IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පොලිසිය පොලුවලින් පහර දුන්නැයි ව්‍යාපාරිකයෙකුගෙන් පැමිණිල්ලක්

(කේ බුද්ධික කුමාරසිරි)

අවිස්සාවේල්ල මිරිස්වත්ත ප්‍රදේශයේ  ව්‍යාපාරිකයෙකු කොස්ගම පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස්  නිරුවත් කර පැය පහකට ආසන්න කාලයක් අමානුෂික ලෙස පහර දී වද දී එම ව්‍යාපාරිකයාගේ බිරිඳට ද පොලිස් නිළධාරියෙකු පහර දුන් බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි සබරගමුව පළාත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි

කොස්ගම පොලිස් බල ප්‍රදේශයේ නිවසක් බිඳ රුපියල් ලක්ෂ 19කට ආසන්න මුදලක් සහ භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් සැකපිට තමන්ව බිරිඳ සහ ඇයගේ මව කොස්ගම  පොලිස් ස්ථානය වෙත රැගෙන ගිය බවත් එහිදී තම බිරිද ගේ කණට පොලිස් නිළධාරියෙකු පහර දුන් බවත් මේ හේතුවෙන්  ඇයගේ කන් ඇසීම දුරුවල වී ඇති බවත් එම පැමිණිල්ලෙහි සදහන් වේ

එසේම පසුව රාත්‍රි 9 ට පමණ තමන්ව නිරුවත් කර පොලිස් ස්ථානයේ කාමරයක් තුලට රැගෙන ගොස් අත් දෙකට මාංචු දමා උඩ එල්ලා පැය පහකට ආසන්න කාලයක් පුලුවලින් සහ අතින් පයින් පහරදී අමානුෂික වද හිංසා කළ බවත් ඒ අතරතුර කොච්චි මිරිස් කොටා එහි ඉස්ම තම ඇස් දෙකට වත්කර පසුව  ශරීරය පුරා ආලේප කරමින් වද දුන් බවත් පහර කෑමට ලක් වූ ව්‍යාපාරිකයෙකු වන උදාර මධුසංක කිත්සිරි  නැමැති 29 හැවිරිදි ව්‍යාපාරිකයා සිදුකල පැමිණිල්ලෙහි සදහන් වේ

ඉකුත් 4 වන දා රාත්‍රි මෙම තිදෙනා පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් ඇති අතර අද (06) අළුයම පොලිස් ඇප මත මුදාහැර ඇති බවත් සදහන් වේ

එසේම අදාල පහරදීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් කලහොත් තමාව ඝාතනය කරන බවට කොස්ගම පොලිස් ස්ථානාධිපතිවරයා තර්ජනය කල බවත් ව්‍යාපාරික උදාර මධුශංක කිත්සිරි  එම පැමිණිල්ලෙහි සදහන් වේ

පහර දීම නිසාවෙන් තම ශරීරය පුරා තුවාල කැලැල් තිබෙන බවත් වළලුකර අසල තුවාල සිදුව පවතින බවත් සදහන් වේ

⁣අදාල සිදුවීමේ දී පහර කෑමට ලක් වූ ව්‍යාපාරිකයා ගේ බිරිඳ වන හෂිණි චමීන්ද්‍ර නැමැති 29 හැවිරිදි එක්දරු මවක් ද තමන්ගේ කණට පොලිස් නිළධාරියෙකු පහර දුන් බවට පැමිණිලි කර ඇති බවද ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි

අමානුෂික ලෙස  පහර කෑමට ලක් වූ ව්‍යාපාරිකයා අසනීප තත්වයෙන්  අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබයි

මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී සබරගමුව පළාත බාල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ නිලධාරියක පැවසුවේය පොලිසියේ උසස් නිලධාරියෙකු යටතේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් කොස්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන්ත මහතාගෙන් දුරකතනයෙන් කල විමසීමකදී මෙසේ කීය

"නිවාස බිදුම් සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවකු රැගෙන ආවත් පහරදීමක් සිදු කලේ නෑ. ඔහුට ඇප දුන්නෙත් මමයි. ඝාතනය කරන බවට කිසිදු තර්ජනයක් සිදු කලේ නෑ. කෙසේ වෙතත් මේ පිළිබදව සොයා බලන්නම් "



අදහස් (5)

පොලිසිය පොලුවලින් පහර දුන්නැයි ව්‍යාපාරිකයෙකුගෙන් පැමිණිල්ලක්

Ranjith Friday, 06 September 2024 09:30 PM

පොලිසිය අයියෝ දෙයියනේ...!

:       3       8

ගමේ එකාලා Friday, 06 September 2024 10:58 PM

සිද්ධාලේප දේසබන්දුවගේ ජාතියේ අය වෙන්න ඇති. පොලිස් කියන වචනයේ තේරුමවත් නොදන්න එකාලා. අදාළ පොලිස් ස්ථානාධිපතිට විරුද්ධව නීතිය ක්‍රියාත්මක විය යුතුයි.

:       2       2

Swene Haputhantirige Saturday, 07 September 2024 04:53 AM

පොලිස්පති වෙන්න බලාගෙන කරන ඒවාද දන්නේ නැහැ...

:       2       1

Bunny Preena Saturday, 07 September 2024 09:45 AM

වෙනසක ආරම්භයට තව නපුරු දවස් 13යි...!

:       2       1

Bunny Preena Saturday, 07 September 2024 10:16 AM

අතින් පයින් ගහන එක දැන් පොලිසිය නවත්තලාද තියෙන්නේ..?

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 648 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 315 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site