
(අංජුල මහික වීරරත්න)
ආයුර්වේද වෛද්‍ය සේවාවේ පවතින ගැටළු කිහිපයකට කඩිනමින් විසඳුම් ලබාදීමේ අරමුණින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ නිලධාරීන් අතර විශේෂ හමුවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
ආයුර්වේද වෛද්‍ය සේවා පනතක් ස්ථාපිත කිරීම, ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය තුළ දේශීය වෛද්‍ය ක්‍රමය විධිමත්ව ස්ථාපිත කිරීම, ආයුර්වේද පනත හා ආයුර්වේද සංග්‍රහය නව සංශෝධනයකට ලක් කිරීම, මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණය සඳහා ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය සේවාව සංවර්ධනය කිරීම, රැකියා විරහිත උපාධිධාරී ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් හට රැකියා ලබාදීම, සෞඛ්‍ය චක්‍ර ලේඛනවලට අදාළව හිමි දීමනා ලබාගැනීම, ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සංවිධාන ව්‍යුහය යථාවත් කිරීම ඇතුළු රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරින්ගේ ඉල්ලීම් කිහිපයක් පිළිබඳ ව මෙහි දී සාකච්ඡා විය.
මෙරට සෞඛ්‍ය සේවාව තුළ ජනතාවට සේවා සැපයීමේ දී බටහිර වෛද්‍ය සේවාව මෙන් ම දේශීය සහ ආයුර්වේද වෛද්‍ය සේවාව මගින් ද ඉමහත් සේවාවක් ලබාදෙන බව මෙහි දී පෙන්වා දුන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සෞඛ්‍ය සේවාවේ සියළු අංශ ඇතුළත් සෞඛ්‍ය ප්‍රතිපත්තියක් සක
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය දියුණු කරන්න නම් හොර වෙද්දු පලවා හරින්න ඕනෑ.