(ආර්.එෆ්.එම්.සුහෙල් )

නුවරඑලිය මහ නගර සභාවේ ගලි බවුසරයකට ප්‍රධාන මාර්ගයේ සුදු ඉර මතින් මාර්ගය හරහා මාරු වු පදිකයින් දෙදෙනෙකු යටවි බරපතල ලෙස තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළු කර ඇති බව නුවරඑලිය පොලිසිය පැවසිය.

නුවරඑලිය පොලිස් ස්ථානය ඉදිරිපිටදි මෙම අනතුර සිදුව ඇත.

නුවරඑලිය හාවාඑළිය ප්‍රදේශයේ සිට නුවරඑලිය මහ නගර සභාව දක්වා අධික වේගයෙන් ධාවනය කර ඇති බවුසරය නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල මාර්ගයේ ගාල් කර තිබු මොටර් රථයකද ගැටි පදිකයින් දෙදෙනා යට කරගෙනවිත් ප්‍රධාන මාර්ගය අභියස පිහිටි පැති බැම්මක ගැටි නතර වි ඇත.

බවුසර් රථයේ හදිසියේ ඇති වු කාර්මික දෝෂයක් අනතුරට හේතුව වි ඇති බවද කියයි. බවුසරයේ  රියදුරා නුවරඑලිය පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.