
(රෝෂන් තුෂාර)
ජාතික ජනබලවේග පක්ෂය ""කිසිදු ආගමකට ප්‍රමුඛත්වය දෙන්නේ නෑ" යනුවෙන් සඳහන් කරමින් ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව ව්‍යාජ ලිපියක් අන්තර්ජාලයේ පළ කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව රහස් පොලිසිය බී වාර්තාවක් ගොනුකරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණි ගමගේ මහතාට කරුණු දක්වමින් අද (04) පැවසීය.
එම පක්ෂයේ සුනිල් හඳුන්නෙත්ති මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශන ආරම්භ කළ බවද පැවසීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය කරුණු ඉදිරිපත් කරමින් මෙසේද සඳහන් කර ඇත.
ජාතික ජන බලවේගය පක්ෂය පසුගිය 24 වැනි දින මහරගම තරුණ සේවා සභාවේදී භික්ෂු සමුළුවක් පැවැත් වූ බවත්,එම භික්‍ෂු සමුළුවෙන් පසුව පසුගිය විසින් 29 වැනි දින මෙරට ප්‍රධාන රූපවාහිනී නාලිකාවක පළ වූ ලිපියක් යැයි හඟවමින් අදාළ ව්‍යාජ ලිපිය අන්තර්ජාලයට මුදා හැර ඇති බවට සුනිල් හඳුන්නෙත්ති මහතා පැමිණිලි කර ඇති බවද,පැමිණිලිකාර පක්ෂය හෝ අනුරු කුමාර දිසානායක මහතා එවන් ලිපියක් මාධ්‍යයන් වෙත නිකුත් කර නොමැති බවත් ඒ මහතා පැමිණිලි කර ඇති බවද සඳහන් කළේය.
පැමිණිල්ලේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වමින් පැමිණිල්ල බහා තැබීය.
COMMENTS
පරාජය ඉවසාගත නොහැකි දූෂිත දේශපාලුවෝ සහ ඔවුන්ගේ වහල්ලු තව තව මඩ ප්‍රචාර ගෙනියන්න පුළුවන්...
හඳුන්නෙත්ති බුදුන් වැඳීම, මල් පහන් පූජා කිරීම, වැනි දේවල් ගෝත්‍රික ආකල්ප කියලා ප්‍රසිද්ධියේම කියපු සාකච්ඡාත් මාත් ඇහුවා. පක්ෂ භේදයක් කෙසේවෙතත් මොවුන් නිර්ආගමික ජන කොටසක්... වග පැහැදිලියි.
සමහර විට ලිපියක් එහෙම නැතුව ඇති. ඒත් ඒ කාරණේ ඔය විදිහටම කියලා තියෙනවා කියන එක බොරුවක් නෙමේ. ඒ සියළු දේ මුද්‍රිත මාධ්‍ය සහ වීඩියෝ සාක්ෂි සහිතව තියෙනවා. ඕනේ කෙනෙකුට බලන්න පුළුවන්...!
මැතිවරණයක් ආසන්න වෙන කොට, මෙහෙම හොර අත්සන් ගහපු ව්‍යාජ ලියකියවිලි, හතු පිපෙනවා වගේ එළියට එන එක ස්වාභාවික දෙයක් !!! මතකද කලකට පෙර, විරුද්ධ වාදියෙකු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ හොර අත්සන් ගහපු බොරු ලියැවිල්ලක් සංසරණය වුණු හැටි...
බලයට එන ඕනෑම නායකයෙක් කිසිම ආගමකට ප්‍රමුඛත්වය නොදිය යුතුයි. අනුර කුමාර එවැනි දෙයක් කියා ඇත්නම් ඉතා හොඳයි...
ඊයේ කිව්ව දේ අද අමතක මිනිස්සු මෙයාලා. මෙයාලාම ලියපුවා දැන් නැහැයි කියනවා ඇති...
දේශපාලනයට කිසිම ආගමක් ධර්මයක් අදාළ නැහැ . බටහිර රටවල දේශපාලනය ක්‍රිස්තියානි ආගම ඔලුව උද තියාගෙන නටන්නේ නැහැ