IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


වැඩියෙන්ම බදු ගෙවලා තියෙන්නේ ෂාරුක්

(විමුක්ති එස් රුද්‍රිගු)

ඉන්දියාවේ 2024 මූල්‍ය වර්ෂය සඳහා වැඩිම අදායම් බදු මුදල් ප්‍රමාණයක් ගෙවූ කීර්තිමත් පුද්ගලයන් අතර ප්‍රථම ස්ථානයට ෂාරුක් ඛාන් පත්ව ඇති බවත් ඔහු 2024 මූල්‍ය වර්ෂය සඳහා ඉන්දීය රුපියල් කෝටි 92 ක මුදලක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 310 ක පමණ මුදලක්) ආදායම් බදු ලෙස ගෙවා ඇතැයි ෆෝචූන් ඉන්දියා සඟරාව වාර්තා කළේය.

මෙම ලැයිස්තුවේ දෙවන ස්ථානය කොලිවුඩයේ සුපිරි නළු විජෙයි හිමිකරගෙන ඇති බවත් ඔහු පසුගිය ජූනි 30 වැනිදායින් අවසන් වූ 2024 මූල්‍ය වර්ෂය සඳහා ඉන්දීය රුපියල් කෝටි 80 ක මුදලක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 280 ක පමණ මුදලක්) අදායම් බදු ලෙස ගෙවා ඇත. එසේම මෙම ලයිස්තුවේ තෙවැනි සහ සිව්වෙනි ස්ථාන පිළිවෙළින් සල්මන් ඛාන් සහ අමිතාබ් බච්චන් හිමිකරගෙන ඇති අතර ඔවුන් පිළිවෙළින් ඉන්දීය රුපියල් කෝටි 75 ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 250 ක් පමණ) සහ ඉන්දීය රුපියල් කෝටි 71 ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 240 ක් පමණ) ආදායම් බදු ලෙස ගෙවා තිබේ.

ඊට අමතරව 2024 මූල්‍ය වර්ෂය සඳහා වැඩිම අදායම් බදු මුදල් ප්‍රමාණයක් ගෙවූ කීර්තිමත් පුද්ගලයන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම අජේ දේව්ගන්, විරාත් කෝලි, මහේන්ද්‍ර සිං දෝනි, රන්බීර් කපූර්, රිතික් රොෂාන් සහ සචින් ටෙන්ඩුල්කාර් සිටින අතර ඔවුන් සියලු දෙනාම 2024 මූල්‍ය වර්ෂය සඳහා ඉන්දීය රුපියල් කෝටි 28 කට වඩා (ශ්‍රී ලංකා රුපියල් කෝටි 90 කට වඩා) ආදායම් බදු ගෙවා තිබීම විශේෂත්වයකි.

මෙම ලැයිස්තුවේ අවසාන ස්ථානයේ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රිෂාබ් පාන්ට් සහ අමීර් ඛාන් පසුවන අතර ඔවුන් දෙදෙනාම 2024 මූල්‍ය වර්ෂය සඳහා ඉන්දීය රුපියල් කෝටි 10 ක මුදලක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 35 ක් පමණ) ආදායම් බදු ලෙස ගෙවා ඇත.



අදහස් (1)

වැඩියෙන්ම බදු ගෙවලා තියෙන්නේ ෂාරුක්

බද්රානි Friday, 06 September 2024 08:29 PM

ඒකටත් එක්ක, ලංකාවේ නළු නිළියන් රජයට කිසිදු බද්දක් නොගෙවා මුදල් හම්බකර ගනිමින්, බොරු ශෝබන පෙන්වමින් ජීවත් වෙනවා, දේශපාලකයින්ට ආවඩා, ඔවුන් පස්සේ යමින් වරප්‍රසාද ලබා ගන්න ගමන්, ඔවුන් ලෙඩවූ විට අසරණ ජනතාවගේ මුදල් හිඟාකනවා. ලංකාවේ දේශපාලකයින්ට වඩා අන්ත තක්කඩි, නළු නිලි රැලක් තමයි ලංකාවේ ඉන්නේ.. මට නම් පේන්න බැහැ.. හැබැයි හිතාගෙන ඉන්නේ හොලිවුඩ්, බොලිවුඩ් නිළියන්ටත් උඩින් ඉන්නේ කියලා... ඇත්තෙන්ම කියනවා නම් මොවුන් ජාතියට බරක් නෙමේ, ජාතික පිළිල... ඉතාම සුළු පිරිසක් තමයි ගෞරාන්විතව ජීවත් වෙන්නේ...

:       0       22

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 648 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 315 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site