බෲනායි සංචාරය අවසන් කිරීමෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිංගප්පූරුවට පැමිණියේය.
සිංගප්පූරු රජයෙන් මෝදිට උණුසුම් පිළිගැනීමක් හිමිවුණු අතර, මෝදි සිංගප්පූරු පාර්ලිමේන්තුවට ගොස් පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කළේය. ඉන්දීය අග්‍රාමාත්‍යවරයකු සිංගප්පූරු පාර්ලිමේන්තුවට පැමිණි පළමු අවස්ථාව මෙයයි.
අග්‍රාමාත්‍ය මෝදි සමඟ ඉන්දීය රජයේ විශේෂ නියෝජිතයෝ පිරිසක් ද මෙම සිංගප්පූරු සංචාරයට එක් වී සිටිති.
සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලොරන්ස් වොංග්ගෙන් මෝදිට උණුසුම් පිළිගැනීමක් හිමිවිය. ඉන්දියාවත් සිංගප්පූරුවත් අතර පවතින සබඳතා තවත් ශක්තිමත් කර ගැනීම මෝදිගේ මෙම සංචාරයේ අරමුණ වෙයි.
පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේ අග්‍රාමාත්‍ය මෝදි පිළිගැනීමට නිල රාජ්‍ය උත්සවයක් ද සංවිධානය කර තිබුණි. පාර්ලිමේන්තුවේ අමුත්තන් සඳහා වන සමරු පුස්තකයේ සටහනක් ද තැබීමට ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අමතක කළේ නැත.
(ඒ.එෆ්.පී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මෝදි සිංගප්පූරු පාර්ලිමේන්තුවට