
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවකු මාධ්‍ය ඉදිරියේ විවෘත කරගෙන ප්‍රශ්න අහපු නිලධාරීන් නීතිය රැහැනට ගත යුතු බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (12) පැවසීය.
මේ අධිකරණයට කළ අපහාසයක් බව පැවසූ අමාත්‍යවරයා පොලිසිය නඩු ඇසූ හෙයින් දැන් විනිසුරුවරුන්ට කිරීමට දෙයක් නැතැයිද සඳහන් කළේය.
මේ නඩුවෙන් යුක්තිය ඉෂ්ට වේවි යැයි තමා නොසිතන බවද ඔහු කීවේය.
රාජපක්ෂ මහතා මෙසේ පැවසූවේ එම සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
විජයදාස රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.
පොලිසිය නඩුව අහලා ඉවරයි. විනිසුරුවරුන්ට කරන්න දෙයක් නැහැ. මහා ව්‍යාකූල තත්ත්වයක් .
මේ වගේ දෙයක් වුණාම විනිසුරුවරයෙකුට වගකීමක් තියෙනවා. .ඒ තැනැත්ත අත්අඩංගුවට ගන්න. එයා පොලිස් නිලධාරියෙක්ද හමුදා නිලධාරියෙක්ද කියලා අදාල නැහැ. ඒක තමයි මේ රටේ නීතිය. ඒ වගේම පොලිස්පතිතුමාටත් වගකීමක් තියෙනවා මේ වගේ නිලධාරීන් සම්බන්ධයෙන් කටයුතු කරන්න.
මේ වගේ නිලධාරීන් එක්ක අපරාධ නඩු විභාග කරන්නේ කොහොමද. මේ විදිහට අපරාධ නඩු විසඳන්න පුළුවන්ද. මේ වගේ දේවල් වෙනකොට අවසානයේදී අධිකරණ ක්‍ර ක්‍රියාදාමය පිළිබඳව මේ රටේ මිනිස්සුන්ට තියෙන විශ්වාසය බිඳ වැටෙනවා. ඒකෙන් වෙන්නේ රට අරාජක වීමක්.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත මේක වැරැදි වැඩක්. පොලිසියත්, මාධ්‍යවේදීනුත් නොකළ යුතු දේ බොහෝමයක් ලංකාවේ වෙනවා. අත්අඩංගුවට ගන්නා සැකකරුවන් පෙන්වීම, අල්ලපු පොලිස් නිලධාරීන්ගේ නම් ඡායාරූප හෙළි කිරීම ආදිය නොකළ යුතු දේවල්... එවැනි දේවල් වලින් බරපතල හානි වෙනවා...
මෙයාම කියනවා "මේ නඩුවෙන් යුක්තිය ඉෂ්ට වේවි යැයි තමා නොසිතන බව" කියලා. එහෙම නම්, ඇයි ජනාධිපති තවදුරටත් මෙයාව අධිකරණ ඇමති ධුරයේ තියා ගෙන ඉන්නේ? අනික මෙයා ව්‍යවස්ථා දායක සභාව තුළ වත්මන් පොලිස්පතිව පත් කරන්න සහයෝගය දීලා, දැන් ඔහුම පත්කළ පොලිස්පතිට චෝදනා කරනවා..
මේ වගේ සන්දර්ශන මාධ්‍ය වලින් පෙන්වනවා... අපි කිසිම සදාචාර සම්පන්න රටක දැකලා නැහැ.. ඒ අතින් ලන්කාව ගැන කවර කතාද?
සමහර මාධ්‍ය මේ ප්‍රශ්න කරන වීඩියෝව නිති විරෝධී නිසා පෙන්නුවේ නැහැ. හැබැයි පැත්ත ගියත් ඇත්ත කියනවයි කියන සමහර මෝඩ බලධාරියෝ ඉන්න සමහර මාධ්‍ය මේ සිද්ධිය පෙන්නුවේ හොඳට රස කරලා. ඒ නිසා ඒ අයටත් නිතිය ක්‍රියාත්මක වෙන්න ඕනි.
මෙය නොකල යුතු දෙයක් බවට චන්දන වික්‍රමරත්න හිටපු IG මහත්තයාාගේ මාර්ගෝපදේශ චක්‍ර ලේඛයක් තියන පසුබිමක අයුතු හයියක් ලබාගෙන මේ කරපු අනීතික ක්‍රියාව තවදුරටත් සිදුනොවීම සඳහා තද විනය ක්‍රියා මාර්ගයක් ගත යුතුයි.
දේශබන්දුගේ නීතිය දේශබන්දුගේ පොලිසිය .ඒකටම හරියන පක්ෂග්‍රාහී මාධ්‍යයන්
ඒක නම් වැරදි බව අපි කව්රුත් පිලිගන්නවා .. ඒ උනාට උඹ අර ඔලුවේ අශූචි තිබෙන ඉස්සා වගේ. උඹ වරප්‍රසාද පාවිච්චි කරළ නඩුකාරයන්ට බැන වැදීමත් ඒ වගේම පහත් ක්‍රියාවක්.
මොහු අධිකරණ ඇමති , නිතිය පිළිබඳව හසල දැනුමක් තිබෙනවා නීතිපති හෝ අධාල මාර්ගවලින් මේ සිධියට සම්බන්ධ නියෝජ්‍ය පොලිස් පතිට විරුධව නීතිමය පියවර ගන්නේ නැතිව නිකන් බොරුවට පාර්ලිමේන්තුවේ කාලය කමින් කියව කියව ඉන්නවා , පාර්ලිමේන්තුව දිනකට රැස් වෙන්න රුපියල් කොටියක පමණ වියදමක් යන බව සිතන්නේ නැහැ .
මූ නම් මාරම ගේම් කාරයෙක් .තඹයකට විශ්වාස කරන්න එපා