(මහින්ද  නිශ්ශංක)

අද (12) පෙරවරුවේ ධාවනයවීමට නියමිත කාර්යාල දුම්රිය නවයක් පමණ අවලංගු වූ බව දුම්රිය දෙපාර්තමේන්තු උසස් නිලධාරියකු පැවසීය. 

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ හා පාලකවරුන්ගේ වර්ජනය අවසන්වීමෙන් පසු එම දුම්රිය ධාවනයට අවශ්‍ය දුම්රිය කට්ටල ගමන් ආරම්භ කෙරෙන දුම්රිය ස්ථානයට යැවීමේ ප්‍රමාදයක් හේතුවෙන් දුම්රිය අවලංගු කිරීමට සිදු වූ බවද ඔහු සඳහන් කළේය.

දින දෙකක දුම්රිය වර්ජනය අවසන් කළ දුම්රිය ස්ථානාධිපතිවරුන් හා දුම්රිය පාලකවරුන් ඊයේ රාත්‍රී 12 සේවයට වාර්තා කළ බව ද පැවසූ ඔහු දුම්රිය ධාවනය හෙට (13) පෙරවරු වන විට යථා තත්ත්වයට පත් වන බව කීහ.