
( ටී.කේ.ජී.කපිල )
මියන්මාරයේ කදවුරු තුළ බළහත්කාරයෙන් සයිබර් අපරාධ සදහා යොදවා සිටි ශ්‍රී ලාංකිකයන් 20 දෙනෙකු ඊයේ (05)වැනි දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.
පිරිමි පුද්ගලයන් 16 දෙනෙකු සහ තරුණ කාන්තාවන් 04 දෙනෙකු මෙම පිරිසට අයත් වේ.
මොවුන් මෙරටට ගෙන්වා ගැනීම සදහා ජාත්‍යන්තර සංක්‍රමණිකයන් සදහා වූ ආයතනය මැදිහත් වී ක්‍රියාත්මක වී තිබුණි.
මොවුන් මියන්මාරයේ සිට තායිලන්තය වෙත රැගෙන විත් ඊයේ (05)වැනි දින රාත්‍රී 11.09 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයේ ටී.ජී.- 307 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ආගමන විගමන දෙපාර්තමේන්තු සහ ශ්‍රී ලංකා පොලිසියේ තැනැත්තන් වෙළෙඳාම , මිනිස් ජාවාරම් සහ සමුද්‍රීය අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් මොවුන්ගේ තොරතුරු සටහන් කරගෙන පසුව ප්‍රකාශ සහ විමර්ශන සිදු කිරීමේ අපේක්ෂාව මත මොවුන් සිය නිවෙස් කරා පිටත් කර හැරීමට පියවර ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යන්නෙ කොකොහෙද කියල බලන්නෙ නැතුව රැල්ලට රට ගිහිල්ල. ගිය උන් එක ඩොලර් එකක් ගෙනැත් නෑ. ඒත් මේ හරක් දක්කගෙන එන්න වියදම් උනේ නම් මේ දුප්පත් රටේ සල්ලි.