
(ගයාන් සූරියආරච්චි)
අපරාධ කල්ලි නායකයකු වන රොටුබ අමිලගේ ලොකු අම්මාට දත් කැඩෙන්න පහර දුන් බව කියන සිද්ධියකට පළිගැනීමක් වශයෙන් කොලොන්න වතු හිමියා රුපියල් ලක්ෂ හතරක කොන්ත්‍රාත්තුවක් මත ඝාතනය කර ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
වතු හිමියා වෙඩි තබා ඝාතනය කළ බව කියන රොටුබ අමිලගේ ප්‍රධාන ගෝලයෝ දෙදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ඊයේ මිද්දෙණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබූහ.
අත්අඩංගුවට ගත්සැකකරුවන් සන්තකයේ තිබී ගල්කටස් වර්ගයේ ගිනි අවි 02 ක්, බෝර 12 ජිව උණ්ඩ 02 ක්, හෙරොයින් ග්‍රෑම් 100 ක්, වෙඩිතැබීම සදහා පැමිණි බවට සැකකරන යතුරු පැදිය හා ජංගම දුරකතන 03 ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් වෙඩික්කරුවන් දෙදෙනා පොලිස් වෙඩි පහරකින් මියගිය පාතාල නායකයකු වූ මා කඳුරේ මධුෂ් සමග සෘජු සම්බන්ධතා පවත්වා ඇති බව අනාවරණයවී ඇතැයි පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සැකකරුවන් ප්‍රකාශ ලබා දෙන වීඩියෝ එක නැද්ද??