IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


නීතීඥ වෙස්ගත් කත සොයා පොලිසිය මතුගම පීරයි

(ගයාන් සූරියආරච්චි)

මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු බව කියන ගනේමුල්ල සංජීව නැමැත්තා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැඟවී සිටින සැකකාරිය සොයා පොලිසියේ 100 ට අධික නිලධාරීන් පිරිසක් මතුගම, අගලවත්ත, හොරවල, යටදොළ, නෑබඩ, වෑත්තෑව ඇතුළු ප්‍රදේශ කීපයක සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.

ඒ  අනුව කොළඹ අපරාධ කොට්ඨාසය, පොලිස් විශේෂ කාර්ය බළකාය, බුද්ධි නිලධාරීන්, පොලිස් මහජන ආරක්ෂණ කළමනාකරණ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කරති.

පොලිසිය මෙතෙක් සිදුකළ විමර්ශනවලදී සැකකාරිය මතුගම ප්‍රදේශයට අවසන්වරට පැමිණ තිබූ බවට බුද්ධි තොරතුරු අනුව අනාවණය වී තිබුණි.

එමෙන්ම එම සැකකාරියගේ නවතම ඡායාරූප කීපයක් ද පොලිස් විමර්ශනවලින් අනාවරණය කරගෙන තිබූ අතර එම ඡායාරූප ද මාධ්‍ය වෙත යොමුකර ඇත.

කෙසේ වෙතත් සැකකාරිය පිළිබදව නිවැරැදි තොරතුරක් ලබාදෙන අයකුට පොලිස් ත්‍යාග අරමුදලෙන් වටිනා මුදල් ත්‍යාගයක් ලබා දෙන බවද ඉකුත් දා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

තොරතුරු ලබාදෙන පුද්ගලයන්ගේ රහස්‍ය භාවය ආරක්ෂා කරන බවද පොලිසිය පවසයි.

ඇය පිළිබදව තොරතුරක් ඇත්නම් කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ 0718591727 සහ ස්ථානාධිපති 0718591735 යන දුරකතන අංකවලට අමතන ලෙස පොලිසිය ඉල්ලා සිටියි.

ගනේමුල්ල සංජීව නැමැත්තා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේවන විට සැකකරුවන් 8 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක්ද ඒ අතර වෙති.

එම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.



අදහස් (4)

නීතීඥ වෙස්ගත් කත සොයා පොලිසිය මතුගම පීරයි

අයියෝ සාමි Monday, 24 February 2025 05:04 PM

හැමෝගෙම ෆයිල් තියෙනවා. මේක විතරක් මිසින්. පැලවත්තේ හාදයෙක් කිව්වේ..!

:       27       26

සංක්‍රාන්ති භූමි Monday, 24 February 2025 05:26 PM

මෙයාගේ පෙනුම, හසානා සේගු ඉසදීන් වගේ !

:       4       20

kamal koyrala Monday, 24 February 2025 06:06 PM

වටලන ස්ථාන දැනුම් දීම හොඳයි... තව කාලයකට මාරු වෙන්න පුළුවන්.

:       0       9

සෙනෙවිරත්න Monday, 24 February 2025 06:50 PM

අයියෝ සාමිලා කතිරේ ගහපු සෙට් එක තමයි, මේ පාතාලේ ගෝඩ් ෆාදර්ල නඩත්තු කළේ. ඔවුන් දැන් බබ්බු වෙලා පාතාලය මාස හතරකින් හැදිච්චි දෙයක් වගේ නන් දොඩවනවා. කමක් නැහැ මීළඟ පරාජය ලැබුවාම විපක්ෂයේ අයට තේරෙයි ජනතාව කොතරම් විපක්ෂය එපා කියන හැටි...!

:       13       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 702 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site