
(ටී.කේ.ජී.කපිල)
මනුෂ්‍ය ඝාතන ඇතුළු විවිධ අපරාද සිදු කර පළාගොස් ඩුබායි හි සැඟවී සිටි අපරාදකරුවන් බව කියන දෙදෙනකු එරට දී අත්අඩංගුවට මීට සුළු මොහොතකට පෙර කටුනායක රැගෙන ආ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් මෙම සැකකරුවන් රැගෙන විත් ඇත.
අනුගේගොඩ ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයකු සහ මට්ටක්කුලිය, සමිට්පුර ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි නම ගිය අපරාධකරුවන් දෙදෙනකු මෙසේ රැගෙන විත් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇතැම් රටවලින් අපරාධකරුවන්ට ලැබෙන රැකවරණය බරපතල ප්‍රශ්නයක්. ඔවුන් පිටුවහල් නොකිරීමට ඒ රටවල් වලට හේතු තිබෙයි නම් (මානව හිමිකම්, අපරාධකරුවන්ගේ අයිතිවාසිකම්, ජිවිත තර්ජන වැනි) එම රටට ගොස්, එම රටේ අධිකරණයක එම අපරාධකරුවන්ට එරෙහිව නඩු පැවරීමට අපරාධකරුගේ මවු රටට බලය ලැබිය යුතුයි. ප්‍රංශයට ගොස් කන්ජිපානිට එරෙහිව ප්‍රංශ අධිකරණයේ නඩු පැවරීමට හිමිකම ශ්‍රීලංකාවට ලැබිය යුතුය.
කලුකෝට්කාරයෝ තොල කට තෙමනවා ඇති
නිදහස් කොට රටවල යන්න සලස්වපු අය බලයේ ඉන්නකම් ඔවුන් අල්ලන්න බැහැ .උන් ඔක්කොම යාළුවො මල්ලි .ඔහොම යන් .ඔන්න ඕකයි තත්වේ