
(ර.මු.වී.ර.බණ්ඩාර)
වගා ළිඳකට වැටී සිටි වන අලිපැටියකු ප්‍රදේශවාශින්ගේ ද සහායෙන් වනජීවී නිළධාරීන් දැඩි පරිශ්‍රමයක් යොදා ගොඩගැනීමෙන් පසු කලහකාරී ලෙස හැසිරෙමින් කාන්තාවක පසුපස පන්නා යද්දී මෙල්ල කිරීමට තැබූ වෙඩි පහරකින් ඇත් පැටවා මියගිය බව වනජීවි කාර්යාලය කියයි.
මහව වනජීවි කාර්යාල බලප්‍රදේශයේ කොහොඹකඩවල තමිමැන්නෑව ග්‍රාමයේ අඩි 20 පමණ ගැඹුරු වගා ළිඳක ඉකුත්(04)වැනි දින රාත්‍රී කාලයේ වැටී සිටිය දී ප්‍රදේශවාසීන්ගේ දැනුම්දීම මත වනජීවී නිලධාරීන් පැමිණ ප්‍රදෙශවාසීන් සමග සහයෝගයෙන් දැඩි පරිශ්‍රමයක් දරා අලිපැටවා ඉකුත් 05 දින පෙරවරුවේ ගොඩගෙන ජීවිත දානය පිරිනමා ඇත.
වගා ලිඳෙන් ගොඩගත් වන අලි පැටවා කළහකාරී ලෙස හැසිරුණු මොහොතේ ඔහු අසලට ගිය කාන්තාවක පසුපස පැන්නීම නිසා වනජීවී නිලධාරියකු ඔහු සතුව තිබු ගිනි අවිය ක්‍රියාත්මක කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලියගේ ඇඟේ පෙරහරක් යනවා බලන්න ළඟටම යන්න ඇති, ඒ නිලධාරින්ට ඒ වැඩේ කරගන්න ඇරලා තමන් සුරක්ෂිත තැනක හිටියා නම් මේ අපරාධය වෙන්නේ නැහැ...!
මෝඩ හැත්ත එලවලා දාලා අලියා ගොඩ ගන්න එක නොකලාට වනජීවී නිලධාරීන් වගකිව යුතුයි...!
වනජීවී රාජකාරි අස්සේ රින්ගන්න ගිය කාන්තාවට දෙන දඬුවමක් නැද්ද? ඒ වගකීමක් නොදන්න කාන්තාව නිසා අහින්සක සතෙක්ගේ ජීවිතේ විනාශ කළා...
රටක් දියුණු වෙන්නේ කොහොමද මේ වගේ මෝඩ පිරිසක් එක්ක.. අලියා ගොඩට එන අනතුරුදායක අවස්තාව රස විදින්න ආපු සැවොම මේකට වග කිව යුතුයි.
මොන දේකටද ඔය කෙනා ඕක අස්සට රිංගන්න ගියේ?
ඒ අලියා අස්සට ගිය ගොන් ගෑණිට විරුද්ධව නඩු දාන්න ඕනේ.
මේ වගේ අවස්ථාවක වන සතෙකුගේ හැසිරීම ගැන වනජීවි එක දන්නෙම නැත්ද? හදිසි අවස්ථාවකදී සතාවත් බේරගෙන තමනුත් බේරෙන්න පූර්වාරක්ෂක සූදානමක් තිබුණෙම නැත්ද? වතාවක් කොටියෙක් බේරන්න ගිහින් ගහක් කපලා කොටියත් මැරිලා ගහත් නැති වුණා. ලැජ්ජයි අපේ වනජීවි එකේ වැඩ මීට වඩා මහදැනමුත්තා හොඳයි.
සමහර ගෑණුන්ට අලි සයිස් දැක්කාම උංහිටි තැන් අමතක වෙනවනේ. එයාලා හරි ආසයි...
දඬුවම් කළ යුතුයි...
අලියාගේ රෙද්ද අස්සේ රින්ගන්න ගියේ මොකටද?
ලංකාවේ තියන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මේ අලි ඉන්න වනාන්තර අස්සේ මිනිස්සු ගෙවල් හදන හේන් කොටන එක. මිනිස්සුන්ගේ පුදුම තණ්හාවක් තියෙන්නේ. ඊට වඩා නූගත්කම සහ ඔලමොට්ටලකම. මේ වගේ වෙලාවට මිනිස්සු මොකට මෙතැන එකතුවෙලා හිටියාද? මේ සතියේම අලිපැටව් විතරක් කී දෙනෙක් වෙඩි තියලා මැරුවාද? කාලකන්ණි ජීවත් වෙන රටක් මේක. මේ ඔක්කෝටම නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෑ.
මේ ගෑණිව අල්ලලා හිරේ දාන්න...
ඇයි ඒ ගෑණිට තිබ්බේ නැත්තේ..?
සම්පූර්ණ වරද මේ වනජීවියන්ගේ. මේ වගේ අවස්ථාවක අලියෙක් හැසිරෙන්නේ කොහොමද කියලා අත්දැකීමක් ඇත්තේම නැද්ද ඔය නිලධාරීන්ට. අර ගහක් කපලා කොටියෙක් මරපු සෙට් එකද දන්නේ නෑ ඔතැනටත් ආවේ.. ගැහැණු ගැන ආයේ කියන්න දෙයක් නැහැනේ...
පුදුම ගොන්නු ඉන්න රටක් මේක...!
වනජීවී නිලධාරීන් හැර වෙනත් අය මෙතෙන්ට අදාළම නෑනේ.. ඕක හැමතැනකදීම සිද්ධ වෙන දෙයක්. ඒ කියන්නේ අලියගෙ අස්සේ ගමේ අය.
ඒ වෙලාවේ තිබුණේ ඒ මෝඩ ගෑනිට ඕනෑ මගුලක් වෙන්න ඇරලා සතාව නොමරා යන්න අරින එකනේ. ඒ ගොන් මෝඩ ගෑනි ඇවිත් මොන එහෙකට මේ අස්සේ රිංගන්න ගියාද? මේ නම් මහා අපරාධයක්. අනේ දකින කොටත් හරිම දුකක් හිතෙනවා. ගෙදරක ඉන්න හුරතල් දරුවෙකුට කොලු පැටියෙකුට අමු අමුවේ වෙඩි තියලා මරලා දාලා ඉන්නවා වගේනේ මේ වැටිලා ඉන්නේ. මොන හිතකින් මේ තිරිසන් වැඩේ කලාද?
වෙන දෙයක් වෙන්න ඉඩහැරලා බලන් ඉන්නේ නැතිව මොකටද වෙඩි තිබ්බේ? වනජීවී නිලධාරියා අලි පැටියෙක් කුලප්පු වුණාම ඔහොම කළා නම් අලි රංචුවක් කුලප්පු වුණොත් ගම වටේම වෙඩි තිය තිය දුවයි.
අනේ මන්දා ලංකාවේ වන ජීවි එකේ ඉන්නේ හරක් විතරමද කියලා, මුලින්ම අලි පැටවා ගොඩ ගන්න පෙර එතැන ඉන්න අනවශ්‍ය පුද්ගලයින් විශේෂයෙන්ම කුඩා ළමයින්, කාන්තාවන්, වැඩිහියන් ඉවත් කළයුතු බව දන්නේ නැද්ද? දෙවනුව වන සතකු බැවින් ඌ මෙල්ල කිරීමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා පාවිච්චි කිරීමට නිර්වින්දන එන්නත් ලබා ගතයුතු බව දන්නේ නැද්ද? වෙඩි තැබීමට තීරණය කෙරුවා නම් සතාගේ ජීවිතයට හානි නොවන ආකාරයට එය නොකරුවේ මන්ද කියලා වහාම වනජීවි අමාත්‍යංශය සොයා බැලිය යුතුයි.
වෙඩි තියන්න තිබුනේ ගෑනිට. තිරිසන් සාතා මෙනවාද දන්නේ? සතා හොඳටම බය වෙලා ඉන්න ඇත්තේ.... අනික සම්පූර්ණ වැරැද්ද වනජීවි එකේ.... සෙනග අයින් කරලා ඔය සතා ගොඩ ගත්තා නම්...