කතරගම කපු වලියේ කපුවෙක්ට ඇප රුහුණු කතරගම මහා දේවාලයේ තේවාව භාර රත්නායක කපු පරපුර හා ආරාපක්ෂ කපු පරපුර අතර ඇති කර ගන්නා ලද ගැටුමක ප්‍රතිපලයක් ලෙස රත්නායක පරපුරේ උපුල් රත්නායක කපු මහතාට දේවාලයේ දී පහර දුන්නේයැයි කියන ආරාපක්ෂ පරපුරේ ගයාන් ආරාපක්ෂ කපු මහතා තිස්සමහාරාම මහේස්ත්‍රාත් තරිඳු සමිර සිල්වා මහතා රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හරින්නැයි නියෝග කළේය. 02 July 2024
‘ ජනපති යටතේ ජාතික ආණ්ඩුවකට සහාය නෑ‘ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට කිසිසේත් සහාය නොදීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ. 02 July 2024
ව්‍යාජ ලිපියක් ගැන දැනුම්දීමක් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් නිකුත් කළ බවට හැඟවෙන ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කරන ලද දැනට සමාජ මාධ්‍යවල සංසරණය වන ව්‍යාජ ලිපියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. 02 July 2024
ණය තිරසර බව ස්ථිරයි ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය ළඟාකර ගැනීම සඳහා පැවති අවිනිශ්චිතතාවයන් සියල්ල මේ වන විට ඉවත්ව ගොස් තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය. 02 July 2024
උඩරට පාරේ මාස 6ට කෝච්චි 11ක් පීලි පැනලා 2024 වසරේ ගෙවීගිය මාස හයක කාලය තුළ උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය පිලී පැනීම් 11 ක් පමණ සිදුව ඇති බවත්ල පසුගිය ජුනි මස පමණක් හතරවතාවක් දුම්රිය පීලි පැනීමට ලක්ව ඇතැයි දුම්රිය මගීහු කියති. 02 July 2024
රට හරි පාරේ යන විට ඇඟේ ඉත්තෑවො දුවන්නේ ඇයි? ආණ්ඩුව රට වෙනුවෙන් නිවැරදි ප්රතිපත්තියකින් ඉදිරියට යන විට විවේචකයන් බලය වෙනුවෙන් දිනෙන් දින විවිධ අභූත කථා නිර්මාණය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද(2)පැවසීය. 02 July 2024
පුනර්ජනනීය බල ශක්තිය මිල දී ගැනීමේ ගාස්තු සංශෝධනයට සම්මත විදුලිය මිල දී ගැනීමේ ගිවිසුම යටතේ පුනර්ජනනීය බල ශක්තිය මිල දී ගැනීමේ ගාස්තු සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 02 July 2024
ලාෆ් ගෑස් මිල වෙනස් නොවේ ලාෆ් ගෘහස්ථ ගෑස් මිලේ වෙනසක් මෙම මස තුළ නොවන බව ලාෆ් ගෑස් සමාගම අද (2) පස්වරුවේ පැවසීය. 02 July 2024
පැතිබැම්මක් කඩා වැටි අයෙක් මරුට මීරිගම දංඕවිට පාරේ නිවසක ඉදිකිරීම් කටයුතුවල යෙදී සිටියදී ඒ අසල තිබූ පැතිබැම්මක් කඩා වැටීමෙන් යටවූ පුද්ගලයකු මීරිගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි මීරිගම පොලීසිය කියයි . 02 July 2024
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය පිලී පැනීමක් මුහුදුබඩ මාර්ගයේ පානදුර දුම්රිය ස්ථානය හා වාද්දූව දුම්රිය ස්ථාන අතර මගීන් රහිත අළුත්වැඩියා කටයුතු කිරීමට සඳහා ධාවනය වූ දුම්රියක් පීලි පැනීමකට ලක්ව ඇත. 02 July 2024
ඇමරිකාවෙන් දෙන ප්‍රදානයක් වැඩි කරයි ඇමෙරිකා එක්සත් ජනපද රජය සමඟ අත්සන් කරන ලද සහයෝගිතා ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 02 July 2024
නියාමක කඩු සමග මාට්ටු මඩකළපුව බන්ධනාගාරය තුළට මත්ද්‍රව්‍ය රැගෙන ගිය එම බන්ධනාගාරයේ නියාමකවරයකු අත්අඩංගුවට ගත් බව මඩකලපුව පොලිසිය පවසයි. 02 July 2024
’’පාසල් වෑන් ගාස්තු අඩු කරන්න බෑ’’ පාසල් ළමුන් ප්‍රවාහනය තවදුරටත් සිදුකරගෙන යාමට ණය මුදලක් ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය ප්‍රකාශ කරයි. 02 July 2024
රට තුළ මැතිවරණ නීතිය ක්‍රියාත්මකයි පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල්දමා තිබීම සහ එම ඡන්ද විමසීම පවත්වා අවසන් නොමැති බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ඒ වගන්තිය ප්‍රකාරව මැතිවරණ නීතිය තවමත් බලාත්මකව බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් සඳහනන් කරයි. 02 July 2024
ජනපති සම්පන්තන්ට සොව පළ කරයි ආර්.සම්පන්දන් සෑම විටම ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් නොසැලී පෙනී සිටි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 02 July 2024
පොලිසියේ 15කට ස්ථාන මාරු නියෝජ්‍ය පොලිස්පතිවරුන් 6 දෙනකු ඇතුළු උසස් නිලධාරීන් 15 දෙනකුට පොලිස් කොමිසමේ නිර්දේශ පරිදි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියෝග පරිදි ස්ථාන මාරු ලබාදී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. 02 July 2024
සම්බන්දන්ට ගෞරව කරන්න දේශපාලන සගයෝ එති දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත ආර්. සම්පන්දන් මහතාට දේශපාලඥයන් ඇතුළු විශාල පිරිසක් අද (2) අවසන් ගෞරව දැක්වූහ. 02 July 2024
ඔක්ටේන් 100 අලෙවිය ඇරඹේ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (එල්.අයි.ඕ.සී.) එම සමාගමේ ඉන්ධන පිරවුම්හල් කීපයක ඔක්ටේන් 100 පෙට්‍රල් අලෙවි කිරීම අද (2) පස්වරුවේ ආරම්භ කරන බව එල්.අයි.ඕ.සී. පවසයි. 02 July 2024
මහබාගෙට සම්පූර්ණ පොලිසියක් මහබාගේ පොලිස් ස්ථානය සඳහා ඉඩම් කොටසක් ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 02 July 2024
කාන්තාවන් ’’හයිය’’ කරන යෝජනාව අනුමතයි ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයේ කාන්තාවන් ආර්ථික වශයෙන් සවි බල ගැන්වීම වන යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 02 July 2024
මහනුවර බොරු බෝම්බයට වටවල අයෙක් මාට්ටු මහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් ඇති බවට නිර්නාමික දුරකතන ඇමැතුමක් ලබා දුන් බව කියන වටවල ප්‍රදේශයේ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 02 July 2024
ත්‍රිරෝද රියදුරා හිටිහැටියේම මිය ගිහින් බේරුවල පොලිස් ස්ථානය ඉදිරිපිට මහමග ගමන් ගන්නා ජනතාවට ගිමන් නිවා ගැනීමට සකසා ඇති ස්ථානයට ත්‍රිරෝද රථයක් පදවා පැමිණි පුද්ගලයෙකු එම ස්ථානයේදීම හිටි හැටියේ මියගොස් ඇතැයි පොලීසිය කියයි. 02 July 2024
මහනුවර අධිකරණයේ සියලු නඩු 16 වැනිදාට කල් තබයි මහනුවර අධිකරණ සංකීර්ණය තුළ ඇතිවූ බෝම්බ බිය නිසා අද (02) දිනට විභාග කිරීමට නියමිතව තිබූ සියලු නඩු කටයුතු ජූලි මස 16 වැනි දිනට කල්තබා තිබේ . 02 July 2024
ඉන්දියාවෙන් යාපනයට වතුර ඉන්දියා රජය මඟින් යාපනය දිස්ත්‍රික්කයේ වැසි ජලය රැස් කිරීමේ ටැංකි 934 ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 02 July 2024
ශ්‍රීලනිප මහලේකම් ධූරය දයාසිරිට පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයෙන් හෝ පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීම තහනම් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසට අතුරු තහනම් නියෝගයක් කොළඹ දිසා අධිකරණය අද (02)නිකුත් කළේය. 02 July 2024
ජංගම දුරකතන සොරකම් සිද්ධියකට පිහියකින් ඇනලා ජංගම දුරකථනයක් සොරකම් කිරීමේ සිද්ධියකට දණගස්වා පහර දුන්නැයි උරණ වී එම පුද්ගලයා ට පිහියෙන් ඇන ඝාතනය කර ඇතැයි මාළිගාවත්ත පොලිසිය කියයි. 02 July 2024
’’මඩ ගසා මාලිමාව වට්ටන්න බෑ’’ ගල් මුල් හෝ මඩ ගසාමාලිමාව වැට්ට විය නොහැකි බව සතුරන්ට අවධාරණය කරන්නේය යැයි ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය 02 July 2024
ඉන්දියානුවන් 12ක් මහනුවරිනුත් අල්ලයි මහනුවර දොඩම්වල හල්ලොලුව පාලම අසල හුදකලාව පිහිටි සුපිරි නිවාසයක් තුළ තරුණ ඉන්දියානු ජාතිකයන් පිරිසක් විසින් පවත්වාගෙන ගිය බවට සැකකරන පරිගණක අපරාධ මධ්‍යස්ථානයක් වටලා එම ඉන්දියානු ජාතිකයන් සහ පරිගණක ලැප්ටොප් ඇතුළු විශාල භාණ්ඩ තොගයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ . 02 July 2024
සම්බන්දන්ගේ පුටුව හිස් වුණු බව මැති සබයට දන්වයි ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර් සම්පන්දන් මහතා අභාප්‍රාප්ත වීමෙන් මන්ත්‍රී ධූරයක් පුරප්පාඩු වී ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය. 02 July 2024
හෙන්රි පේද්‍රිස් පිටිය ඉසිපතනයට දෙයි කොළඹ ඉසිපතන විද්‍යාලයීය ක්‍රීඩා කටයුතු සඳහා හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගනය පවරා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 02 July 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025