
(රංජිත් රාජපක්ෂ)
අධ්‍යාපන රාඡ්‍ය අමාත්‍ය අරුණාචලම් අරවින්ද කුමාර් මහතා අවසරයකින් තොරව සිය භාරයේ තබාගෙන සිටි බව කියන හැටන් වැවිලි සමාගමට අයත් ලිඳුල ‘හෙන්ෆොල්ඩ්’ වතුයායේ පිහිටි නිල නිවසේ තිබු අරවින්ද කුමාර් මහතාට අයත් සියලු භාන්ඩ සමඟම අදාළ නිවස නුවරඑලිය දිසා අධිකරණයේ රෙජිස්ටාර්වරිය විසින් වතු අධිකාරිවරයාට අද බාර දෙන ලදී.
එම නිවස යළි වතු අධිකාරිවරයාට බාර දෙන ලෙස නුවරඑලිය දිසා විනිසුරුවරියගේ නියෝගයකට අනුව අධිකරණ රෙජිස්ටාර්වරිය ඇතුළු පිසිකල් නිලධාරින් ලිදුල පොලිසියේ නිලධාරින්ගේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ එම නිවසට පැමිණ එහි තිබු අරවින්ද කුමාර් මහතාට අයත් සියලු භාන්ඩ ලේඛණගත කිරීමෙන් අනතුරුව වතු අධිකාරිවරයාට එලෙස බාර දෙන ලදී.
අරවින්ද කුමාර් මහතා 1987 වසරේ ලිඳුල ‘හෙන්ෆොල්ඩ්’ වතුයායේ ප්‍රධාන ලිපිකරු වශයෙන් සේවය කර ඇති අතර එම කාලයේ වතු පාලන අධිකාරිය, නිල නිවස වශයෙන් භාවිතා කිරිමට මෙම නිවස අරවින්ද කුමාර් මහාතට ලබා දි තිබුණත් අරවින්ද කුමාර් මහතා වතුයායේ රැකියාවෙන් ඉවත් විමෙන් පසු අදාළ නිල නිවස ආපසු වතු අධිකාරියට භාර නොදි එම නිවස අලුත්වැඩියා කර එහි රැදි සිටිමට එරෙහිව වතු පාලනඅධිකාරිය ඔහුට එරෙහිව නුවරඑලිය දිසා අධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.
දිර්ඝ කාලයක් පුරා නඩුව විභාග කළ නුවරඑලිය දිසාවිනිසුරුවරයා එම නිල නිවසෙන් ඉවත් වන ලෙස නියම කරමින් අරවින්ද කුමාර් මහතාට එරෙහිව තීන්දුවක ප්‍රකාශයට පත් කළ අතර නුවරඑලිය දිසාවිනිසුරුවරයා එම තීන්දුවට එරෙහිව අරවින්ද කුමාර් මහතා අභියාචනාධිකරණයටද ඉන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනා ඉදිරිපත් කළත් එම අභියාචනා දෙකම ප්‍රතික්‍ෂෙප කෙරුණු අතර නුවරඑලිය දිසාවිනිසුරුවරයා එම තීන්දුවට අනුව කටයුතු කරන ලෙස ඉහළ අධිකරණයන් විසින් නියම කරන ලදී.
ඒ අනුව නුවරඑලිය දිසා විනිසුරු්වරියගේ නියෝගය මත ලිඳුල ‘හෙන්ෆොල්ඩ්’ වතුයායේ පිහිටි නිල නිවසට ලිදුල පොලිසියේ නිලධාරින්ගේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ පැමිණි අධිකරණ රෙජිස්ටාර්වරිය ඇතුළු පිසිකල් නිලධාරින් නිවසේ තිබු අරවින්ද කුමාර් මහතාට අයත් සියලු භාන්ඩ ලේඛණගත කිරීමෙන් අනතුරුව වතු අධිකාරිවරයාට බාර දුන්නේය.



2025 නොවැම්බර් මස 04
107
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2033
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1566
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වතු බංගලාවේ බලෙන් සිටි රාජ්‍ය ඇමති අරවින්ද කුමාර් දොට්ට
chandima Friday, 06 September 2024 01:18 AM
අනේ ඉතින් ඉස්සරහට හිටපු ජනාධිපතිලාවත් ඔය විදියට එළියට ඇදලා දායි නේද?
gamageFriday, 06 September 2024 04:05 PM
ඇයි චමින්ද මහත්තයෝ දුකද ?අපේ සල්ලිවලින් ඒගොල්ලන්ව නඩත්තු කිරීමට බැරිවීම ගැන . පව් නේ ඉතින් එකක් ඒගොල්ලෝ අපිට ලොකු සේවයක් කරපු අයනේ .ඒගොල්ලෝ ඔක්කොම ඔයාලා අපිට වඩා දුප්පත් අය නිසා වෙන්න ඇති දුක
සොරිසේන Friday, 06 September 2024 07:02 AM
හම්මෝ!! 1987 දාපු බලෙන් පදිංචියට එරෙහි නඩුවක් ඉවර උනේ 2024 දී ද? අම්මටසිරි ලංකාවට අබ සරණයි.
6.9: මිලියනයක ජනතාව Friday, 06 September 2024 08:02 AM
නඩ වලට යන කාලය නිසා මෙරට ජනතාවගේ වියරුව සාධාරණය