නාවලපිටියේ සිද්ධියට දුම්රියේ තවත් තුනකගේ වැඩ තහනම් ‘පොඩි මැණිකේ’ දුම්රියේ වායූසමන කළ පළමු පංතියේ මැදිරියක ප්‍රවේශපත් නොමැතිව ගමන් කළ විදේශිකයන් දෙදෙනෙක්ට පහර දුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය දුම්රිය ස්ථානයේ තවත් නිලධාරීන් තිදෙනකුගේ සේවය අත්හිටුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 06 March 2024
රත්නපුර මහාධිකරණය අසලදී ඇසිඩ් ප්‍රහාරයක් :5ක් රෝහලේ රත්නපුර මහාධිකරණ සංකීර්ණය අසල දී අද (06) උදෑසන ඒල්ල වු ඇසිඩ් ප්‍රහාරයකින් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි රත්නපුර මූලස්ථාන පොලීසිය පවසයි. 06 March 2024
පැමිණිල්ලක් දාන්න සමන්තභද්‍ර හිමි පොලිස් මුලස්ථානයට උමංදාව මහා විහාරයේ නිර්මාතෘ සිරි සමන්ත භද්‍ර හිමි හට රූපවාහිනී වැඩ සටහනක් ඔස්සේ සිදුකළ අපහාසාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කිරිමට සමන්තභද්‍ර හිමියන් අද (06) පොලිස් මුලස්ථානයට පැමිණ තිබේ 06 March 2024
’’ඩුබ්ලිකේට් විහාර මහා දේවිය’’ ලක්ෂ තිහක් වංචා කරලා ලක් අම්මට අමාරුයි කියමින් කඳුළු සැලූ ’’ඩුබ්ලිකේට් විහාර මහා දේවිය’’ රුපියල් ලක්ෂ තිහක් වංචා කිරීමේ සිද්ධියෙන් ඔවුන්ගේ ඇත්ත හෙළිදරව් වන බව පොදු ජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 06 March 2024
විදුලි රැහැනේ පැටලී ගොවියා මරුට වලස්මුල්ල රාජපුරගොඩ ප්‍රදේශයේදී අද (6) උදෑසන විදුලි සැරවැදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වලස්මුල්ල පොලිසිය පවසයි . 06 March 2024
දමිතා යුවල 20 වැනිදා යළි අධිකරණයට කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කළැයි කියමින් ප්‍රසිද්ධ රංගන ශිල්පිණීයක් වන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාට එරෙහිව පැවරූ පැමිණීල්ල ලබන මස 20 වැනිදා යළි කැඳවීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (06) නියම කළේය. 06 March 2024
ඛනිජ තෙල් සංස්ථාවට ඉන්ධන පහෙන්ම ලාභ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අළෙවි කරන ඉන්ධන වර්ග පහෙන්ම ලාභ ලබන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජෙසේකර මහතා පවසයි. 06 March 2024
ව්‍යාපාර 1500ක් වෙන්දේසි කරලා මේ වන විට ව්‍යාපාරික ස්ථාන 1500 ක් වෙන්දේසි කර තිබෙන බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 06 March 2024
මහ බැංකු වැටුප ගැන මුදල් සභා වාර්තාව අනුව තීරණයක් ගන්නවා මහ බැංකුවේ වැටුප් වැඩිකර ගැනීම ගැන පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව දෙන වාර්තාව අනුව තීරණ ගන්න ආණ්ඩුව සුදානම් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 06 March 2024
අලිසබ්රිට මසකට පාර්ලිමේන්තු තහනම් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය සහ පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිතා කරමින් රුපියල් කෝටි හතකට වැඩි වටිනා රත්රන් සහ ස්මාට් ජංගම දුරකතන නීති විරෝධීව රැගෙන ඒමට කටයුතු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වැරදිකරුවකුවූ පාර්ලිමේන්තු මන්ත්‍රී අලිසබ්රි රහීම් මහතාගේ පාර්ලිමේන්තු සේවය අද සිට මාසයක කාලයක් අත්හිටුවීමට ඉදිරිපත් කෙරුණු යෝජනාවක් පාර්ලිමේන්තුවේදී අද සම්මතවිය. 06 March 2024
රෝනීගෙ ගෙදරට හොරු පනී හිටපු මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය, අභාවප්‍රාප්ත රොනී ද මැල් මහතාට අයත් දෙවිනුවර, 103 කණුව ඉදිරිපිට පිහිටා තිබූ නිවසට ඊයේ (05) රාත්රියේදී ඇතුළු වූ සොරුන් කණ්ඩායමක් එහි වටිනා භාණ්ඩ හා දේපළ රැසක් සොරාගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි. 06 March 2024
තැඹිලි වවන්න ගම් 86ක් වෙන් කරයි ගම්මාන 86ක් තෝරාගෙන තැඹිලි පැළ 45,000ක් වගා කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ. 06 March 2024
ලංකාවේ පාලකයන් පත්කිරීමේදී කාන්තාවන්ට වැඩි බලයක් තියෙනවා ශ්‍රී ලංකාවේ ඡන්දදායකයයන්ගෙන් සියයට 56 ක් වන කාන්තාවන් මෙරට පාලකයන් පත්කිරීමේ තීරණාත්මක සාධක බවත් එම සුවිශේෂි තීරණයේදී කාන්තාවන්ට සුවිශේෂී කාර්යභාරයක් ඉටුකළ හැකිව ඇති බවත් හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරිනියක් වන පෙරියසාමි දයාබරී මහත්මිය පැවසුවාය. 06 March 2024
ක්ලාන්තවී වැටුණු සිසුවිය මරුට කලවාන මීපාගම පාසල් ශිෂ්‍යාවක් කලාන්තය සෑදී බිම ඇද වැටීමෙන් අද (06) මියගොස් ඇති බව කලවාන පොලිසිය පැවසීය . 06 March 2024
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා ඇඳවැටී මරුට වෙළඳ සැලකට ගොස් යළි එමින් සිටියදී හදිසියේ ඇති වූ අසාත්මිකතාවක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු මහමග ඇදවැටි ජීවිතක්ෂයට පත්ව ඇතැයි මහරගම පොලිසිය පවසයි. 06 March 2024
විපක්ෂ නායකගෙන් රජයට ප්‍රශ්න පත්තරයක් මහා බැංකුවේ වැටුප් වැඩි කර ගැනීම ආපසු හරවන්නට රජය මැදිහත් වනවාද? නැද්දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රශ්න කළේය. 06 March 2024
ග්ලුකෝමා රෝගීන්ගේ වැඩි වීමක් ලෝක දත්ත විශ්ලේෂණ වාර්තා වලට අනුව ග්ලුකෝමා රෝගී තත්වය මෙරට සියයට 5 කින් ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අනාවරණය කළේය. 06 March 2024
වේගය පාලනය කරන්න පොලිස් බාධක ඉල්ලා උද්ඝෝෂණයක් මන්නාරම අඩම්පන් ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ප්‍රදේශවාසීන් අද (06) දින විරෝධතාවක් අරඹා තිබේ. 06 March 2024
දුම්රිය යහසාධක සංගමයේ නිලධාරී මණ්ඩලය ඉවත් කරයි ලංකා දුම්රිය සේවක යහසාධක සංගමයේ නිලධාරී මණ්ඩල විසුරුවා හැර ත්‍රිපුද්ගල පාලන කමිටුවක් පත්කරමින් දුම්රිය සාමාන්‍යාධිකාරී එච්. එම්. කේ. ඩබ්ලිව්. බණ්ඩාර මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 06 March 2024
වායු දුෂණය ඉහළට ගෙවුණු පැය 24 ක කාලය තුළ වායු තත්වය විශාල වශයෙන් දුෂණය වී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. 06 March 2024
මාළු මරන්න ගිහින් ගඟට බිලි ගිං ගඟේ වක්වැල්ල ප්‍රදේශයෙන් මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයකු ගඟට වැටී මියගොස් ඇතැයි තෙලිකඩ පොලිසිය පවසයි. 06 March 2024
හුංගම වෙඩි තැබීමකින් අයෙක් මරුට රන්න කහදමෝදර ප්‍රදේශයේදී අද (6) පෙරවරු 10.45 ට පමණ පුද්ගලයෙකුට වෙඩි තබා ඇතැයි පොලිසිය කියයි. 06 March 2024
සුපර් ටියුස්ඩේ ඇරැඹේ නොවැම්බරයේ පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයට පෙර, එරට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන ඩිමොක්රටික් සහ රිපබ්ලිකන් පක්ෂ ජනපති ධුර අපෙක්ෂකයන් සහ පක්ෂ නියෝජිතයන් ඉදිරිපත් වන ‘සුපර් ටියුස්ඬේ’ මූලික ඡන්ද විමසුම ආරම්භ වී ඇත. 06 March 2024
ෆේස්බුක් බිඳ වැටීමෙන් මිලියන 100 ක පාඩුවක් ෆේස්බුක්, මැසෙන්ජර් සහ ඉන්සග්‍රෑම් සමාජ මාධ්‍ය හදිසියේ අක්‍රිය වීමෙන්, එම සමාජ මාධ්‍ය හිමිකාරීත්වය දරණ මාර්ක් සකර්බර්ග්ගේ ‘මෙටා’ සමාගමට ඇමෙරිකන් ඩොලර් මිලියන 100 ක ආදායමක් අහිමි වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 06 March 2024
කොවිඞ් එන්නත 217 වාරයක් අරන් ජර්මනියේ අවුරුදු 62 ක් වයස පුද්ගලයකු 217 වරක්, ‘කොවිඞ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාගෙන ඇතැයි එරට වෛද්‍යවරු පවසති. මේ සම්බන්ධයෙන් විස්තර ‘ලැන්සෙට්’ වෛද්‍ය සගරාවේ පළ වී තිබේ. 06 March 2024
අත්හිට වූ බස්නාහිර පාසල් වාර විභාග නැවත ඇරඹේ ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය හේතුවෙන් අත්හිටුවූ බස්නාහාර පළාතේ රජයේ පාසල්වල 10 සහ 11 ශ්‍රේණිවල වාර විභාගය අද (6) නැවත ආරම්භ කළ බව බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පැවසීය. 06 March 2024
දකුණේ පිරිස් ප්ලේන්ටි බාගයට හුරු වෙති දකුණේ ඇතැම් තේ කඩවලින් ප්ලේන්ටි භාගයක් ලබා ගැනීමට බොහෝ පිරිස් පුරුදුව සිටින බව වෙළෙඳහල් හිමියෝ පවසති. තේ එකක මිල රුපියල් 50ක් වන අතර රුපියල් 25ක් දී ප්ලේන්ටි භාගයක් මිලට ගැනීමට ඇතැම් පිරිසක් කටයුතු කරයි. 06 March 2024
වාහන පහක ගැටුණ ටිපරය වෙළඳසැලේ නවතී හයිලෙවල් මාර්ගයේ කොස්ගම නගරයේ දී අද (06) දින උදෑසන ටිපර් වර්ගයේ ලොරි රථයක් වාහන පහක ගැටීමෙන් එක් රථයක් වෙළදසැලක් තුලට විසි වී යාම නිසා එම වෙළදසැලට දැඩි ලෙස හානි වී ඇතැයි කොස්ගම පොලිසිය පවසයි 06 March 2024
කාටුන් ශිල්පීන් ජනපති දුටු හැටි හෙට එළිදක්වයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ භූමිකාව පුවත්පත්වල කාටුන් ශිල්පීන් දුටු ආකාරය එක් කර සම්පාදනය කළ “Press Vs. Prez” කෘතිය එළිදැක්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට(7) සවස 4.00ට කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී සිදු කෙරේ. 06 March 2024
ආර්ථිකය ශක්තිමත්: තව සහන ඉදිරියට රජයේ වැඩපිළිවෙළ නිසා රටේ ආර්ථිකය ශක්තිමත් වෙමින් පවතින හෙයින් ඉදිරියේ දී ජනතාවට තව තවත් සහන දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් අද (6) පැවසීය. 06 March 2024
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026