
(ඩි.ජි. සුගතපාල)
නිදන කාමරයේ මෙට්ටය තුල ගිනි අවි උණ්ඩ සහ කඩු සඟවා ගෙන සිටියදි අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද කාන්තාව 28 වනදින දක්වා රිමාන්ඩ් කිරිමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ මහත්මිය අද නියෝග කළාය.
මෙසේ රිමාන්ඩ් කරනු ලැබුවේ හබරාදුව හරුමල්ගොඩ වැල්ලගෙවත්ත පදිංචි දිනුෂිකා සෙව්වන්දි නමැති 27 හැවිරිදි කාන්තාවකි.
පොලිසියට ලද තොරතුරක් අනුව පොලිස් නිලධාරින් කණ්ඩායමක් ගොස් නිවස පරික්ෂා කිරිමේදි ඇයගේ නිදන මෙට්ටය තුල සගවා තිබු මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක්,විදේශිය රටක නිෂ්පාදිත රිවෝල්වරයක් මිලි මිටර් 09 උණ්ඩ 02ක් සහ කඩු දෙකක් සොයාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd