
(අංජුල මහික වීරරත්න)
සජිත් ප්‍රේමදාසට කිසි දිනක අනුර දිසානායක පරාජය කරන්න නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහියංගනයේ දී පැවසීය.
හැමදාම පාර්ලිමේන්තුවේ නැගිට ඕපාදූප කතා කර පැය දෙක තුන නාස්ති කළ සජිත්ට අන්තිමට සිදුවුණේ අනුර දිසානායක තර්ජනයක් වීම යැයි ජනාධිපතිවරයා කීය.
මෙරට ඉතිහාසයේ සිට තරඟය තිබුණේ දෙන්නෙක් අතර බව කී ජනාධිපතිවරයා ආණ්ඩුව සහ විපක්ෂය අතර ඒ තරඟය තිබූ බව පැවසීය.
අගමැති ආණ්ඩු පක්ෂය බලා ගන්නා අතර විපක්ෂ නායක විපක්ෂය බලාගත යුතු බව කී ජනාධිපතිවරයා තමා විපක්ෂ නායක කාලේ එලෙස විපක්ෂයේම පක්ෂයකින් කිසිවෙකුත් අභියෝගයට නොආ බව කීය.
දැන් අනුර දිසානායක විසින් සජිත් ප්‍රේමදාස අභිබවා ගොස් ඇතැයි කී ජනාධිපතිවරයා මේ වන විට සජිත්ට අනුර පරද්දන්නට නොහැකි තත්ත්වයට පැමිණ තිබෙන බව කීය.
සජිත් දැන් කරන මෝඩ වැඩෙන් අනුරට උදව්වක් ලැබෙනු ඇති බව මතක තියාගන්නැයි එක්සත් ජාතික පක්ෂයේ සැමට කියන බව පැවසූ ජනාධිපතිවරයා තමා මෙහි පැමිණියේ ඩී.එස්.සේනානායක,ඩඩ්ලි සේනානායක ,ජේ.ආර් ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස උරුමය සමඟ බව කීය.


(ඡායා -ප්‍රදීප් පතිරණ)
COMMENTS
මෙයාට සජිත් පරද්දන්න බෑ. එතකොට මෙයාට තුන්වැනි තැනවත් බේරගන්න පුළුවන් වෙයිද?
හැබැයි අනුරට පුළුවන් රනිල්වයි සජිත්වයි එකට තියලා පරද්දන්න...!
ගොබ්බ පුතාණෝ සහ සිලින්ඩර් සීයා ඇප නැතුව පරාදයි...
9 වන විධායක ජනාධිපති දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක....!
ජනතාවගේ පැතුම රටේ එකම බලාපොරොත්තුව අනුර කුමාර දිසානායක...!
දැන් නම් පිස්සු හොඳටම වැඩි වෙලා වගේ...?
මෝඩ කතා කියන්න එපා...
එතකොට ඔබගේ කතාව... ඒ වගේම තමයි රනිල්ටත්...!
අනික, ඔයාට සජිත්ව පරද්දන්න බැහැ...
ඔව්, ඔබතුමා ඒ සියලුම දෙනාගේ උරුමයෙන් ඇවිත් රටට මහා සේවාවක් කළ දැවැන්ත පක්ෂය එකම එක මන්ත්‍රි ආසනයක් නොලබන තත්ත්වයේ අමරණීය සම්මානයක් ලබාදුන්නනේ. අවුරුදු 30 ක් පාක්ෂිකයා පරජය කරලා නැත්තටම නැතිකළානේ. ඇඳුමක් ඇඳගෙන සජිත් කියන නම කියන්න පුළුවන්ද? බලන්නකෝ තව ටික දවසයි...!
එයත් ඡන්ද කැම්පේන් එක කරන්නේ සජිත් පරද්දන්න. අනුර කුමාර ගේන්න ඕනෑ. කොහොමද එයාලගේ ඩීල්...?
ඒ කියන්නේ සජිත් දිනලා ඉවරයි. අනුර, රනිල් එකතු වුණත් සජිත්ව පරද්දන්න බෑ. ඒ කියන්නේ සජිත් දිනලා ඉවරයි කියන එකයි...
රනිල් කියන එක සම්පූර්ණ ඇත්ත. අරගලය කාලෙ සජිත් හැසිරෙන විදියෙන් මට ඒ වෙලාවේ හිතුණා මේ වැඩේ කරගනියි කියලා. අනුර ගෝලයෝ ටික ගෙවල් ගිනි තියන්න මිනිස්සුන්ට ගහන්න උගන්වනකොට සජිත්ට මධ්‍යස්ථ තැනක ඉඳන් ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කළා නම් අද සජිත්ට මේ දේ වෙන්නේ නැහැ. සජිත් බැලුවේ අනුර ලව්වා ආණ්ඩුවට පහර දීලා තමන්ගේ ගොඩ වැඩි කරගන්න පුළුවන් වෙයි කියලා. අන්තිමට සජිත්ගේ පාක්ෂිකයෝ අනුර කුමාරගේ කතා අහන්න පුරුදු වුණා... අන්තිමට අනුර කුමාර, සජිත්ගේ පාක්ෂිකයෝ ටික කතාවෙන් අල්ලා ගත්තා. මේ වගේ කෙනෙක්ද අපි ගැන ජනාධිපති කරන්ඩ ඕනේ?
ඔය කියන උරුමෙන් ආපු අය තමයි රටට කරුමෙ වුණේ...!
විකුණන්න (පුළුවන් ශ්‍රී ලංකා)
ලංකාවේ බූරුවෝ ටික ආයිත් උත්සාහ කරන්න යන්නේ... කරලා බලමු ගෝඨාභය 2....
බැරිම තැන සාස්තර කියන්න පටන් අරන්... ජනතාව මානසිකව සටනකට සූදානම් කරනවා කරනවා බටහිර රටවල් නිහඬව මෙම ක්‍රමයේ පාවිච්චි කරනවා.
ඒ වුණාට මෙයා 2020 සජිත්ට පරාදයි නේද ඇපත් නැතුව...? අවුරුද්දක් යනකල් පාර්ලිමේන්තු ආවෙත් නෑ නේද ලැජ්ජාවට...?
මේ අය සජිත්ට බය වෙලා සජිත් දිනන එක ෂුවර්. මේ කුමන්ත්‍රණවලට යට වෙන්න එපා සජිත් මහත්තයා. ඔබට ජයග්‍රහණය කාටවත් නවත්වන්න බෑ. ඔබ කිසිවකටත් රැවටෙන්න එපා.
ඒකත් පුළුවන් unp නෙවෙයිනේ... පුළුවන් ශ්‍රී ලංකා..!
සුසන්ත, ඔබගේ ගුණමකු හිතට එහෙම අදහසක් දැරුවාට සහ හරියට දැනගෙන කථාකරන්න ඕනෑ. නොදන්න දේවල් පිළිබඳව කථා නොකර සිටියා නම් තම ගරුත්වය ආරක්ෂා වෙනවා. ප්‍රේමදාස මහත්තයා ඔබට එලෙස පෙනුනාට පක්ෂ විපක්ෂ සෑම කෙනෙක්ම අවිවාදයෙන් පිළිගන්නවා.. අහිංසක ජනතාව ඉලක්ක කර නිවාස ලක්ෂයේ, දසලක්ෂයේ ව්‍යාපෘති, උදාගම්, ඉඩම්බෙදාදීම්, එම වකවානුවේ රු. 2500/= ක් ජනසවිය ලෙස, රටපුරා ඇඟලුම් කර්මාන්ත, රටපුරා මහාමාර්ග කාපට් කිරීම ආරම්භ කර ක්‍රියාත්මක කිරීම, අධිවේගී මාර්ග, මාතර - කතරගම් රේල් පාර, රට පුරා ජල විදුලි පහසුකම් පුළුල් කිරීම, තට්ටු නිවාස ව්‍යාපෘති, ක්‍රීඩා භූමි, ක්‍රීඩා පහසුකම් සහ බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා කටයුතු කිරීම ආදී සුවිසල් වික්‍රමයක් කෙටි කාලය තුළ කරගෙන ආවා පමණක් නොව පක්ෂයේ ශක්තිය සිරිමා බණ්ඩාරනායක වැනි දැවැන්ත නායිකාවක් දණ ගැස්සුවා. ලලිත් ගාමිණි ප්‍රේමදාස ප්‍රශ්නය ඇති නොවුණා නම් මොනතරම් වාසනාවක්ද? එහෙනම් අද ගොඩාක් දියුණු රටක් අපේ රට... ඒ වගේම චන්ද්‍රිකා, මහින්ද ආදී නම් ජනාධිපති නාමාවලියේ නැහැ. එතුමන්ලා ප්‍රේමදාස මහත්තයා එලෙව්වේ නැහැ එයාලා ගියේ... ඔබ ඒ පිළිබඳව දන්නේ නැති නම් රනිල් මහත්තයාගෙන් අහලා දැන ගන්න...
තමුන්ටත් එහෙමයි...!
පරදින එවුන් පුලුවන්නම් වරෙල්ලා නවසීලන්තෙට අපි සාදරෙන් පිළිගන්නම්
සජිත් දිනනවා .ඒක ඉර හඳ වගේ විශ්වාසයි