
(නොර්වුඩ් රංජිත් රාජපක්ෂ)
නොර්වුඩ් ප්‍රදේශයෙන් අතුරුදන්වී සිටි අවු 15 හැවිරිදි පාසල් සිසුන් සිව්දෙනා රාගම ප්‍රදේශයේ සිටිය දී පොලිස් බාරයට ගත් බව පොලීසිය කියයි.
නොර්වුඩ් සෙන් ජොන් ටිලරි වතුයායේ පදිංචි මෙම සිසුන් සිව්දෙනා එම වතුයායේම වතු පාසලේ 10 වසරේ අධ්‍යාපනය ලබන බවත්, ඉකුත් (04) දින සිට එම සිසුන් සිව්දෙනා අතුරුදන් වි ඇති බවට අතුරුදන් වු පාසල් සිසුවෙකුගේ පියෙකු විසින් නොර්වුඩ් පොලිසියට පැමිණිල්ලක් කර තිබුණි.
එකම වතුයායේ පදිංචි අතුරුදන්ව සිටි පාසල් සිසුන් සිව්දෙනා එකම පන්තියේ අධ්‍යාපනය ලබමින් සිටින සිසුන් සිව්දෙනෙකු බවත්, එම සිසුන් රැකියාවක් සොයා ගැනීමේ අරමුණින් රාගම ප්‍රදේශයේ ඥාතියෙකු හමුවීමට දුම්රියෙන් ගොස් ඇති බව නොර්වුඩ් පොලිසියේ ස්ථානාධිපතිවරයා කියා සිටියේය.
එම සිසුන් සිව්දෙනා රාගම ප්‍රදේශයේ සිටින බවට ලද තොරතුරක් මත රාගම පොලීසිය වෙත කළ දැනුම් දීමක් මත අතුරුදන්ව සිටි සිසුන් සිව්දෙනා රාගම පොලිසිය බාරයට ගෙන දෙමව්පියන් පොලිසිය වෙත කැදවා භාර දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd