අබලන් පාරවල් වල වැඩ ලබන සතියේ අරඹයි දිවයිනේ විවිධ ප්‍රදේශවල අබලන් වී පවතින ග්‍රාමීය මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු ලබන සතියේ සිට ආරම්භ කරන බව ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 30 November 2023
යතුරු පැදිය ගසේ හැපී සිසුවා මරුට නිවෙසට අවශ්‍ය බිත්තර රැගෙන ඒම සඳහා යතුරුපැදියකින් ගමන් ගත් පාසල් සිසුවකු කලගෙඩිහේන හල්ගම්පිටිය ප්‍රදේශයේ දී සිදු වූ අනතුරකින් මියගොස් ඇතැයි වේයන්ගෙඩ පොලිසිය කියයි. 30 November 2023
ගිනි අවි ජාවාරමක් කළ අයෙක් මාට්ටු අපරාධකරුවන්ගෙන් ගිනි අවි අඩු මුදලට ලබාගෙන වෙනත් අපරාධකරුවන්ට වැඩි මිලට විකිණීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයකු රුවන්වැල්ල මොරාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 30 November 2023
දේශබන්දුගේ නම ව්‍යවස්ථා සභාවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කිරීමේ තීරණය ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට එවනු ලැබ ඇත. 30 November 2023
වෙළදසැලේ නිදා සිටි යුවළ කපා කොටා මරාදාලා වව්නියාව සෙට්ටිකුලම් ප්‍රදේශයේදී වෙළෙඳසැලක් පවත්වාගෙන අයෙකුගේ වයෝවෘද්ද වූ මව සහ පියා තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කොට තිබියදී අද (30) දින සිරුරු හමු වූ බවට සෙට්ටිකුලම් පොලීසිය පවසයි. 30 November 2023
ශ්‍රී ලංකා ක්‍රිකට් විදෙස් නිලධාරීහු දෙදෙනෙක් ඉවත්වෙති ඉන්දියාවේදී පසුගියදා අවසන් වූ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විදේශික නිලධාරීන් දෙදෙනෙක් ඉවත්ව ගොස් තිබේ. 30 November 2023
සූරිය පැනල විදුලිය ඒකක මිලියන 483 ක් වහළය (පියැසි) මත සූරිය පැනල සවිකිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙම වසරේ (2023) පළමු කාර්තු තුනේ පමණක් එනම් සැප්තැම්බර් 30 වැනිදා වන විට ජාතික විදුලි පද්ධතියට විදුලි ඒකක මිලියන 483 ක් එක්කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පැවසීය. 30 November 2023
ඖෂධ අධිකාරියේ වැ.බ. ප්‍රධාන විධායක නිලධාරිනිය අධිකරණයට බාර වෙයි වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියම කර සිටි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරීනිය නීතීඥවරුන් මාර්ගයෙන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මියට අද (30) බාර වුවාය” 30 November 2023
පාස්කු ප්‍රහාරකයන් ගැන ජනතාවගේ මතය වෙරිටේ කියයි පාස්කු ඉරුදින එල්ලවූ බෝම්බ ප්‍රහාරයට දේශපාලන හස්තවල සම්බන්ධයක් නොමැති බවට විශ්වාස කරන්නේ ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් සියයට 8 ක ප්‍රමාණයක් බව පසුගිය ඔක්තෝබර් මස සිදුකළ සමීක්ෂණයකින් හෙළි වූ බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය. 30 November 2023
ජෙරම්ගෙන් පැය 10ක් ප්‍රශ්න කරයි බෞද්ධාගමට හා ආගමික සහ ජීවනයට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදු කළ බවට චෝදනා එල්ල ව ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයාගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අද (30) පෙරවරු වේ සිට පැය 10 ට අධික කාලයක් පුරා ප්‍රකාශ සටහන් කරගත් බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 30 November 2023
හිටපු ක්‍රීඩා ඇමැතිට එරෙහි නඩුවට පෙනී සිටින්න නීතීඥ සංගමය අවසර ඉල්ලයි පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වී අධිකරණයට අපහාස කිරීමේ ක්‍රියාවලියට එරෙහිව පියවර ගත හැකි දැයි සොයා බැලීම සඳහා හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට එරෙහිව පවරා ඇති අධිකරණයට අපහාස කිරීමේ නඩුවට මැදිහත් වීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය අභියාචනාධිකරණයෙන් අවසර ඉල්ලුවේය. 30 November 2023
මහනුවර මහ දවල් යුද පිටියක් වේ මහනුවර නගරයේ ඩී. එස්. සේනානායක වීදියේ අවන්හලක දෙපිරිසක් අතර අද සවස ඇතිවු ගැටුමකින් සිවුදෙනකු තුවාළ ලබා රෝහල් ගත කළ අතර ගැටුමට සම්බන්ධ තවත් පිරිසක් අත්අඩංගුවට ගත් බව මහනුවර පොලිසිය කියයි. 30 November 2023
රොෂාන්ගෙ නම කීවාම සජිත් බයවෙනවා විපක්ෂය සති දෙකක් හිටපු ක්‍රිඩා ඇමති රොෂාන් රණසිංහ මහතා කඩේ යවා දැන් ඔහු පොදු අපේක්ෂකයා වේයැයි සිතා සජිත් ප්‍රේමදාස කලබලයට පත්ව ඇතැයි නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද (30) පැවසීය. 30 November 2023
වසන්ත කරන්නාගොඩට එරෙහි නඩුව මාර්තුවේ විභාගයට කොළඹ කොටහේන හා තදාසන්න ප්‍රදේශ වල තරුණයින් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා අතුළු නාවික හමුදා නිලධාරීන් 14 දෙනෙකුට එරෙහි නඩුව ලබන වසරේ මාර්තු 28 වැනිදා කැඳවීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (30) නියම කළේය. 30 November 2023
උත්සව සමයට සම්බා ඉන්දියාවෙන් එළඹෙන උත්සව සමය වෙනුවෙන් සම්බ සහල් මෙට්‍රික් ටොන් 50000 ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. 30 November 2023
ෂෙහාන්ගෙන් මැති සබයට සුභාරංචියක් ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන් ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා පෙරේදා(29) මූලික එකඟතාවන්ට පැමිණි බව මේ සභාවට සතුටින් දැනුම් දෙන්නේ යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද ( 30) පැවසීය. 30 November 2023
හිටපු සෞඛ්‍ය ලේකම්ට හූ සංග්‍රහයක් බාල ඖෂධ ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (සී.අයි.ඩී.) ප්‍රකාශයක් දීමට අද (30) පෙරවරුවේ පැමිණි හිටපු සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතාට පිරිසක් ඝෝෂාකාරී ලෙස ප්‍රතිචාර දැක්වූහ. 30 November 2023
’’ මං දැකපු බොළඳම විපක්ෂ නායක’’ දැන් ඉන්නවා වගේ බොළඳ විපක්ෂ නායකයෙක් ජීවිතේටම දැක නැතැයි පොදු ජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 30 November 2023
ලංකාවේ හයදහසකට ඒඩ්ස් ලංකාවේ හයදහසකට ඒඩ්ස් රෝගය වැළඳී ඇතැයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී අද(30) පැවසීය. 30 November 2023
දූෂණයට නාස්තියට එරෙහිව සෞඛ්‍ය සේවකයෝ පාරට සෞඛ්‍ය සේවකයන්ට රුපියල් 20,000 දීමනාවක් ඉල්ලා සිටීම ඇතුළු ඉල්ලීම් රැසක් මුල්කරගනිමින් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව කොළඹ ජාතික රෝහල ඉදිරිපිට අද (30) දහවල් විරෝධතාවක් පැවැත්වීය. 30 November 2023
’’මාව සෞඛ්‍ය ඇමැති කළේ නැත්තටම නැති කරන්න’’ තමා 2010 වසරේ දී සෞඛ්‍ය ඇමති ලෙස පත් කළේ නැත්තටම නැති කරන්නට යැයි හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 30 November 2023
එළවලු ගිනි ගනං පවතින වැසි සහිත කාළගුණ තත්ත්වය හේතුවෙන් වෙළඳපොළේ එළවලු මිල ගණන් දරාගත නොහැකි ලෙස ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති. 30 November 2023
තෙලන්ගනා ප්‍රාන්ත මැතිවරණය ඇරැඹේ ඉන්දියාවේ තෙලන්ගනා ප්‍රාන්ත මැතිවරණ ඇරැඹිණි. තෙලන්ගනා යනු ඉන්දියාවේ, දකුණු දෙසින් පිහිටි ප්‍රාන්තයකි. හයිද්‍රාබාද් යනු තෙලන්ගනා ප්‍රාන්තයේ අගනුවරය. 30 November 2023
‘සෞඛ්‍ය ලේකම්ට දෙමසකට පෙර අනතුරු ඇඟෙව්වා’ ඖෂධ සමඟ සෙල්ලම් කරන්නට එපා යැයි තමා සෞඛ්‍යය සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට මීට මාස දෙකකට පෙර පැවසුවේ යැයි සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 30 November 2023
සටන් විරාමය අවසන් මොහොතේ දීර්ඝ කෙරේ කටාර් රාජයයේ මැදිහත් වීමෙන්, ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතරේ ඇති කරගත් තාවකාලික සටන් විරාමය, තව දුරටත් දීර්ඝ කර ගැනීමට අවසන් මොහොතේ එකඟත්වයක් ඇති කර ගැනුණි. 30 November 2023
පාස්කු ප්‍රහාරයේදී රාජකාරිය මගහැරී නිලධාරීන්ට රැකවරණය දීම වැරදියි පාස්කු ඉරුදින ප්‍රහාරයේදී රාජකාරිය පැහැර හැරි නිලධාරීන් කිසිවකුට හෝ රැකවරණය සැලසීම වැරදි යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (30) පැවසීය. 30 November 2023
මත් කරල් සමඟ අයෙක් මාට්ටු නැගෙනහිර පලාතේ පාසැල් සිසුන් සහ තරුණ පිරිස් ඉලක්ක කරගෙන මහා පරිමාණ මත්කරල් බෙදා හරින්නෙකු වාලච්චේන බිරන්දරච්චේන ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ. 30 November 2023
ඇල්ල-වැල්ලවාය ප්‍රධාන මාර්ගයට පස්කන්දක් කඩා වැටෙයි ඇල්ල රාවණාඇල්ල 23/1 බෝක්කුව අසලදී අද (30) පෙරවරුවේ විශාල පස්කන්දක් සමඟ ගල්පර්වත කඩා වැටී ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනය ට බාධා සිදුව තිබේ. 30 November 2023
පාර්ලිමේන්තුව කතා වලට පිට නඩු දාන්න බෑ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ දී කරන කතාවලට පිට ගිහින් නඩු පැවරිය නොහැකි බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (30) පැවසීය. 30 November 2023
කුකුලා ළිඳට වැටුණැයි බෝතලයකින් ඇනලා කුකුලෙක් ළිදට වැටුනැයි උරණවී අසල්වැසියකුට බෝතලයක් කඩා පපුවට, උදරයට සහ පිටට ඇන්න පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව අලුත්ගම පොලිසිය පවසයි 30 November 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026