
(රෝෂන් තුෂාර)
කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයේ දෙක වසර පන්තියට දැරියක ඇතුළත් කිරීමේ කටයුතු සලසා දීමට රුපියල් ලස්ෂ 20ක මුදලක් ඉල්ලා ලක්ෂ හතරක අත්තිකාරම් මුදලක් ලබා ගත්තේ යැයි කියන කොළඹ රාජකීය විද්‍යාලයේ මුරකරු ඇතුළු පස් දෙනකු ලබන 20දින දක්වා බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (06) නියෝග කළේය.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම සඳහන් කර සිටියේ නුගේගොඩ අනුලා දේවි බාලිකා විද්‍යාලයට දැරිය ඇතුළත් කිරීම සඳහා අභියාචනයක් ඉදිරිපත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික පාසල් අංශයට පැමිණි පැමිණිලිකරුගෙන් මෙම මුදල් ඉල්ලා ලබාගෙන ඇති බවය.
දැරිය අනුලා විද්‍යාලයට නොව සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයට ඇතුලත් කළ හැකි බවත්, ඊට රුපියල් ලක්ෂ 20 මුදලක් වැය වන බවත් පළමු සැකකරු සඳහන් කර එම අත්තිකාරම් මුදලය ලබාගෙන ඇති බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජකීය මුරකරුවෙක්...
ඔන්න රාජකීය විද්‍යාලයට සම්බන්ධ අය කරන වැඩ. වැඩේ රාජකීයනේ... ඒක හින්දා ඕක ඔහොම්ම යට යයි.