(සුජිත් හේවාජුලිගේ)
නුවරඑළිය දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද මධ්‍යස්ථාන ආසන්නයේ සංවිධාන කෙරුණු රැස්වීම් හයක් අත්හිටවූ බව නුවරඑළිය තේරීම් බාර නිලධාරි නන්දන ගලබඩ මහතා පැවසීය.
වලපනේ ප්‍රදේශයේ තැපැල් ඡන්ද මධ්‍යස්ථානයක් ආසන්නයේ පැවැත්වීමට සූදානම් කෙරුණු රැස්වීමක්ද ඊයේ අත්හිටවූ බව ඔහු සඳහන් කළේය.
ඡන්ද මධ්‍යස්ථාන ආසනයේ රැස්වීම් පැවැත්වීම මැතිවරණ නීතිය අනුව තහනම් වේ.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද මධ්‍යස්ථාන දෙසීයක් පමණ ක්‍රියාත්මක විය.
ඡන්දය ප්‍රකාශ වීම සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ නන්දන ගලබඩ මහතා පැවසුවේ ඡන්දදායකයන්ගෙන් සියයට අනූවකට වැඩි පිරිසක් ඡන්දය භාවිතා කළ බවයි.
ඡන්ද විමසීම කෙරුණු කාලයේදී සුළු සුළු සිද්ධීන් හැරුණු කළ බරපතල සිදුවීම් කිසිවක් වාර්තාවී නැතැයිද ඔහු ප්‍රකාශ කළේය.
මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ නීති විරෝධී මැතිවරණ කාර්යාල සහ මැතිවරණ ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිට ඒවා නතර කිරීමට පියවර ගන්නැයි තේරීම්බාර නිලධාරීවරයා පොලිසියට උපදෙස්දී ඇත.
එසේම ප්‍රචාරක කටයුතු සදහා පෙළපාළි සහ ලොකු කණ්ඩායම් වශයෙන් ගෙන් ගෙට යාමද නතර කරන ලෙස හෙතෙම උපදෙස්දී ඇත.
2025 දෙසැම්බර් මස 18
648
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
315
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නුවරඑළියේ තැපැල් ඡන්ද පොළ ළඟ රැස්වීම් හයක් නවත්වයි