තේ පොහොර වර්ග තුනක මිල 2000කින් අඩු කරයි තේ වගාව සඳහා යොදන ටී -750, ටී- 709 සහ ටී- 200 යන පොහොර වර්ග තුනක මිල රුපියල් 2000 කින් අඩු කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කළේය. 16 January 2024
මිලියන 13 ක කේරළ ගංජා යාපනයේ වෙරළක යාපනය, පුන්ගුඩුතිව් දූපතේ ඉරුප්පිඩ්ඩි වෙරළ ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී ළදු කැළැවක සඟවා තිබූ මිලියන 13 ක් වටිනා කේරළ ගංජා කිලෝ 34 ක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. 16 January 2024
ඇඳුම් සොරකම් කළ මන්ත්‍රීවරිය ඉල්ලා අස්වෙයි වෙළෙඳ සැලකින් ඇඳුම් සොරකම් කළ බවට චෝදනා එල්ල වීමත් සමඟ නවසීලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ඉල්ලා අස්වීමට තීරණය කළාය. 16 January 2024
සිවිල් සංවිධාන සාමාජිකයන්ගෙන් මන්ත්‍රී කාවිංගට විරෝධය සෞඛ්‍ය සේවකයන්ගේ ගැටලුවකට සහයෝගය දැක්වීමට කුරුඳුවත්ත පොලිසියට පැමිණි ජාතික සමඟි බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවිංග ජයවර්ධන මහතා විරෝධතාවයේ යෙදී සිටි පිරිසක් අද (16) දහවල් විරෝධය දැක්වූහ. 16 January 2024
කළු සොල්දාදුවා ජාතියට ප්‍රෝටීන් දෙන්න පෙරමුණට එයි හරක් මස්,කිරි, කුකුළු මස් ආදී සත්ත්ව ආහාර වල ප්‍රෝටීන් ප්‍රතිශතය ඉහළ දැමීම සඳහා කසල මැස්සකුගේ කීටයකු යොදාගෙන පෝෂණ අතිරේකයක් නිෂ්පාදනය කර තිබේ. 16 January 2024
ලක්ෂ 17ක හෙරොයින් සමඟ හිටපු කාලතුවක්කු සෙබළා අල්ලයි කරන්දෙණිය ප්‍රදේශයේ විසූ ’’හිත හොඳ දොස්තර’’ ඝාතනය කර, දැනට ඩුබායි රටේ සැඟව සිටින ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කරන්දෙණිය සුද්දාගේ හෙරොයින් මත්කුඩු ’’ඊසි කෑෂ්’’ ක්‍රමයට අනුරාධපුරයේ බෙදා හැරි ඔහුගේ ප්‍රධාන ගෝලයෙකු වන හිටපු කාලතුවක්කු රෙජිමේන්තු සෙබළෙකු සහ 16 January 2024
අවලෝකේතීශ්වර රිමාන්ඩ් අවලෝකේතීශ්වර බෝධිසත්වයන් බවට හඳුන්වා ගනිමින් බුදුරජාණන් වහන්සේට, භික්ෂූන් වහන්සේලාට හා බෞද්ධාගමට අපහාස වන ආකාරයේ දේශනා කළැයි කියන සැකකරු ලබන ජනවාරි 24 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය. 16 January 2024
රෝහල්වලට යුද හමුදාව කැඳවයි වැඩ වර්ජන හේතුවෙන් අඩාල වන රෝහල් කටයුතු බාධාවකින් තොරව කරගෙන යාම සදහා රෝහල්වල දෛනික කටයුතුවලට යුද හමුදාව යෙදවීමට යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා අද (16) උපදෙස් දී තිබේ. 16 January 2024
අවලෝකේතීශ්වර අධිකරණයට ගෙනෙයි අවලෝකේතීශ්වර බෝධිසත්වයන් බවට හඳුන්වා ගනිමින් බුදුරජාණන් වහන්සේට, භික්ෂූන් වහන්සේලාට හා බෞද්ධාගමට අපහාස වන ආකාරයේ දේශනා කළැයි අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරිම සඳහා රැගෙන ආවේය. 16 January 2024
ඉන්දියාවේ දකුණු කොටසට ලංකාවේ අතිරික්ත විදුලිය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බලශක්ති අන්තර් සම්බන්ධතාවයක් ඇති කර ගැනීම සඳහා සාකච්ඡා අරඹා ඇතැයි ද එම සාකච්ඡා ප්රගතිශීලී අදියරක තිබෙන්නේ යැයිද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්විට්සර්ලන්තයේ දී පැවසීය. 16 January 2024
සෞඛ්‍ය වෘත්තීය සමිති - ඇමති සාකච්ඡාවක සංකේත වැඩවර්ජනයක නිතරව සිටින සෞඛ්‍ය වෘත්තීය සමිති සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ සෞඛ්‍ය අමාත්‍යංශයේ මේ වන විට විශේෂ සාකච්ඡාවකට සහභාගි වී සිටියි. 16 January 2024
තැඹිලි කැඩීමට ගිය සිසුවා විදුලි සැරෙන් මරුට රත්තොට පුස්සැල්ල මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවකු පාසලේ ගසකින් තැඹිලි කැඩීමට ගිය අවස්ථාවේ අසල ඇද තිබූ අධිබලැති විදුලි රැහැනක පැටලී විදුලි සැර වැදි මියගොස් ඇතැයි රත්තොට පොලිසිය පවසයි. 16 January 2024
රනිල්ට තව අවස්ථාවක් දිය යුතුයි ආර්ථිකය ගොඩනඟා රට ස්ථාවර කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නැවත අවස්ථාවක් ලබාදිය යුතු බව ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 16 January 2024
බදුල්ල කොළඹ පාර සතියකට පසු විවෘත වෙයි බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර 7කණුව ප්‍රදේශයේ දී නාය යාමට ලක් වීම නිසාවෙන් වසා දමා තිබූ බදුල්ල බණ්ඩාරවෙල අතර මාර්ගය සතියකට පසුව අද (16) යලි විවෘත කල බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි . 16 January 2024
රිය අනතුරින් කම්කරුවා මරුට දුම්මලසූරිය විලත්තව ප්‍රධාන මාර්ගයේ තල්කටුව ප්‍රදේශයේදී සිදුවූ වෑන් රථ යතුරුපැදි අනතුරකින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු මිය ගොස් ඇති බව මාදම්පේ පොලීසිය පවසයි. 16 January 2024
රතු මුහුදේ ඇමෙරිකන් නැව්වලට යවුති ප්‍රහාර රතු මුහුදේ ඇමෙරිකන් යුද නෞකාවකටත්, භාණ්ඩ ප්‍රවාහන නෞනාවකටත් යේමනයේ ක්‍රියාත්මක ෂියා මුස්ලිම් හවුති සටන්කාමීහු බැලැස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කළහ. 16 January 2024
රිපබ්ලිකන් අපේක්ෂකයන් පරදා ට්‍රම්ප් ඉදිරියට ඇමෙරිකන් ජනාධිපතිවරණය මෙම 2024 වසරේ පැවැත්වීමට නියමිත අතර, ඊට පෙර ඇමෙරිකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන්, ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා තෝරා ගැනීමට පක්ෂ අභ්‍යන්තරයේ ඡන්ද විමසුම් පැවැත්වෙයි. 16 January 2024
සෞඛ්‍ය සේවකයෝ සත්‍යග්‍රහයක සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සාධාරණය ඉල්ලා ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය ක්‍රියාත්මක කරන සංකේත වැඩවර්ජනයට සමගාමීව සෞඛ්‍ය සේවකයෝ කොළඹ ජාතික රෝහල ඉදිරිපිට අද (16) පෙරවරුවේ සත්‍යග්‍රහයක් ආරම්භ කළහ. 16 January 2024
බදුල්ල ඒ් 5 පාර යථා තත්ත්වයට ලුණුගල විස්ස කණුව අසලින් අද (16) විශාල පස් කන්දක් කඩා වැටී අවහිර වී තිබූ බදුල්ල මඩකලපුව ඒ 5 චෙංකලඩි මාර්ගය පැයකට වඩා අඩු කාලයකින් යන්ත්‍රානුසාරයෙන් පස් ඉවත්කර පිළිසකර කළ බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය. 16 January 2024
පී සී ’අයිස්’ සමඟ මාට්ටු මිහි ජය සෙවන පොලිස් ස්ථානයට අනුයුක්ත කොස්තාපල්වරයකු අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි 16 January 2024
උඩරට දුම්රිය ධාවනය යථා තත්ත්වයට උඩරට දුම්රිය මාර්ගයේ ග්‍රේස්වෙස්ටන් හා රදැල්ල දුම්රිය ස්ථාන අතර දුම්රියක් පිලිපැනීම හේතුවෙන් පැවැති මාර්ග අවහිරතා අද (16) උදෑසන වනවිට යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි. 16 January 2024
වැස්ස නවතී:මල්තුහින පතිත වේ දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 16 January 2024
පාතාල ආරෝවකින් අයෙක් මරුට මෝදර රන්දිය උයන නිවාස සංකීර්ණයේදී ත්‍රිරෝද රියකින් පැමිණි දෙදෙනකු ඊයේ රාත්‍රි සිදු කළ වෙඩි තැබිමකින් තුවාල ලැබූ පුද්ගලයකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි මීජයසෙවන පොලිසිය පවසයි. 16 January 2024
එළවළු මිල දැක පාරිභෝගිකයෝ ආපසු දුවති ඉතිහාසයේ කිසිදා නොවු විරු අයුරින් අනුරාධපුර මහජන පොලේදි කැරට් කීලෝව රැපියල් 2000 කට අළෙවි කෙරැණි. 15 January 2024
ඇමැති මැදිහත් වී ඇරැඹූ මාතර - කොළඹ සැප බස් නතර වෙලා කොළඹ - මාතර දක්වා පැය දෙකකින් ලගාවිය හැකි පරිදි ආරම්භ කළ අධිසුඛෝපභෝගී අධිවේගී පුද්ගලික බස් රථ සේවය අත්හිටුවා ඇතැයි ජනතාව චෝදනා කරති. 15 January 2024
පානදුර දියඹේ ලොකු අනතුරක් නුලෙන් බේරෙයි පානදුර මුහුදේ දියනාමින් සිටි තරුණයන් දෙදෙනකු සහ තරුණයන් දෙදෙනකු රළ පහරට හසුව දියඹ දෙසට ගසාගෙන යද්දී ඔවුන් සිවු දෙනා බේරාගැනීමට පානදුර පොලිස් ජීවිත ආරක්ෂක නිළධාරීහු සමත් වූහ. 15 January 2024
පාර්ලිමේන්තුවේ වාර අවසානය ලබන 24 පාර්ලිමේන්තුව ( නව වැනි පාර්ලිමේන්තුවේ සිවු වැනි සභා වාරය) ලබන 24 වැනිදා වාර අවසාන කිරීමට නියමිත බව එහි ආරංචි මාර්ගවලින් පැවසේ. 15 January 2024
රුහුණු කුමාරිය තීරණය වෙනස් කරයි රුහුණු කුමාරි දුම්රිය බෙලිඅත්ත දක්වා ගමන් කරවීමට ගත් තීරණය වෙනස් කිරීමට ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා තීරණය කර ඇත. 15 January 2024
හිරගෙවල් උතුරයි බන්ධනාගාරවල සිරමැදිරිවල වාට්ටුවල ධාරිතාව ඉක්මවා රඳවා සිටින රැඳවියන්ගේ ප්‍රතිශතය සියයට 232 ක් දක්වා ඉහළ නැග ඇති බව බන්ධනාගාරයන්හි පවත්නා තදබදය කළමනාකරණය කිරීම පිළිබඳ කාර්ය සාධන විගණන වාර්තාවේ දැක්වේ. 15 January 2024
උසස් පෙළ කෘෂි ප්‍රශ්න පත්‍රය පැන්නුවයි කා.කා.ස අත්අඩංගුවට මෙවර පැවැති උසස් පෙළ විභාගයට අදාල කෘෂි කර්ම ප්‍රශ්න පත්‍රය සොරාගෙන සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව ප්‍රදේශයේ විද්‍යාලයක කාර්යාල කාර්ය සහායකවරයක් අද (15) දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 15 January 2024
මිනුවන්ගොඩ නගරසභා සභාපති ඉල්ලා අස්වෙයි මිනුවන්ගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන සභාපති අසේල වික්‍රමාරච්චි මහතා නගර සභාවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද (31) මිනුවන්ගොඩ නගර සභාවේ පැවති විශේෂ මහ සභා රැස්වීමේදී නිල වශයෙන්.. 31 December 2025