කරාපිටියේ වෛද්‍යවරයෙක් හා සුළු සේවකයෝ ගැටෙති කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු හා රෝහල් සුළු සේවකයන් අතර ඇති වූ උණුසුම් තත්වයට හේතු වූ විශේෂඥ වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්න යැයි ඉල්ලමින් රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් අද (17) සවස වැඩවර්ජනයක් ආරම්භ කළේය. 17 January 2024
කිඹුලා ඩැහැගත් පුංචි දිස්නගේ සිරුර හමු වේ කැලණි ගගේ කඩුවෙල වැලිවිට සාන්ත අන්තෝනි මාවතේ තොටුපළ අසලද දිය නාමින් සිටියදී කිඹුලකු ඩැහැගෙන ගිය එකොලොස් හැවිරිදි දරුවාගේ සිරුර අද (17) රාත්‍රීයේදී හමුවූ බව කඩුවෙල පොලිසිය පවසයි. 17 January 2024
වරෙන්තුකරුගේ ප්‍රහාරයකින් පොලිස් කොස්තාපල් රෝහලේ වරෙන්තුකරුවකු අත් අඩංගුවට ගැනීමට ගිය ඌරගස්මංහන්දිය පොලිසියේ කොස්තාපල්වරයකු එම වරෙන්තුකරු යම් කිසි ආයුධයකින් පහරදී ඇතැයි කියන සිද්ධියකින් හිසට හා උදරය ප්‍රදේශයට තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි. 17 January 2024
සීදුවේදී මෝටර් රථය දුම්රියේ ගැටීමෙන් 4 ක් රෝහලට කොළඹ සිට බණ්ඩාරනායක කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත තෙල් ප්‍රවාහන කරන දුම්රිය ඉදිරියට ධාවනය කිරීමට සංඥා දී තිබියදී (බෙල් ඇන්ඩ් ලයිට්) අනාරක්ෂිත ලෙස ධාවනය කළ කාර් රථයක් කුඩහකපොළ උප දුම්රියේ දුම්රිය හරස් මාර්ගයේදී දුම්රියේ ගැටීමෙන් පුද්ගලයන් සිවුදෙනකු තුවාල ලබා සීදුව රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි. 17 January 2024
කුඩු බී රාජකාරි කළ ග්‍රාමයා මාට්ටු හෙරොයින් පානය කර රාජකාරිය කළ බව කියන පුදුකුඩුඉරුප්පු ප්‍රදේශයේ ග්‍රාම නිලධාරියකු අද (17) අත්අඩංගුවට ගත් බව පුදුකුඩුඉරුප්පු පොලිසිය පවසයි. 17 January 2024
ජනපති ජෝන් කෙරී හමු වෙයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දේශගුණික විපර්යාස පිළිබඳ ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත ජෝන් කෙරී (John Kerry) මහතා අතර හමුවක් ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවරදී පැවැත්විණි. 17 January 2024
මැනිං වෙළෙඳසැල පාළුවට එළවලු මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් දිවයින පුරා පාරිභෝගික ජනතාව දැඩි අපහසුතාවයකට පත් වූ අතර දිවයින පුරා එළවළු වෙළෙඳ සැල් පාළුවට ගොස් තිබෙන අයුරු දැකගත හැකි විය. 17 January 2024
අලි පැටවා මරා වළදැමීයැයි 5ක් අත්අඩංගුවට ගල්නෑව,නැකත්තේගම වගා භුමියකට පැමිණි අවුරැදු පහක් පමණ වයසැති වන අලි පැටියෙකු වෙඩි තබා ඝාතනය කොට හොර රහසේ වළ දැමු පුද්ගලයන් පස් දෙනෙකු අද (17)දින අත්අඩංගුවට ගත්බව වනජිවි දෙපාර්තමේන්තුවේ මීගලෑව වනසත්ව අඩවි ආරක්ෂක නිලධාරි අයි.එම්.ජි.සෙනෙවිරත්න මහතා පැවසිය. 17 January 2024
වැඩි මිලට දියර පෝර ගෙනාවේ මගේ කාලේ නොවෙි ඩොලර් පහේ දියර පොහොර බෝතලයට දෙගුණයක් ගෙවා ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට රහස් පොලිසියේ සහ අල්ලස් හෝ දූෂණ කොමිසමේ පරීක්ෂණ දෙකක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 17 January 2024
කැරට් අලයට යට වුණොත් තරුණ අනාගතය හබක් තීරණාත්මක මොහොතේ කැරට් අල දේශපාලනයට රැවටුනොත් තරුණ පිරිසට අනාගතයක් නැති වෙන බව එක්සත් ජාතික පක්ෂ උප නායක හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. 17 January 2024
මුදල් අමාත්‍යාංශයට ධීවරයන් ගැන අවබෝදයක් නෑ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් ධීවරයන් සහ එම ක්ෂේත්රය ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් කිසිඳු අවබෝධයකින් තොරව කටයුතු කරමින් සිටින බවත් ඒ අනුව ධීවරයින් රැකබලා ගැනීමට හැකිවන වැඩ පිළිවෙලක් සකස් කිරීමට මෙම නිලධාරීන් සමත්ව නොමැති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය. 17 January 2024
ඇමති ගෙවල් 11කිනුත් ජල පොල්ලක් අමාත්‍යවරුන්ගේ නිල නිවාස එකොළහක ජල සම්බන්ධතා වෙනුවෙන් රුපියල් ලක්ෂ 46 කට ආසන්න මුදලක් දීර්ඝ කාලීනව හිඟව පැවතුණු බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 17 January 2024
ප්‍රදේශ 4 ක වායු ගුණත්වය අඩු වෙමින් යයි මෙරට ප්‍රදේශ කීපයක වායු ගුණාත්මක දර්ශකය පහළ යමින් තිබෙන බව මාධ්‍ය පරිසර අධිකාරියේ උසස් නිලධාරිකේ පැවසීය. 17 January 2024
රුසියාවෙන් ඩොලර් ලක්ෂ 15ක සූරියකාන්ත තෙල් පරිත්‍යාගයක් රුසියාවෙන් ශ්‍රී ලංකාවට ඇමෙරිකා ඩොලර් ලක්ෂ 15ක් වටිනා සූරියකාන්ත තෙල් පරිත්‍යාගයක් සිදු කර තිබේ. 17 January 2024
සිතාසියක් බාරදෙන්න ගිය කොස්තාපල්ට ගහලා සිතාසියක් භාර දීම හෝමාගම පනාගොඩ කෙරේමුල්ල ප්‍රදේශයේ නිවසකට නිළ ඇදුමින් සැරසී ගිය අතුරුගිරිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් කොස්තාපල්වරයෙකුට පහර දුන් බව කියන යුද හමුදා සාමාජිකයෙකු ඇතුලු කාන්තාවක් අත් අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි 17 January 2024
ශ්‍රී ලන්කන් ගුවන් සේවයට තවත් නව ගුවන් යානයක් ශ්‍රී ලන්කන් ගුවන් සේවය තම ගුවන් යානා ඇණිය සදහා තවත් නවතම ඒ.- 330 - 243 එයාර් බස් වර්ගයේ ගුවන් යානයක් කල් බදු පදනම මත ලබා ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන පැමිණ ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා අද(17 ) පැවසීය . 17 January 2024
තවත් ලොකු පුටු හයකට මැතිසබේ අනුමැතිය මාලදිවයිනේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයාගේ පත්කිරීමටත් ආයතන පහකට ප්‍රධානීන් පත්කිරීමටත් උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමි වූ බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය. 17 January 2024
වෛද්‍ය සැපයුම් අංශය ඉදිරිපිට විරෝධතාවක් ඖෂධ මාෆියාව පැරදවීම සහ ඖෂධ හිඟයට පිළියම් යොදන ලෙස බලකරමින් ‘අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය’ සංවිධානය සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශය ඉදිරිපිට අද (17) පෙරවරුවේ විරෝධතාවක් පැවැත්වීය. 17 January 2024
ඩ්‍රෝන සීයක් ගොවි වැඩට දෙයි රුපියල් කෝටි 25ක් වටිනා ඩ්‍රෝන යානා සියයක් කෘෂිකාර්මික අංශ නවීකරණය සඳහා කෘෂි අංශ නිපුණතා සභාව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට අද (17) දින බාර දුන්නේය. 17 January 2024
අල්ලස්ගත් එස් අයි -පීසී අත්අඩංගුවට කසිප්පු සමග අත්අඩංගුවට ගත් සැකකරුවකු අත්අඩංගුවට ගත් කසිප්පු ප්‍රමාණය අඩුකර නඩු පැවැරීම සදහා උප පොලිස් පරීක්ෂකවරයෙක් සහ කොස්තාපල්වරයෙක් රැපියල් 10,000 ක අල්ලස් මුදලක් ලබාගැනීමේදී නාරම්මල ප්‍ර දේශයේදී 17 January 2024
විදේශ සේවා නියුක්ති කාර්යංශය ලක්ෂ ගණනක වියදමින් පුහුණුවක ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සේවකයෙක් වෙනුවෙන් රුපියල් 33,000 ක පමණ විශාල මුදල් වැයකරමින් නායකත්ව පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් එයට සහභාගි නොවන සේවකයන්ගේ වැටුපෙන් ඒ සඳහා වැය වන මුදල කපාහරින්නේ යැයි ලිඛිතව දැනුම්දී ඇති බවත් එම කාර්යංශයේ ඇතැම් සේවකයෝ චෝදනා කරති. 17 January 2024
පැට්ටා ඝාතනයට යොදා ගත් යතුරුපැදිය සොයාගනියි කොරතොට, කඩුවෙල ප්‍රදේශයේ බුද්ධික ප්‍රසාද් නොහොත් පැට්ටා පැහැරගෙන ගොස් වෙඩි තැබීමට භාවිතා කළ යතුරු පැදිය ඊයේ (16) සේදවත්ත, කළුපාලම ප්‍ර දේශයේ දී සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 17 January 2024
‘යුක්තියට‘ තවත් 1,024ක් කොටු ‘යුක්තිය‘ මෙහෙයුම යටතේ රට පුරා පසුගිය පැය 24 තුළ ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලදී සැකකරුවන් 1,024 ක් අත්අඩංගුවට ගත් බවත් ඉන් සැකකරුවන් 13 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් අද (17) පෙරවරුවේ පැවැසීය. 17 January 2024
’’ලංකාව හරි පාරට වැටෙමින් සිටිනවා’’ ශ්‍රී ලංකාව අනාගතවාදී දැක්මකින් යුතුව නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්රියාවලියෙහි නිරතව සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්විට්සර්ලන්තයේ දී පැවසීය. 17 January 2024
රජයේ පාසල් ආරම්භය කල්යයි රජයේ පාසල්වල තෙවන පාසල් වාරයේ අවසන් අදියර පෙබරවාරි මස 5 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. 17 January 2024
හක්බෙල්ලන් ළඟ තබාගත් කාන්තාවක් ඇතුළු තුනක් අල්ලයි මන්නාරම එරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේ නිවසක සඟවාගෙන සිටි හක්බෙල්ලන් 30,000 කට අධික ප්‍රමාණයක් අනවසරයෙන් ළඟතබාගැනීම හේතුවෙන් කාන්තාවක් ඇතුලු තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලිස් අපරාධ විමර්ශන අංශය පවසයි. 17 January 2024
ගාසාවට මානුෂීය ආධාර එයි ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන්, විපතට පත්වී සිටින ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන්ට මානුෂීය ආධාර යැවීම සම්බන්ධයෙන්, ඊශ්‍රායලයත් හමාස් සංවිධානයත් අතරේ එකඟත්වයක් ඇති කර ගැනුණි. 17 January 2024
ඉරානයෙන් පාකිස්තානයට මිසයල ප්‍රහාරයක් පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ ගම්මානයකට ඉරානය මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. ඉරාන විප්ලවීය හමුදාව සහ බුද්ධි අංශය පවසා ඇත්තේ මිසයිල ප්‍රහාරය එල්ල කළේ ඉරානයේ සතුරන් ලෙස සැලකෙන බලුකිස්තානයේ ක්‍රියාත්මක ‘බලුචි’ බෙදුම්වාදී සටන්කාමීන් ඉලක්ක කරගෙන බවය. 17 January 2024
දුමින්දට දුන් නිදහස නිත්‍යනුකුල නෑ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය සම්බන්ධයෙන් මරණ දඩුවම නියම වු දුමින්ද සිල්වාට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා දුන් නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සිදු කර නොමැති බැවින් එම දඩුවම යළි ක්‍රියාත්මක කරන්නැයි බන්ධනාගාර කොමසාරිස්වරයාට ශ්‍රේෂ්ඨාධිකරණය මීට සුළු මොහොතකට පෙර නියෝග කළේය. 17 January 2024
මිනුවන්ගොඩ නගරසභා සභාපති ඉල්ලා අස්වෙයි මිනුවන්ගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන සභාපති අසේල වික්‍රමාරච්චි මහතා නගර සභාවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද (31) මිනුවන්ගොඩ නගර සභාවේ පැවති විශේෂ මහ සභා රැස්වීමේදී නිල වශයෙන්.. 31 December 2025