
(උපාලි ආනන්ද)
සිව්දෙනකුට මරු කැඳවමින් 24 දෙනකුට තුවාල සිදු කරමින් කුරුණෑගල බඩගමුව තෝරයාය සිදු වූ බස් රථ අනතුර සම්බන්ධ බස් රථ දෙකේම රියැදුරන් දෙදෙනාට ඇප නියම කළ කැරුණෑගල අතිරේක මහේස්ත‍්‍රාත් නුවන් කෞෂල්‍ය මහතා සැකකරුවන් දෙදෙනාගේ රියැදුරු බලපත්‍ර නැවත දැනුම් දෙනතුරු අත්හිටුවන ලෙස මෝටර් රථ කොමසාරිස්වරයාට නියෝග කළේය.
අනුව සැකකාර රියදුරන් දෙදෙනාට වෙන් වෙන් වශයෙන් රුපියල් ලක්ෂ දෙකක් වටිනා ශරීර ඇප නියම කල අතිරේක මහේස්ත‍්‍රාත්වරයා මාර්තු මස 20 දින යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද නියෝග කළේය.
සැකකාර රියදුරන්ගේ රියදුරු බලපත‍්‍ර අත් හිටුවන නියෝගය මෝටර් රථ කොමසාරිස්වරයාට වාහාම යවන ලෙසටද අතිරේක මහේස්ත්‍රාත්වරයා අධිකරණයේ රෙජිස්ට‍්‍රාර්වරයාට නියෝග කළේය.
මෙසේ ඇප මත මුදා හැරියේ අරලගංවිල ජයමුතුගම නිශ්සංක සඳරුවන් සහ මැල්සිරිපුර දඹුල්ලේ ජී.රනිල් සංදීප නැමැති දෙදෙනෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුලක් නෑ තාවකාලික බලපත්‍රයකින් පැදවිය හැකියි