංක 5 පොඩිමැණිකේ දුම්රියේ ගමන්ගත් සංචාරකයන් දෙදෙනකුට පහරදුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නාවලපිටිය දුම්රිය ස්ථානයේ තිදෙනකුගේ වැඩ තහනම් කළ බව දුම්රිය දෙපර්තමේන්තුව නිලධාරියෙක් පැවැසීය 05 March 2024
ෆේස්බුක් ,ඉන්ස්ට්‍රග්‍රෑම්, මැසෙන්ජර් යථා තත්ත්වයට ෆේස්බුක් ,ඉන්ස්ට්‍රග්‍රෑම් සහ මැසෙන්ජර් ගිණුම් එකවරම ලොගවුට් වීමෙන් සිදු වූ අවහිරතාව යළි යථාතත්ත්වයට පත්ව තිබේ. 05 March 2024
ෆේස් බුක්-ඉන්ස්ට්‍රග්‍රෑම්-මැසෙන්ජර් හිටිහැටියේ ලොගවුට් වෙයි රටවල් කිහිපයක ෆේස්බුක් ,ඉන්ස්ට්‍රග්‍රෑම් සහ මැසෙන්ජර් ගිණුම් එකවරම ලොගවුට් වී ඇතැයි මාධ්‍ය වාර්තා කරයි 05 March 2024
ව්‍යාජ නෝට්ටු 45ක් සමඟ අයෙක් මාට්ටු පොතුහැර කුරිපොත්ත ප්‍රදේශයේදී රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 45 ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොතුහැර පොලීසිය කියයි. 05 March 2024
මහ බැංකු නිලධාරීන්ට පක්ෂ නායකයන්ගෙනුත් දොස් ශ්‍රී ලංකා මහා බැංකුවේ සියලු නිලධාරීන්ගේ වැටුප් සියයට හැත්තෑවකින් වැඩි කර ගැනීමේ තීරණය සම්බන්ධයෙන් අද (5) පාර්ලිමේන්තුවේදී පැවති පක්ෂ නායක රැස්වීමේදී පක්ෂ නායකයෝ සියලු දෙනා එම බැංකුවේ ප්‍රධානීන් දැඩි ලෙස විවේචනය කළහ. 05 March 2024
මනූෂට නොතීසි පුද්ගලික ආයතනයක අධ්‍යක්ෂක ධුරයක් දැරූ අවධියේ බදු ගෙවීම් පැහැර ඇතැයි කියන කම්කරු හා විදේශ රැකියා ඇමති මනූෂ නානායක්කාර මහතාට සහ එම ආයතනයේ අධ්‍යක්ෂකවරුන් තිදෙනෙකුට අප්‍රියල් මස 02 දින අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා නොතීසි නිකුත් කර ඇත. 05 March 2024
චන්න ජයසුමනට අසේල සම්පත්ගේ කණගාටුව: පැවරූ නඩුව සමතයකට ප්රවෘත්ති සාකච්ඡාවකදී අපහාසාත්මක ප්‍රකාශ කිරීමෙන් සිදුවූ කීර්ති හානියට රුපියල් මිලියන 500ක වන්දියක් අයකර දෙන්නයි ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය,පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතාට එරෙහිව පැවරු නඩුව සමථයකට පත්කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතාන මහතා අද (05) නියෝග කළේය. 05 March 2024
පාරිභෝගික අධිකාරියේ අධ්යක්ෂ මණ්ඩලය ඉවතට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල මහතා මහතා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයට ඉවත් වන ලෙස වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා දැනුම් දී තිබේ. 05 March 2024
වැට් නොගෙවු පෞද්ගලික සමාගමක දෙන්නෙක්ට රටින් පිටවීම තහනම් එකතු කළ අගය මත බදු ගෙවීම (වැට් බදු )පැහැර හැරියේ යැයි කියන බ්ලූ මවුන්ටන් ප්‍රොපටිඩිවලොපර්ස් සමාගමේ 05 March 2024
දුම්රිය වර්ජනය අතහැර දමයි ලොකොමොටිව් ඔපරේටින්ග්ස් ඉංජිනේරු සංගමය ඇතුළු දුම්රිය වෘත්තීය සමිති කීපයක් ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් අද (5) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩවර්ජනයක් අතහැර දැමූ බව ලොකොමොටිව් ඔපරේටින්ග්ස් ඉංජිනේරු සංගමය අද (5) පස්වරුවේ පැවසීය. 05 March 2024
සරසවි සිසුනට කඳුළු ගෑස් කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් විසින් පැවැත්වූ සිසු විරෝධතාවකට පොලිසිය කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ. 05 March 2024
කොළඹ දුම්රිය ගොඩනැගිලි ලස්සන කර ලාභ උපයන්න යයි කොළඹ නගරය ආශ්‍රිතව ප්‍රධාන දුම්රිය ස්ථාන පිහිටි ගොඩනැගිලි වාණිජ මධ්‍යස්ථාන වශයෙන් වැඩි දියුණු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 05 March 2024
විදේශිකයන් දෙදෙනා පැයක් ‘පොඩි මැණිකේ’ ප්‍රමාද කරති ‘පොඩි මැණිකේ’ දුම්රියේ අනවසරෙන් ගමන් කළ විදේශිකයන් දෙදෙනකු නිසා එම දුම්රිය පැයකට ආසන්න කාලයක් නාවලපිටිය දුම්රිය ස්ථානයේ නවතා තැබීමට සිදුව ඇති බවත් අදාල විදේශිකයන් දෙදෙනා පොලිසිය අත්අඩංගුවට ගත් බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් අද (5) පැවසීය. 05 March 2024
කොමඩු වගාවෙන් දින 60කදී ලක්ෂ 40ක් ඉපැයු ගොවි මහතා අනුරාධපුර තිරප්පනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තරුණ ගොවි මහතෙකු නවීන තාක්ෂණය යොදා ගෙන සිදුකල අක්කරයක කොමඩු වගාවකින් දින හැටක් තුළදී රුපියල් ලක්ෂ හතළිහක ආදායමක් ඉපැයු ගොවි මහතකු පිළිබඳව තිරප්පනය - ඌරාකොටේ ගම්මානයෙන් වාර්තාවේ. 05 March 2024
සීනි සමාගමේ සභාපති පැය තුනක් සිරකරති සෙවනගල සීනි සමාගමේ සේවකයෝ මි දිරි දීමනා කප්පාදු නොකරන්නැයි ඉල්ලා සීනි සමාගමේ සභාපති ඇතුළු නිලධාරීන් පිරිසක් සමාගමේ කාමරයක් තුළ පැය තුනකට ආසන්න කාලයක් සිර කර තබා ගත්හ. 05 March 2024
සිසුවියකට හදිකළ ගුරුවරයාට වසර 12ක සිර දඬුවමක් පාසල් සිසුවියක් ලිංගික අපයෝජනය කල ස්වෙච්ඡා ගුරුවරයෙකුට වසර 12 ක බරපතල වැඩ සහිත සිර දඩුවමක් ලබා දිමට නුවරඑලිය මහාධිකරණ විනිසුරු විරාජ් විරසුරිය මහතා නියෝග කලේය. 05 March 2024
කතානායක නිවෙස වැටලූ 13ක් නිදොස් කර නිදහස් බත්තරමුල්ල පොල්දූව මංසන්ධිය ආසන්නයේ දී කතානායකවරයා ගේ නිල නිවස ඉදිරිපිට විරෝධතාවයේ නිරතව සිටි බවට තලංගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන කඩුවෙල අධිකරණයක ඉදිරිපත් කර ඇප මත සිටි සැකකරුවන් 13 දෙනා නිදොස් කොට නිදහස් කරන ලෙස කඩුවෙලා මහේස්ත්‍රාත් චාණිමා විජයබණ්ඩාර මහත්මිය අද (05) දින නියෝග කළාය. 05 March 2024
ඊලෝන් පරදවා ජෙෆ් ලොව ධනවත්ම පුද්ගලයා වෙයි ලොව ධනවත්ම පුද්ගලයා බවට ඇමසන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බේසොස් පත්ව ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. 05 March 2024
මිහින්තලේ හිමිට චන්ද්‍රිකාගෙන් පිළිතුරක් චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය විශ්‍රාම වැටුප් දෙකක් ලබාගන්නා බවට මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැඟුණු වැවේ ධම්මරතන හිමියන් කළ ප්‍රකාශය පදනම් විරහිත අසත්‍ය කතාවක් බව හිටපු ජනාධිපතිනියගේ කාර්යාලය පවසයි. 05 March 2024
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ඇගයීමේ නව ක්‍රමයක් අන්තර්ජාතික තරගවලදී දස්කම් දක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ඇගයීමේ සහ දිරිගැන්වීමේ නව වැඩසටහනක් ආරම්භ කර තිබේ. 05 March 2024
කදානේ වෙඩි තැබීමේ ගිනි අවිය පමුණුගමින් අල්ලයි කදාන ප්‍රදේශයේදී කප්පම් ඉල්ලා මස්කඩ හිමියෙකුට වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ ගිනි අවිය කදාන පමුණුගම ප්‍රදේශයේ නිවෙසක බෆලයක් තුළ සගවා තිබිය දී අද (5) සොයාගෙන තිබේ. 05 March 2024
කළමනාකරණ සේවා නිලධාරීන් කොළඹ විරෝධයක කළමනාකරණ සේවා නිලධාරීන් මුහුණ දෙන ගැටලුවට විසඳුම් ඉල්ලා කළමනාකරණ සේවා නිලධාරීන්ගේ ජාතික එකමුතුව කොළඹ පිහිටි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඉදිරිපිට අද (5) දහවල් විරෝධතාවක නිරත විය. 05 March 2024
ඇල්ල කරපන්ටයින් රක්ෂිතයේ ගින්නක් ඇල්ල හල්පෙ තේ වතු යායට ඉහළ පිහිටි කන්දේ රජයේ කරපන්ටයින් රක්ෂිතයේ අද (05) දහවල් හටගත් විශාල ගින්නකින් අක්කර පහක පමණ ප්‍රදේශයක් විනාශ වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. 05 March 2024
ප්‍රශ්න කිව්වට උත්තර හොයන්න කවුරුවත් නෑ ප්රශ්නය කතා කරන්න ඕන තරම් අය ඉන්න නමුත් උත්තර හොයන්න කවුරුවත් නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 05 March 2024
ශ්‍රී ලන්කන් ඩොලර් කෝටි 51ක දැවැන්ත ණයට ආණ්ඩුව කරගසයි ශ්‍රී ලන්කන් ගුවන් සමාගම දේශීය සහ විදේශීය විවිධ පාර්ශවයන්ට ගෙවිය යුතු ඇමරිකානු ඩොලර් මිලියන 510 ක් හෙවත් ඩොලර් කෝටි 51 ක දැවැන්ත ණයක් ගෙවීමේ වගකීම ආණ්ඩුව භාරගත් බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (5) පැවසීය. 05 March 2024
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026