IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සංජීවට වෙඩි තැබූ බව කියන හිටපු සෙබළා රඳවා ප්‍රශ්න කරන්න අවසර

(රෝෂන් තුෂාර)

අපරාධ කල්ලි නායක ගනේමුල්ලේ සංජීවට අධිකරණයේදී වෙඩි තැබූ හිටපු කොමන්ඩො සෙබළ  සැකකරු හා ඔහුගේ රියදුරු දින 90ක් පොලිස් භාරයේ රඳවා ප්‍රශ්න කිරීමට  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්  තනුජා ලක්මාලි මහත්මිය කොළඹ අපරාධ කොට්ඨාසයට අද(24)අවසර ලබා දුන්නාය.

සැකකරුවන් පැය 72 ක් රඳවා ප්‍රශ්න කළ බවත්,තවදුරටත් විමර්ශන සිදු කරන හෙයින් ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් පරිදි දින අනූවක් රඳවා ප්‍රශ්න කිරීමට නියෝග ලබාගෙන ඇති බවටත් කොළඹ අපරාධ කොට්ඨාසය කළ කරුණු දැක්වීම්වලින් පසුව මෙම අවසරය ලබා දුන්නාය.

සැකකාර වෙඩික්කරුට ආධාර අනුබල දෙමින් නීතිඥවරියක ලෙස අලුත් කඩේ අධිකරණ භූමියට පැමිණි සැකකාර කාන්තාවට පලායෑමට සහාය දුන්නේ යැයි කියන සැකකරුවන් තිදෙනෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

ඝාතනයට ලක් වූ ගනේමුල් ලේ සංජීව සම්බන්ධයෙන්  මරණ පරීක්ෂණ සාක්ෂි විභාගය ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ අද උදෑසන පැවැති අතර ඉන් අනතුරුව මෙම නියෝග නිකුත් කෙරිණි.

 



අදහස් (1)

සංජීවට වෙඩි තැබූ බව කියන හිටපු සෙබළා රඳවා ප්‍රශ්න කරන්න අවසර

fairoos Monday, 24 February 2025 06:35 PM

ආයුධ පෙන්නන්න එක්කන් යනවා නම් මාංචු පිටින්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site